8. 1. 46.
ගන්ධදායක ඔපපාතික සූත්රය
387. සුවඳ දෙයි ...පෙ... උපදියි.
8. 1. 47.
විලෙපන දායක ඔපපාතික සූත්රය
388. විලවුන් දෙයි ...පෙ... උපදියි.
8. 1. 48.
සෙය්යදායක ඔපපාතික සූත්රය
389. සයනයන් දෙයි ...පෙ... උපදියි.
8. 1. 49.
ආවසථදායක ඔපපාතික සූත්රය
390. ආවාස දෙයි ...පෙ... උපදියි.
8. 1. 50.
පදීපෙය්යදායක ඔපපාතික සූත්රය
391. පහන් දෙයි. හෙතෙම කය බිඳී මරණින් මතු ඔපපාතික නාගයන්ගේ සහභාවයට උපදියි.
මහණ, යම් හෙයකින් ඇතැම් කෙනෙක් කය බිඳී මරණින් මතු ඔපපාතික නාගයන්ගේ සහභාවයට උපදිත් ද, මේ ඊට හේතුව යි, මේ ප්රත්යය යි.
(මේ පෙය්යාලමයෙන් දස සූත්රයෝ විස්තර කළයුත්තාහ. සිව් තැනෙක සතලිස් වෙය්යාකරණයෝ කටයුත්තාහ. සුද්ධික සූත්ර දහයෙකි. සියල්ල සූත්ර පනහක් වෙත්.)
නාග වර්ගය පළමුවැනියි.
එහි උද්දානය :
සුද්ධික සූත්රය, පණීතතර සූත්රය, උපෝසථ සූත්ර හතර, සුචරිතය ගැන ඇසීම පිළිබඳ සුත සූත්ර හතර, දානූපකාර සූත්ර දහය බැගින් කොටස් හතර (අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික යන නාගයන් හතර කොටස ගැන අන්න, පාන, වත්ථ, යාන, මාලා, ගන්ධ, විලේපන, සෙය්යා, ආවසථ, පදීපෙය්ය දායක යන දහය බැගින්) යනුවෙන් නාග සංයුත්තයෙහි සූත්ර පනහකි.
නාග සංයුත්තය නිමි.