1. 16. 12.
12. අත්‌තානුදිට්‌ඨිප්පහාන සූත්‍රය
167. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
ඉක්බිති එක්තරා භික්‍ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය. ස්වාමීනි, කෙසේ දන්නහුගේ කෙසේ දක්නහුගේ ආත්ම දෘෂ්ටිය ප්‍රහීණවේද?,
“මහණ, ඇස අනාත්ම වශයෙන් දන්නහුගේ දක්නහුගේ ආත්ම දෘෂ්ටිය ප්‍රහීණවේ. රූපය අනාත්ම වශයෙන් දන්නහුගේ දක්නහුගේ ආත්ම දෘෂ්ටිය ප්‍රහීණවේ. චක්ඛු විඤ්ඤාණය අනාත්ම වශයෙන් දන්නහුගේ දක්නහුගේ ආත්ම දෘෂ්ටිය ප්‍රහීණවේ. චක්ඛු සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ දක්නහුගේ ආත්ම දෘෂ්ටිය ප්‍රහීණවේ. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනාත්ම වශයෙන් දන්නහුගේ දක්නහුගේ ආත්ම දෘෂ්ටිය ප්‍රහීණවේ.
“මහණ, කන අනාත්ම වශයෙන් දන්නහුගේ දක්නහුගේ ආත්ම දෘෂ්ටිය ප්‍රහීණවේ. ශබ්දයන් අනාත්ම වශයෙන් දන්නහුගේ දක්නහුගේ ආත්ම දෘෂ්ටිය ප්‍රහීණවේ. සෝත විඤ්ඤාණය අනාත්ම වශයෙන් දන්නහුගේ දක්නහුගේ ආත්ම දෘෂ්ටිය ප්‍රහීණවේ. සෝත සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ දක්නහුගේ ආත්ම දෘෂ්ටිය ප්‍රහීණවේ. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනාත්ම වශයෙන් දන්නහුගේ දක්නහුගේ ආත්ම දෘෂ්ටිය ප්‍රහීණවේ. “මහණ, නාසය අනාත්ම වශයෙන් දන්නහුගේ දක්නහුගේ ආත්ම දෘෂ්ටිය ප්‍රහීණවේ. ගන්‍ධයන් අනාත්ම වශයෙන් දන්නහුගේ දක්නහුගේ ආත්ම දෘෂ්ටිය ප්‍රහීණවේ. ඝාණ විඤ්ඤාණය අනාත්ම වශයෙන් දන්නහුගේ දක්නහුගේ ආත්ම දෘෂ්ටිය ප්‍රහීණවේ. ඝාණ සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ දක්නහුගේ ආත්ම දෘෂ්ටිය ප්‍රහීණවේ. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනාත්ම වශයෙන් දන්නහුගේ දක්නහුගේ ආත්ම දෘෂ්ටිය ප්‍රහීණවේ. “මහණ, දිව අනාත්ම වශයෙන් දන්නහුගේ දක්නහුගේ ආත්ම දෘෂ්ටිය ප්‍රහීණවේ. රසයන් අනාත්ම වශයෙන් දන්නහුගේ දක්නහුගේ ආත්ම දෘෂ්ටිය ප්‍රහීණවේ. ජිව්හා විඤ්ඤාණය අනාත්ම වශයෙන් දන්නහුගේ දක්නහුගේ ආත්ම දෘෂ්ටිය ප්‍රහීණවේ. ජිව්හා සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ දක්නහුගේ ආත්ම දෘෂ්ටිය ප්‍රහීණවේ. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනාත්ම වශයෙන් දන්නහුගේ දක්නහුගේ ආත්ම දෘෂ්ටිය ප්‍රහීණවේ. “මහණ, කය අනාත්ම වශයෙන් දන්නහුගේ දක්නහුගේ ආත්ම දෘෂ්ටිය ප්‍රහීණවේ. ස්පර්‍ශයන් අනාත්ම වශයෙන් දන්නහුගේ දක්නහුගේ ආත්ම දෘෂ්ටිය ප්‍රහීණවේ. කාය විඤ්ඤාණය අනාත්ම වශයෙන් දන්නහුගේ දක්නහුගේ ආත්ම දෘෂ්ටිය ප්‍රහීණවේ. කාය සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ දක්නහුගේ ආත්ම දෘෂ්ටිය ප්‍රහීණවේ. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනාත්ම වශයෙන් දන්නහුගේ දක්නහුගේ ආත්ම දෘෂ්ටිය ප්‍රහීණවේ. “මහණ, සිත අනාත්ම වශයෙන් දන්නහුගේ දක්නහුගේ ආත්ම දෘෂ්ටිය ප්‍රහීණවේ. ධර්‍මයන් අනාත්ම වශයෙන් දන්නහුගේ දක්නහුගේ ආත්ම දෘෂ්ටිය ප්‍රහීණවේ. මනෝ විඤ්ඤාණය අනාත්ම වශයෙන් දන්නහුගේ දක්නහුගේ ආත්ම දෘෂ්ටිය ප්‍රහීණවේ. මනෝ සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ දක්නහුගේ ආත්ම දෘෂ්ටිය ප්‍රහීණවේ. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනාත්ම වශයෙන් දන්නහුගේ දක්නහුගේ ආත්ම දෘෂ්ටිය ප්‍රහීණවේ. “මහණ මෙසේ වනාහි දන්නහුගේ මෙසේ දක්නහුගේ ආත්ම දෘෂ්ටිය ප්‍රහීණ වේයයි, (වදාළ සේක.)
නන්‍දික්‍ෂය වර්‍ගය නිමි.
එහි උද්දානය:
නන්දික්ඛය සූත්‍ර සතරෙකි. ජීවකම්බවන සූත්‍ර දෙකෙකි. කොට්ඨිත තෙරුන්ට වදාළ සූත්‍ර තුනෙකි. මිච්ඡා, සක්කාය, අත්තානුදිට්ඨි යන සූත්‍ර තුනෙකි.
17. සට්ඨි පෙය්‍යාලො (පෙය්‍යාල සැට)
1. 17. 1.
1. අනිච්‌ච ඡන්‌ද සූත්‍රය
168. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට, භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, යමක් අනිත්‍යද, එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. මහණෙනි, කුමක් නම් අනිත්‍යද? මහණෙනි, ඇස අනිත්‍යය. එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. කන අනිත්‍යය. එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ.නාසය අනිත්‍යය. එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. දිව අනිත්‍යය. එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. කය අනිත්‍යය.එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. සිත අනිත්‍යය. එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. මහණෙනි, යමක් අනිත්‍යද, එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතුයයි, (වදාළ සේක.)
1. 17. 2.
2. අනිච්‌චරාග සූත්‍රය
169. “මහණෙනි, යමක් අනිත්‍යද, එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. මහණෙනි, කුමක් නම් අනිත්‍යද? මහණෙනි, ඇස අනිත්‍යය. එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. කන අනිත්‍යය. එහි තොපගේ රාගය දුරුකටයුතු වේ.නාසය අනිත්‍යය. එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. දිව අනිත්‍යය. එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. කය අනිත්‍යය.එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. සිත අනිත්‍යය. එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. මහණෙනි, යමක් අනිත්‍යද, එහි තොපගේ රාගය දුරුකටයුතු වේයයි, (වදාළ සේක.)
1. 17. 3.
3. අනිච්‌ච ඡන්‌දරාග සූත්‍රය
170. “මහණෙනි, යමක් අනිත්‍යද, එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. මහණෙනි, කුමක් නම් අනිත්‍යද? මහණෙනි, ඇස අනිත්‍යය. එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. කන අනිත්‍යය. එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ.නාසය අනිත්‍යය. එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. දිව අනිත්‍යය. එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. කය අනිත්‍යය.එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. සිත අනිත්‍යය. එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. මහණෙනි, යමක් අනිත්‍යද, එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේයයි, (වදාළ සේක.)
1. 17. 4-6.
4-6. දුක්ඛඡන්දාදි සූත්‍ර
171-173. “මහණෙනි, යමක් දුකද, එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. මහණෙනි, කුමක් නම් දුකද? මහණෙනි, ඇස දුකය. එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. කන දුකය. එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ.නාසය දුකය. එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. දිව දුකය. එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. කය දුකය. එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. සිත දුකය. එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. මහණෙනි, යමක් දුකද, එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේය”යි (වදාළ සේක.) “මහණෙනි, යමක් දුකද, එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. මහණෙනි, කුමක් නම් දුකද? මහණෙනි, ඇස දුකය. එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. කන දුකය. එහි තොපගේ රාගය දුරුකටයුතු වේ.නාසය දුකය. එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. දිව දුකය. එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. කය දුකය. එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. සිත දුකය. එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. මහණෙනි, යමක් දුකද, එහි තොපගේ රාගය දුරුකටයුතු වේය”යි (වදාළ සේක.) “මහණෙනි, යමක් දුකද, එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. මහණෙනි, කුමක් නම් දුකද? මහණෙනි, ඇස දුකය. එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. කන දුකය. එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. නාසය දුකය. එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. දිව දුකය. එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. කය දුකය. එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. සිත දුකය. එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. මහණෙනි, යමක් දුකද, එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේය”යි (වදාළ සේක.)