8. 1. 48.
සෙය්යදායක ඔපපාතික සූත්‍රය
389. සයනයන් දෙයි ...පෙ... උපදියි.
8. 1. 49.
ආවසථදායක ඔපපාතික සූත්‍රය
390. ආවාස දෙයි ...පෙ... උපදියි.
8. 1. 50.
පදීපෙය්යදායක ඔපපාතික සූත්‍රය
391. පහන් දෙයි. හෙතෙම කය බිඳී මරණින් මතු ඔපපාතික නාගයන්ගේ සහභාවයට උපදියි.
මහණ, යම් හෙයකින් ඇතැම් කෙනෙක් කය බිඳී මරණින් මතු ඔපපාතික නාගයන්ගේ සහභාවයට උපදිත් ද, මේ ඊට හේතුව යි, මේ ප්‍රත්‍යය යි.
(මේ පෙය්යාලමයෙන් දස සූත්‍රයෝ විස්තර කළයුත්තාහ. සිව් තැනෙක සතලිස් වෙය්යාකරණයෝ කටයුත්තාහ. සුද්ධික සූත්‍ර දහයෙකි. සියල්ල සූත්‍ර පනහක් වෙත්.)
නාග වර්ගය පළමුවැනියි.
එහි උද්දානය :
සුද්ධික, පණීතතර, උපොසථ සතරක් ද, සුත සතරක් ද, සුචරිත සතරක් ද, දානූපකාර සතරක් ද වශයෙන් නාගසංයුත්තයෙහි සූත්‍ර පනහකි.
නාග සංයුත්තය නිමි.