1. 1. 1.
1. (අධ්‍යාත්මායතන) අනිත්‍ය සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, ඇස අනිත්‍යය. යමක් අනිත්‍යය නම්, එය දුක් වේ. යමක් දුක නම්, එය අනාත්ම වේ. යමක් අනාත්ම නම්, එය, “මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි මෙසේ තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුය.
“කන අනිත්‍යය. යමක් අනිත්‍යද, එය දුක් වේ. යමක් දුකද, එය අනාත්ම වේ. යමක් අනාත්මද, එය, “මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුයි.
“නාසය අනිත්‍යය. යමක් අනිත්‍යද, එය දුක් වේ. යමක් දුකද, එය අනාත්ම වේ. යමක් අනාත්මද, එය, “මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුයි.
“දිව අනිත්‍යය. යමක් අනිත්‍යද, එය දුක් වේ. යමක් දුකද, එය අනාත්ම වේ. යමක් අනාත්මද, එය, “මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුයි.
“කය අනිත්‍යය. යමක් අනිත්‍යද, එය දුක් වේ. යමක් දුකද, එය අනාත්ම වේ. යමක් අනාත්මද, එය, “මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුයි.
“සිත අනිත්‍යය. යමක් අනිත්‍යද, එය දුක් වේ. යමක් දුකද, එය අනාත්ම වේ. යමක් අනාත්මද, එය, “මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුයි.
“මහණෙනි, මෙසේ දකින්නාවූ, බොහෝ ඇසූ පිරූ තැන් ඇති ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ, ඇස කෙරෙහිද කලකිරෙයි. කන කෙරෙහිද කලකිරෙයි. නාසය කෙරෙහිද කලකිරෙයි. දිව කෙරෙහිද කලකිරෙයි. කය කෙරෙහිද කලකිරෙයි. සිත කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇල්මෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. ජාතිය (ඉපදීම) ක්ෂය විය. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී. කළ යුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනීය” යි (වදාළ සේක.)
1. 1. 2.
2. (අධ්‍යාත්මායතන) දුක්ඛ සූත්‍රය
2. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, ඇස දුකය. යමක් දුකද, එය අනාත්ම වේ. යමක් අනාත්ම වේද, “එය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේය” යි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුයි.”
“කන දුකය, නාසය දුකය, දිව දුකය, කය දුකය, සිත දුකය, යමක් දුකද, එය අනාත්ම වේ. “යමක් අනාත්මද, එය, “මෙය මාගේ නොවේ, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේය” යි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ, බොහෝ ඇසූ පිරූ තැන් ඇති ආර්‍ය්‍යශ්‍රාවක තෙම, ඇස කෙරෙහිද කලකිරෙයි. කන කෙරෙහිද කලකිරෙයි. නාසය කෙරෙහිද කලකිරෙයි. දිව කෙරෙහිද කලකිරෙයි. කය කෙරෙහිද කලකිරෙයි. සිත කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇල්මෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. ජාතිය (ඉපදීම) ක්ෂය විය. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී. කළයුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනීය” යි (වදාළ සේක.)