13. ගෘහපති වර්‍ගය
1. 13. 1.
වෙසාලි සූත්‍රය
124. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ විශාලාමහනුවර අසල මහවනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි විශාලාමහනුවර වැසි උග්ග නම් ගෘහපති තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ විශාලාමහනුවර වැසි උග්ග නම් ගෘහපති තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. “ස්වාමිනි, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් සත්‍වයෝ මේ ආත්මයෙහිම නොපිරිනිවෙත්ද, ඊට හේතු කවරේද, ප්‍රත්‍ය කවරේද, මේ ලෝකයෙහි ඇතැම් සත්‍ව කෙනෙක් මේ ආත්මයෙහිම පිරිනිවෙත්ද, ඊට හේතු කවරේද, ප්‍රත්‍ය කවරේද?,
“ගෘහපතිය, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, රූප ඇත්තාහ. ඉදින් මහණතෙම එය පතාද, එය ප්‍රියයයි කියයිද, එහි ගැලී සිටීද, එය පතන, එය ප්‍රියයයි කියන, එහි ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කලේ, එය උපාදාන කොට ඇත්තේ වෙයි. ගෘහපතිය, උපාදාන සහිතවූ මහණතෙම නොපිරිනිවෙයි.
“ගෘහපතිය, සෝතවිඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, ශබ්ද ඇත්තාහ. ඉදින් මහණතෙම එය පතාද, එය ප්‍රියයයි කියයිද, එහි ගැලී සිටීද, එය පතන, එය ප්‍රියයයි කියන, එහි ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කලේ, එය උපාදාන කොට ඇත්තේ වෙයි. ගෘහපතිය, උපාදාන සහිතවූ මහණතෙම නොපිරිනිවෙයි. “ගෘහපතිය, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, ගන්‍ධ ඇත්තාහ. ඉදින් මහණතෙම එය පතාද, එය ප්‍රියයයි කියයිද, එහි ගැලී සිටීද, එය පතන, එය ප්‍රියයයි කියන, එහි ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කලේ, එය උපාදාන කොට ඇත්තේ වෙයි. ගෘහපතිය, උපාදාන සහිතවූ මහණතෙම නොපිරිනිවෙයි. “ගෘහපතිය, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, රස ඇත්තාහ. ඉදින් මහණතෙම එය පතාද, එය ප්‍රියයයි කියයිද, එහි ගැලී සිටීද, එය පතන, එය ප්‍රියයයි කියන, එහි ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කලේ, එය උපාදාන කොට ඇත්තේ වෙයි. ගෘහපතිය, උපාදාන සහිතවූ මහණතෙම නොපිරිනිවෙයි. “ගෘහපතිය, කාය විඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, ස්පර්‍ශ ඇත්තාහ. ඉදින් මහණතෙම එය පතාද, එය ප්‍රියයයි කියයිද, එහි ගැලී සිටීද, එය පතන, එය ප්‍රියයයි කියන, එහි ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කලේ, එය උපාදාන කොට ඇත්තේ වෙයි. ගෘහපතිය, උපාදාන සහිතවූ මහණතෙම නොපිරිනිවෙයි. “ගෘහපතිය, මනෝ විඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතුවූ, ධර්‍මයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම එය පතාද, එය ප්‍රියයයි කියයිද, එහි ගැලී සිටීද, එය පතන, එය ප්‍රියයයි කියන, එහි ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කලේ, එය උපාදාන කොට ඇත්තේ වෙයි. ගෘහපතිය, උපාදාන සහිතවූ මහණතෙම නොපිරිනිවෙයි. “ගෘහපතිය, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් සත්‍වයෝ මේ ආත්මයෙහිම නොපිරිනිවෙත්ද, මේ වනාහි එයට හේතුවේ මේ ප්‍රත්‍යය වේ.
“ගෘහපතිය, චක්ඛුවිඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, රූපද ඇත්තාහ. ඉදින් මහණතෙම එය නොපතාද, එය ප්‍රියයයි නොකියාද, එහි ගැලී නොසිටීද, එය නොපතන්නාවූ, එය ප්‍රියයයි නොකියන්නාවූ, එහි ගැලී නොසිටින්නාවූ ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු නොකලේ, එය උපාදාන කොට නැත්තේ වේ. ගෘහපතිය, උපාදාන නැත්තාවූ මහණතෙම පිරිනිවෙයි.
“ගෘහපතිය, සෝත විඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, ශබ්ද ද ඇත්තාහ. ඉදින් මහණතෙම එය නොපතාද, එය ප්‍රියයයි නොකියාද, එහි ගැලී නොසිටීද, එය නොපතන්නාවූ, එය ප්‍රියයයි නොකියන්නාවූ, එහි ගැලී නොසිටින්නාවූ ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු නොකලේ, එය උපාදාන කොට නැත්තේ වේ. ගෘහපතිය, උපාදාන නැත්තාවූ මහණතෙම පිරිනිවෙයි. “ගෘහපතිය, ඝාණවිඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, ගන්‍ධ ද ඇත්තාහ. ඉදින් මහණතෙම එය නොපතාද, එය ප්‍රියයයි නොකියාද, එහි ගැලී නොසිටීද, එය නොපතන්නාවූ, එය ප්‍රියයයි නොකියන්නාවූ, එහි ගැලී නොසිටින්නාවූ ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු නොකලේ, එය උපාදාන කොට නැත්තේ වේ. ගෘහපතිය, උපාදාන නැත්තාවූ මහණතෙම පිරිනිවෙයි. “ගෘහපතිය, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, රස ද ඇත්තාහ. ඉදින් මහණතෙම එය නොපතාද, එය ප්‍රියයයි නොකියාද, එහි ගැලී නොසිටීද, එය නොපතන්නාවූ, එය ප්‍රියයයි නොකියන්නාවූ, එහි ගැලී නොසිටින්නාවූ ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු නොකලේ, එය උපාදාන කොට නැත්තේ වේ. ගෘහපතිය, උපාදාන නැත්තාවූ මහණතෙම පිරිනිවෙයි. “ගෘහපතිය, කාය විඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, ස්පර්‍ශ ද ඇත්තාහ. ඉදින් මහණතෙම එය නොපතාද, එය ප්‍රියයයි නොකියාද, එහි ගැලී නොසිටීද, එය නොපතන්නාවූ, එය ප්‍රියයයි නොකියන්නාවූ, එහි ගැලී නොසිටින්නාවූ ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු නොකලේ, එය උපාදාන කොට නැත්තේ වේ. ගෘහපතිය, උපාදාන නැත්තාවූ මහණතෙම පිරිනිවෙයි. “ගෘහපතිය, මනෝවිඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, ධර්‍මයෝ ද ඇත්තාහ. ඉදින් මහණතෙම එය නොපතාද, එය ප්‍රියයයි නොකියාද, එහි ගැලී නොසිටීද, එය නොපතන්නාවූ, එය ප්‍රියයයි නොකියන්නාවූ, එහි ගැලී නොසිටින්නාවූ ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු නොකලේ, එය උපාදාන කොට නැත්තේ වේ. ගෘහපතිය, උපාදාන නැත්තාවූ මහණතෙම පිරිනිවෙයි. “ගෘහපතිය, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් සත්‍වයෝ මේ ආත්මයෙහිම පිරිනිවෙත්ද, මේ වනාහි එයට හේතුවේ. මේ ප්‍රත්‍යය වේයයි වදාළේය.
1. 13. 2.
වජ්ජි සූත්‍රය
125. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ වැදෑරට හස්තිග්‍රාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි හස්තිග්‍රාම වැසිවූ උග්ග නම් ගෘහපති තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පසෙක හුන්නේය. එකත් පසෙක හුන්නාවූ හස්තිග්‍රාම වැසිවූ උග්ග නම් ගෘහපති තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේය. “ස්වාමිනි, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් සත්‍වයෝ මේ ආත්මයෙහිම නොපිරිනිවෙත්ද, ඊට හේතු කවරේද, ප්‍රත්‍ය කවරේද, මේ ලෝකයෙහි ඇතැම් සත්‍ව කෙනෙක් මේ ආත්මයෙහිම පිරිනිවෙත්ද, ඊට හේතු කවරේද, ප්‍රත්‍ය කවරේද?, “ගෘහපතිය, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, රූප ඇත්තාහ. ඉදින් මහණතෙම එය පතාද, එය ප්‍රියයයි කියයිද, එහි ගැලී සිටීද, එය පතන, එය ප්‍රියයයි කියන, එහි ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කලේ, එය උපාදාන කොට ඇත්තේ වෙයි. ගෘහපතිය, උපාදාන සහිතවූ මහණතෙම නොපිරිනිවෙයි. “ගෘහපතිය, සෝතවිඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, ශබ්ද ඇත්තාහ. ඉදින් මහණතෙම එය පතාද, එය ප්‍රියයයි කියයිද, එහි ගැලී සිටීද, එය පතන, එය ප්‍රියයයි කියන, එහි ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කලේ, එය උපාදාන කොට ඇත්තේ වෙයි. ගෘහපතිය, උපාදාන සහිතවූ මහණතෙම නොපිරිනිවෙයි. “ගෘහපතිය, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, ගන්‍ධ ඇත්තාහ. ඉදින් මහණතෙම එය පතාද, එය ප්‍රියයයි කියයිද, එහි ගැලී සිටීද, එය පතන, එය ප්‍රියයයි කියන, එහි ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කලේ, එය උපාදාන කොට ඇත්තේ වෙයි. ගෘහපතිය, උපාදාන සහිතවූ මහණතෙම නොපිරිනිවෙයි. “ගෘහපතිය, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, රස ඇත්තාහ. ඉදින් මහණතෙම එය පතාද, එය ප්‍රියයයි කියයිද, එහි ගැලී සිටීද, එය පතන, එය ප්‍රියයයි කියන, එහි ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කලේ, එය උපාදාන කොට ඇත්තේ වෙයි. ගෘහපතිය, උපාදාන සහිතවූ මහණතෙම නොපිරිනිවෙයි. “ගෘහපතිය, කාය විඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, ස්පර්‍ශ ඇත්තාහ. ඉදින් මහණතෙම එය පතාද, එය ප්‍රියයයි කියයිද, එහි ගැලී සිටීද, එය පතන, එය ප්‍රියයයි කියන, එහි ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කලේ, එය උපාදාන කොට ඇත්තේ වෙයි. ගෘහපතිය, උපාදාන සහිතවූ මහණතෙම නොපිරිනිවෙයි. “ගෘහපතිය, මනෝ විඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, ධර්‍මයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම එය පතාද, එය ප්‍රියයයි කියයිද, එහි ගැලී සිටීද, එය පතන, එය ප්‍රියයයි කියන, එහි ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කලේ, එය උපාදාන කොට ඇත්තේ වෙයි. ගෘහපතිය, උපාදාන සහිතවූ මහණතෙම නොපිරිනිවෙයි. “ගෘහපතිය, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් සත්‍වයෝ මේ ආත්මයෙහිම නොපිරිනිවෙත්ද, මේ වනාහි එයට හේතුවේ මේ ප්‍රත්‍යය වේ. “ගෘහපතිය, චක්ඛුවිඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, රූපද ඇත්තාහ. ඉදින් මහණතෙම එය නොපතාද, එය ප්‍රියයයි නොකියාද, එහි ගැලී නොසිටීද, එය නොපතන්නාවූ, එය ප්‍රියයයි නොකියන්නාවූ, එහි ගැලී නොසිටින්නාවූ ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු නොකලේ, එය උපාදාන කොට නැත්තේ වේ. ගෘහපතිය, උපාදාන නැත්තාවූ මහණතෙම පිරිනිවෙයි. “ගෘහපතිය, සෝත විඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, ශබ්ද ද ඇත්තාහ. ඉදින් මහණතෙම එය නොපතාද, එය ප්‍රියයයි නොකියාද, එහි ගැලී නොසිටීද, එය නොපතන්නාවූ, එය ප්‍රියයයි නොකියන්නාවූ, එහි ගැලී නොසිටින්නාවූ ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු නොකලේ, එය උපාදාන කොට නැත්තේ වේ. ගෘහපතිය, උපාදාන නැත්තාවූ මහණතෙම පිරිනිවෙයි. “ගෘහපතිය, ඝාණවිඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, ගන්‍ධ ද ඇත්තාහ. ඉදින් මහණතෙම එය නොපතාද, එය ප්‍රියයයි නොකියාද, එහි ගැලී නොසිටීද, එය නොපතන්නාවූ, එය ප්‍රියයයි නොකියන්නාවූ, එහි ගැලී නොසිටින්නාවූ ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු නොකලේ, එය උපාදාන කොට නැත්තේ වේ. ගෘහපතිය, උපාදාන නැත්තාවූ මහණතෙම පිරිනිවෙයි. “ගෘහපතිය, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, රස ද ඇත්තාහ. ඉදින් මහණතෙම එය නොපතාද, එය ප්‍රියයයි නොකියාද, එහි ගැලී නොසිටීද, එය නොපතන්නාවූ, එය ප්‍රියයයි නොකියන්නාවූ, එහි ගැලී නොසිටින්නාවූ ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු නොකලේ, එය උපාදාන කොට නැත්තේ වේ. ගෘහපතිය, උපාදාන නැත්තාවූ මහණතෙම පිරිනිවෙයි. “ගෘහපතිය, කාය විඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, ස්පර්‍ශ ද ඇත්තාහ. ඉදින් මහණතෙම එය නොපතාද, එය ප්‍රියයයි නොකියාද, එහි ගැලී නොසිටීද, එය නොපතන්නාවූ, එය ප්‍රියයයි නොකියන්නාවූ, එහි ගැලී නොසිටින්නාවූ ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු නොකලේ, එය උපාදාන කොට නැත්තේ වේ. ගෘහපතිය, උපාදාන නැත්තාවූ මහණතෙම පිරිනිවෙයි. “ගෘහපතිය, මනෝවිඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, ධර්‍මයෝ ද ඇත්තාහ. ඉදින් මහණතෙම එය නොපතාද, එය ප්‍රියයයි නොකියාද, එහි ගැලී නොසිටීද, එය නොපතන්නාවූ, එය ප්‍රියයයි නොකියන්නාවූ, එහි ගැලී නොසිටින්නාවූ ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු නොකලේ, එය උපාදාන කොට නැත්තේ වේ. ගෘහපතිය, උපාදාන නැත්තාවූ මහණතෙම පිරිනිවෙයි. “ගෘහපතිය, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් සත්‍වයෝ මේ ආත්මයෙහිම පිරිනිවෙත්ද, මේ වනාහි එයට හේතුවේ. මේ ප්‍රත්‍යය වේයයි වදාළේය.
1. 13. 3.
නාලන්‌දා සූත්‍රය
126. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ නාලන්දා නුවර පාවාරික නම් අඹ උයනෙහි වැඩ වසන සේක. එකල්හි උපාලි නම් ගෘහපති තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පසෙක හුන්නේය. එකත්පස්ව හුන්නාවූ උපාලි නම් ගෘහපති තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේය. “ස්වාමිනි, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් සත්‍වයෝ මේ ආත්මයෙහිම නොපිරිනිවෙත්ද, ඊට හේතු කවරේද, ප්‍රත්‍ය කවරේද, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් සත්‍වයෝ මේ ආත්මයෙහිම පිරිනිවෙත්ද, ඊට හේතු කවරේද, ප්‍රත්‍ය කවරේද?, “ගෘහපතිය, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, රූප ඇත්තාහ. ඉදින් මහණතෙම එය පතාද, එය ප්‍රියයයි කියයිද, එහි ගැලී සිටීද, එය පතන, එය ප්‍රියයයි කියන, එහි ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කලේ, එය උපාදාන කොට ඇත්තේ වෙයි. ගෘහපතිය, උපාදාන සහිතවූ මහණතෙම නොපිරිනිවෙයි. “ගෘහපතිය, සෝත විඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, ශබ්ද ඇත්තාහ. ඉදින් මහණතෙම එය පතාද, එය ප්‍රියයයි කියයිද, එහි ගැලී සිටීද, එය පතන, එය ප්‍රියයයි කියන, එහි ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කලේ, එය උපාදාන කොට ඇත්තේ වෙයි. ගෘහපතිය, උපාදාන සහිතවූ මහණතෙම නොපිරිනිවෙයි. “ගෘහපතිය, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, ගන්‍ධ ඇත්තාහ. ඉදින් මහණතෙම එය පතාද, එය ප්‍රියයයි කියයිද, එහි ගැලී සිටීද, එය පතන, එය ප්‍රියයයි කියන, එහි ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කලේ, එය උපාදාන කොට ඇත්තේ වෙයි. ගෘහපතිය, උපාදාන සහිතවූ මහණතෙම නොපිරිනිවෙයි. “ගෘහපතිය, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, රස ඇත්තාහ. ඉදින් මහණතෙම එය පතාද, එය ප්‍රියයයි කියයිද, එහි ගැලී සිටීද, එය පතන, එය ප්‍රියයයි කියන, එහි ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කලේ, එය උපාදාන කොට ඇත්තේ වෙයි. ගෘහපතිය, උපාදාන සහිතවූ මහණතෙම නොපිරිනිවෙයි. “ගෘහපතිය, කාය විඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, ස්පර්‍ශ ඇත්තාහ. ඉදින් මහණතෙම එය පතාද, එය ප්‍රියයයි කියයිද, එහි ගැලී සිටීද, එය පතන, එය ප්‍රියයයි කියන, එහි ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කලේ, එය උපාදාන කොට ඇත්තේ වෙයි. ගෘහපතිය, උපාදාන සහිතවූ මහණතෙම නොපිරිනිවෙයි. “ගෘහපතිය, මනෝ විඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතුවූ, ධර්‍මයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම එය පතාද, එය ප්‍රියයයි කියයිද, එහි ගැලී සිටීද, එය පතන, එය ප්‍රියයයි කියන, එහි ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කලේ, එය උපාදාන කොට ඇත්තේ වෙයි. ගෘහපතිය, උපාදාන සහිතවූ මහණතෙම නොපිරිනිවෙයි. “ගෘහපතිය, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් සත්‍වයෝ මේ ආත්මයෙහිම නොපිරිනිවෙත්ද, මේ වනාහි එයට හේතුවේ මේ ප්‍රත්‍යය වේ. “ගෘහපතිය, චක්ඛුවිඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, රූපද ඇත්තාහ. ඉදින් මහණතෙම එය නොපතාද, එය ප්‍රියයයි නොකියාද, එහි ගැලී නොසිටීද, එය නොපතන්නාවූ, එය ප්‍රියයයි නොකියන්නාවූ, එහි ගැලී නොසිටින්නාවූ ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු නොකලේ, එය උපාදාන කොට නැත්තේ වේ. ගෘහපතිය, උපාදාන නැත්තාවූ මහණතෙම පිරිනිවෙයි. “ගෘහපතිය, සෝත විඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, ශබ්ද ද ඇත්තාහ. ඉදින් මහණතෙම එය නොපතාද, එය ප්‍රියයයි නොකියාද, එහි ගැලී නොසිටීද, එය නොපතන්නාවූ, එය ප්‍රියයයි නොකියන්නාවූ, එහි ගැලී නොසිටින්නාවූ ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු නොකලේ, එය උපාදාන කොට නැත්තේ වේ. ගෘහපතිය, උපාදාන නැත්තාවූ මහණතෙම පිරිනිවෙයි. “ගෘහපතිය, ඝාණවිඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, ගන්‍ධ ද ඇත්තාහ. ඉදින් මහණතෙම එය නොපතාද, එය ප්‍රියයයි නොකියාද, එහි ගැලී නොසිටීද, එය නොපතන්නාවූ, එය ප්‍රියයයි නොකියන්නාවූ, එහි ගැලී නොසිටින්නාවූ ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු නොකලේ, එය උපාදාන කොට නැත්තේ වේ. ගෘහපතිය, උපාදාන නැත්තාවූ මහණතෙම පිරිනිවෙයි. “ගෘහපතිය, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, රස ද ඇත්තාහ. ඉදින් මහණතෙම එය නොපතාද, එය ප්‍රියයයි නොකියාද, එහි ගැලී නොසිටීද, එය නොපතන්නාවූ, එය ප්‍රියයයි නොකියන්නාවූ, එහි ගැලී නොසිටින්නාවූ ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු නොකලේ, එය උපාදාන කොට නැත්තේ වේ. ගෘහපතිය, උපාදාන නැත්තාවූ මහණතෙම පිරිනිවෙයි. “ගෘහපතිය, කාය විඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, ස්පර්‍ශ ද ඇත්තාහ. ඉදින් මහණතෙම එය නොපතාද, එය ප්‍රියයයි නොකියාද, එහි ගැලී නොසිටීද, එය නොපතන්නාවූ, එය ප්‍රියයයි නොකියන්නාවූ, එහි ගැලී නොසිටින්නාවූ ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු නොකලේ, එය උපාදාන කොට නැත්තේ වේ. ගෘහපතිය, උපාදාන නැත්තාවූ මහණතෙම පිරිනිවෙයි. “ගෘහපතිය, මනෝවිඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, ධර්‍මයෝ ද ඇත්තාහ. ඉදින් මහණතෙම එය නොපතාද, එය ප්‍රියයයි නොකියාද, එහි ගැලී නොසිටීද, එය නොපතන්නාවූ, එය ප්‍රියයයි නොකියන්නාවූ, එහි ගැලී නොසිටින්නාවූ ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු නොකලේ, එය උපාදාන කොට නැත්තේ වේ. ගෘහපතිය, උපාදාන නැත්තාවූ මහණතෙම පිරිනිවෙයි. “ගෘහපතිය, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් සත්‍වයෝ මේ ආත්මයෙහිම පිරිනිවෙත්ද, මේ වනාහි එයට හේතුවේ. මේ ප්‍රත්‍යය වේයයි වදාළේය.
1. 13. 4.
භාරද්‌වාජ සූත්‍රය
127. එක් සමයෙක්හි ආයුෂ්මත් පිණ්ඩොල භාරද්වාජ ස්ථවිරයන් වහන්සේ කොසඹෑ නුවර ඝෝසිතාරාමයෙහි වැඩවසන සේක. එකල්හි උදේන නම් රජතෙම ආයුෂ්මත් පිණ්ඩොල භාරද්වාජ ස්ථවිරතෙම යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් පිණ්ඩොල භාරද්වාජ ස්ථවිරයන් වහන්සේ සමඟ සතුටුවූයේය. සතුටුවියයුතුවූ සිහිකටයුතුවූ කථාව කොට නිමවා එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ උදේන නම් රජතෙම ආයුෂ්මත් පිණ්ඩොල භාරද්වාජ ස්ථවිරයන්ට මෙය සැල කෙළේය.
“භාරද්වාජ ස්ථවිරයන් වහන්ස, යම් හෙයකින් මේ තරුණවූ යෞවනවූ කළු හිසකේ ඇත්තා වූ යහපත් යෞවන භාවයෙන් යුක්තවූ ප්‍රථම වයසෙහි සිටියාවූ පඤ්චකාමයන්හි නොකළ ක්‍රීඩා ඇත්තාවූ භික්ෂූහු දිවිහිමියෙන් සම්පූර්‍ණකොට පිරිසිදු කොට බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙත් නම්, දිගුකලක් නොසිඳ පවත්වත් නම්, එයට හේතු කිමෙක්ද, ප්‍රත්‍යය කිමෙක්දැ යි, යනුයි.,