1. 16. 1.
1. අජ්‌ඣත්‌තනන්‌දික්‌ඛය අනිච්ච සූත්‍රය
156. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, භික්‍ෂුතෙම අනිත්‍යවූම ඇස අනිත්‍යයයි දකියි. එය ඔහුගේ යහපත්කොට දැකීම වෙයි. යහපත්ව දක්නේ කලකිරෙයි. තෘෂ්ණාව ක්‍ෂයකිරීමෙන් රාගය ක්‍ෂය වේ. රාගය ක්‍ෂය කිරීමෙන් තෘෂ්ණාව ක්‍ෂය වේ. තෘෂ්ණා රාග දෙක නැසීමෙන් සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේ. “මහණෙනි, භික්‍ෂුතෙම අනිත්‍යවූම කන අනිත්‍යයයි දකියි. එය ඔහුගේ යහපත්කොට දැකීම වෙයි. යහපත්ව දක්නේ කලකිරෙයි. තෘෂ්ණාව ක්‍ෂයකිරීමෙන් රාගය ක්‍ෂය වේ. රාගය ක්‍ෂය කිරීමෙන් තෘෂ්ණාව ක්‍ෂය වේ. තෘෂ්ණා රාග දෙක නැසීමෙන් සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේ. “මහණෙනි, භික්‍ෂුතෙම අනිත්‍යවූම නාසය අනිත්‍යයයි දකියි. එය ඔහුගේ යහපත්කොට දැකීම වෙයි. යහපත්ව දක්නේ කලකිරෙයි. තෘෂ්ණාව ක්‍ෂයකිරීමෙන් රාගය ක්‍ෂය වේ. රාගය ක්‍ෂය කිරීමෙන් තෘෂ්ණාව ක්‍ෂය වේ. තෘෂ්ණා රාග දෙක නැසීමෙන් සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේ. “මහණෙනි, භික්‍ෂුතෙම අනිත්‍යවූම දිව අනිත්‍යයයි දකියි. එය ඔහුගේ යහපත්කොට දැකීම වෙයි. යහපත්ව දක්නේ කලකිරෙයි. තෘෂ්ණාව ක්‍ෂයකිරීමෙන් රාගය ක්‍ෂය වේ. රාගය ක්‍ෂය කිරීමෙන් තෘෂ්ණාව ක්‍ෂය වේ. තෘෂ්ණා රාග දෙක නැසීමෙන් සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේ. “මහණෙනි, භික්‍ෂුතෙම අනිත්‍යවූම කය අනිත්‍යයයි දකියි. එය ඔහුගේ යහපත්කොට දැකීම වෙයි. යහපත්ව දක්නේ කලකිරෙයි. තෘෂ්ණාව ක්‍ෂයකිරීමෙන් රාගය ක්‍ෂය වේ. රාගය ක්‍ෂය කිරීමෙන් තෘෂ්ණාව ක්‍ෂය වේ. තෘෂ්ණා රාග දෙක නැසීමෙන් සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේ. “මහණෙනි, භික්‍ෂුතෙම අනිත්‍යවූම සිත අනිත්‍යයයි දකියි. එය ඔහුගේ යහපත්කොට දැකීම වෙයි. යහපත්ව දක්නේ කලකිරෙයි. තෘෂ්ණාව ක්‍ෂයකිරීමෙන් රාගය ක්‍ෂය වේ. රාගය නැසීමෙන් තෘෂ්ණාව නැසේ. නන්‍දි රාග දෙදෙනාගේ නැසීමෙන් සිත මනාසේ මිදුනේයයි, කියනු ලැබේයයි, (වදාළ සේක.)
1. 16. 2.
2. බාහිද්ධානන්‌දික්‌ඛය අනිච්ච සූත්‍රය
157. “මහණෙනි, භික්‍ෂුතෙම අනිත්‍යවූම රූපයන් අනිත්‍යයයි දකියි. එය ඔහුගේ යහපත්කොට දැකීම වෙයි. යහපත්ව දක්නේ කලකිරෙයි. තෘෂ්ණාව නැසීමෙන් රාගය නැසේ. රාගය නැසීමෙන් තෘෂ්ණාව නැසේ. තෘෂ්ණා රාග දෙදෙනාගේ නැසීමෙන් සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේ. “මහණෙනි, භික්‍ෂුතෙම අනිත්‍යවූම ශබ්දයන් අනිත්‍යයයි දකියි. එය ඔහුගේ යහපත්කොට දැකීම වෙයි. යහපත්ව දක්නේ කලකිරෙයි. තෘෂ්ණාව නැසීමෙන් රාගය නැසේ. රාගය නැසීමෙන් තෘෂ්ණාව නැසේ. තෘෂ්ණා රාග දෙදෙනාගේ නැසීමෙන් සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේ. “මහණෙනි, භික්‍ෂුතෙම අනිත්‍යවූම ගන්‍ධයන් අනිත්‍යයයි දකියි. එය ඔහුගේ යහපත්කොට දැකීම වෙයි. යහපත්ව දක්නේ කලකිරෙයි. තෘෂ්ණාව නැසීමෙන් රාගය නැසේ. රාගය නැසීමෙන් තෘෂ්ණාව නැසේ. තෘෂ්ණා රාග දෙදෙනාගේ නැසීමෙන් සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේ. “මහණෙනි, භික්‍ෂුතෙම අනිත්‍යවූම රසයන් අනිත්‍යයයි දකියි. එය ඔහුගේ යහපත්කොට දැකීම වෙයි. යහපත්ව දක්නේ කලකිරෙයි. තෘෂ්ණාව නැසීමෙන් රාගය නැසේ. රාගය නැසීමෙන් තෘෂ්ණාව නැසේ. තෘෂ්ණා රාග දෙදෙනාගේ නැසීමෙන් සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේ. “මහණෙනි, භික්‍ෂුතෙම අනිත්‍යවූම ස්පර්‍ශයන් (පහස්) අනිත්‍යයයි දකියි. එය ඔහුගේ යහපත්කොට දැකීම වෙයි. යහපත්ව දක්නේ කලකිරෙයි. තෘෂ්ණාව නැසීමෙන් රාගය නැසේ. රාගය නැසීමෙන් තෘෂ්ණාව නැසේ. තෘෂ්ණා රාග දෙදෙනාගේ නැසීමෙන් සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේ. “මහණෙනි, භික්‍ෂුතෙම අනිත්‍යවූම ධර්‍මයන් අනිත්‍යයයි දකියි. එය ඔහුගේ යහපත්කොට දැකීම වෙයි. යහපත්ව දක්නේ කලකිරෙයි. තෘෂ්ණාව නැසීමෙන් රාගය නැසේ. රාගය නැසීමෙන් තෘෂ්ණාව නැසේ. තෘෂ්ණා රාග දෙදෙනාගේ නැසීමෙන් සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේයයි, (වදාළ සේක.)
1. 16. 3.
3. අජ්‌ඣත්‌ත නන්‌දික්‌ඛයයොනිසො සූත්‍රය
158. “මහණෙනි, ඇස නුවණින් මෙනෙහි කරව්. ඇස පිළිබඳ අනිත්‍ය බව තත්වූ පරිද්දෙන් මනාකොට බලව්. මහණෙනි, භික්‍ෂුතෙම ඇස නුවණින් මෙනෙහි කරන්නේ ඇස පිළිබඳ අනිත්‍ය බවද, තත්වූ පරිද්දෙන් මනාකොට බලන්නේ ඇස කෙරෙහිද කලකිරෙයි. තෘෂ්ණාව නැසීමෙන් රාගය නැසේ. රාගය නැසීමෙන් තෘෂ්ණාව නැසේ. තෘෂ්ණා රාග දෙදෙනාගේ නැසීමෙන් සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේ.
“මහණෙනි, කන නුවණින් මෙනෙහි කරව්. කන පිළිබඳ අනිත්‍ය බවද තත්වූ පරිද්දෙන් මනාකොට බලව්. මහණෙනි, භික්‍ෂුතෙම කන නුවණින් මෙනෙහි කරන්නේ කන පිළිබඳ අනිත්‍ය බවද, තත්වූ පරිද්දෙන් මනාකොට බලන්නේ කන කෙරෙහිද කලකිරෙයි. තෘෂ්ණාව නැසීමෙන් රාගය නැසේ. රාගය නැසීමෙන් තෘෂ්ණාව නැසේ. තෘෂ්ණා රාග දෙදෙනාගේ නැසීමෙන් සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේ. “මහණෙනි, නාසය නුවණින් මෙනෙහි කරව්. නාසය පිළිබඳ අනිත්‍ය බව තත්වූ පරිද්දෙන් මනාකොට බලව්. මහණෙනි, භික්‍ෂුතෙම නාසය නුවණින් මෙනෙහි කරන්නේ නාසය පිළිබඳ අනිත්‍ය බවද, තත්වූ පරිද්දෙන් මනාකොට බලන්නේ නාසය කෙරෙහිද කලකිරෙයි. තෘෂ්ණාව නැසීමෙන් රාගය නැසේ. රාගය නැසීමෙන් තෘෂ්ණාව නැසේ. තෘෂ්ණා රාග දෙදෙනාගේ නැසීමෙන් සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේ. “මහණෙනි, දිව නුවණින් මෙනෙහි කරව්. දිව පිළිබඳ අනිත්‍ය බව තත්වූ පරිද්දෙන් මනාකොට බලව්. මහණෙනි, භික්‍ෂුතෙම දිව නුවණින් මෙනෙහි කරන්නේ දිව පිළිබඳ අනිත්‍ය බවද, තත්වූ පරිද්දෙන් මනාකොට බලන්නේ දිව කෙරෙහිද කලකිරෙයි. තෘෂ්ණාව නැසීමෙන් රාගය නැසේ. රාගය නැසීමෙන් තෘෂ්ණාව නැසේ. තෘෂ්ණා රාග දෙදෙනාගේ නැසීමෙන් සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේ.
“මහණෙනි, කය නුවණින් මෙනෙහි කරව්. කය පිළිබඳ අනිත්‍ය බව තත්වූ පරිද්දෙන් මනාකොට බලව්. මහණෙනි, භික්‍ෂුතෙම කය නුවණින් මෙනෙහි කරන්නේ කය පිළිබඳ අනිත්‍ය බවද, තත්වූ පරිද්දෙන් මනාකොට බලන්නේ කය කෙරෙහිද කලකිරෙයි. තෘෂ්ණාව නැසීමෙන් රාගය නැසේ. රාගය නැසීමෙන් තෘෂ්ණාව නැසේ. තෘෂ්ණා රාග දෙදෙනාගේ නැසීමෙන් සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේ. “මහණෙනි, සිත නුවණින් මෙනෙහි කරව්. සිත පිළිබඳ අනිත්‍ය බව තත්වූ පරිද්දෙන් මනාකොට බලව්. මහණෙනි, භික්‍ෂුතෙම සිත නුවණින් මෙනෙහි කරන්නේ සිත පිළිබඳ අනිත්‍ය බවද, තත්වූ පරිද්දෙන් මනාකොට බලන්නේ සිත කෙරෙහිද කලකිරෙයි. තෘෂ්ණාව නැසීමෙන් රාගය නැසෙයි. රාගය නැසීමෙන් තෘෂ්ණාව නැසේ. තෘෂ්ණා රාග දෙදෙනාගේ නැසීමෙන් සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේයයි, (වදාළ සේක.)
1. 16. 4.
4. බාහිර නන්‌දික්‌ඛයයොනිසො සූත්‍රය
159. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, රූපයන් නුවණින් මෙනෙහි කරව්. රූපයන්ගේ අනිත්‍ය බවද තත්වූ පරිද්දෙන් මනාකොට බලව්. මහණෙනි, භික්‍ෂුතෙම රූපයන් මෙනෙහි කරන්නේ රූපයන්ගේ අනිත්‍ය බවද, තත්වූ පරිද්දෙන් මනාකොට බලන්නේ රූපයන්හි කලකිරෙයි. තෘෂ්ණාව නැසීමෙන් රාගය නැසේ. රාගය නැසීමෙන් තෘෂ්ණාව නැසේ. තෘෂ්ණා රාග දෙදෙනාගේ නැසීමෙන් සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේ.
“මහණෙනි, ශබ්දයන් නුවණින් මෙනෙහි කරව්. ශබ්දයන්ගේ අනිත්‍ය බවද තත්වූ පරිද්දෙන් මනාකොට බලව්. මහණෙනි, භික්‍ෂුතෙම ශබ්දයන් නුවණින් මෙනෙහි කරන්නේ ශබ්දයන්ගේ අනිත්‍ය බවද, තත්වූ පරිද්දෙන් මනාකොට බලන්නේ ශබ්දයන්හි කලකිරෙයි. තෘෂ්ණාව නැසීමෙන් රාගය නැසේ. රාගය නැසීමෙන් තෘෂ්ණාව නැසේ. තෘෂ්ණා රාග දෙදෙනාගේ නැසීමෙන් සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේ. “මහණෙනි, ගන්‍ධයන් නුවණින් මෙනෙහි කරව්. ගන්‍ධයන්ගේ අනිත්‍ය බවද තත්වූ පරිද්දෙන් මනාකොට බලව්. මහණෙනි, භික්‍ෂුතෙම ගන්‍ධයන් නුවණින් මෙනෙහි කරන්නේ ගන්‍ධයන්ගේ අනිත්‍ය බැව්ද, තත්වූ පරිද්දෙන් මනාකොට බලන්නේ ගන්‍ධයන්හි කලකිරෙයි. තෘෂ්ණාව නැසීමෙන් රාගය නැසේ. රාගය නැසීමෙන් තෘෂ්ණාව නැසේ. තෘෂ්ණා රාග දෙදෙනාගේ නැසීමෙන් සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේ. “මහණෙනි, රසයන් නුවණින් මෙනෙහි කරව්. රසයන්ගේ අනිත්‍ය බවද තත්වූ පරිද්දෙන් මනාකොට බලව්. මහණෙනි, භික්‍ෂුතෙම රසයන් නුවණින් මෙනෙහි කරන්නේ රසයන්ගේ අනිත්‍ය බැව්ද, තත්වූ පරිද්දෙන් මනාකොට බලන්නේ රසයන්හි කලකිරෙයි. තෘෂ්ණාව නැසීමෙන් රාගය නැසේ. රාගය නැසීමෙන් තෘෂ්ණාව නැසේ. තෘෂ්ණා රාග දෙදෙනාගේ නැසීමෙන් සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේ. “මහණෙනි, ස්පර්‍ශයන් (පහස්) නුවණින් මෙනෙහි කරව්. ස්පර්‍ශයන්ගේ (පහස්හි) අනිත්‍ය බවද තත්වූ පරිද්දෙන් මනාකොට බලව්. මහණෙනි, භික්‍ෂුතෙම ස්පර්‍ශයන් (පහස්) නුවණින් මෙනෙහි කරන්නේ ස්පර්‍ශයන්ගේ (පහස්හි) අනිත්‍ය බැව්ද, තත්වූ පරිද්දෙන් මනාකොට බලන්නේ ස්පර්‍ශයන්හි (පහස්) කලකිරෙයි. තෘෂ්ණාව නැසීමෙන් රාගය නැසේ. රාගය නැසීමෙන් තෘෂ්ණාව නැසේ. තෘෂ්ණා රාග දෙදෙනාගේ නැසීමෙන් සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේ. “මහණෙනි, ධර්‍මයන් නුවණින් මෙනෙහි කරව්. ධර්‍මයන්ගේ අනිත්‍ය බැව්ද තත්වූ පරිද්දෙන් මනාකොට බලව්. මහණෙනි, භික්‍ෂුතෙම ධර්‍මයන් නුවණින් මෙනෙහි කරන්නේ ධර්‍මයන්ගේ අනිත්‍ය බැව්ද තත්වූ පරිද්දෙන් මනාකොට බලන්නේ ධර්‍මයන්හි කලකිරෙයි. තෘෂ්ණාව නැසීමෙන් රාගය නැසේ. රාගය නැසීමෙන් තෘෂ්ණාව නැසේ. තෘෂ්ණා රාග දෙදෙනාගේ නැසීමෙන් සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේයයි, (වදාළ සේක.)
1. 16. 5.
5. සමාධි සූත්‍රය
160. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ජීවක නම් වෛද්‍යවරයාගේ අඹ උයනෙහි වැඩ වසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: “මහණෙනි, සමාධිය වඩව්. මහණෙනි, එකඟවූ සිත් ඇත්තාවූ භික්‍ෂුහට තත්වූ පරිද්දෙන් වැටහෙයි. (පෙනෙයි.) කුමක්නම් තත්වූ පරිද්දෙන් වැටහේද?