8. 1. 21-40.
අන්නදායකාදි ජලාබුජ සංසෙදජ සූත්‍ර
362-381. සැවැත්නුවරදී ය.
එකත්පසක හුන් ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළේය: 'ස්වාමීනි, යම් හෙයකින් ඇතැම් කෙනෙක් කය බිඳී මරණින් මතු ජලාබුජ නාගයන්ගේ සහභාවයට උපදිත් ද, ඊට හේතු කවරේ ද? ප්‍රත්‍ය කවරේ ද?'
“මහණ, මේ ලෝකයෙහි ඇතැමෙක් ...පෙ... සංසෙදජ නාගයන්ගේ ...පෙ... සහභාවයට උපදියි.”
8. 1. 41.
අන්නදායක ඔපපාතික සූත්‍රය
382. ...පෙ... ඔපපාතික නාගයන්ගේ සහභාවයට උපදියි. මහණ, මේ ලෝකයෙහි ඇතැමෙක් කයින් දෙපරිද්දකින් ක්‍රියා කරන්නේ වෙයි, වචනයෙන් දෙපරිද්දකින් ක්‍රියා කරන්නේ වෙයි, සිතින් දෙපරිද්දකින් ක්‍රියා කරන්නේ වෙයි, ඔහු විසින් ‘ඔපපාතික නාගයෝ දීර්ඝායුෂ ඇත්තාහ, වර්ණවත්ය, සැප බහුලකොට ඇත්තාහ’යි අසන ලද්දේ වෙයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි : ‘අහෝ! මම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු ඔපපාතික නාගයන්ගේ සහභාවයට පැමිණෙන්නෙම් නම් යහපති’ කියායි. හෙතෙම ආහාර දෙයි ...පෙ... උපදියි.
8. 1. 42.
පානදායක ඔපපාතික සූත්‍රය
383. පානය කළයුතු දේ දෙයි ...පෙ... උපදියි.
8. 1. 43.
වත්ථදායක ඔපපාතික සූත්‍රය
384. වස්ත්‍ර දෙයි ...පෙ... උපදියි.
8. 1. 44.
යානදායක ඔපපාතික සූත්‍රය
385. යානාවන් දෙයි ...පෙ... උපදියි.
8. 1. 45.
මාලාදායක ඔපපාතික සූත්‍රය
386. මාලාවන් දෙයි ...පෙ... උපදියි.
8. 1. 46.
ගන්ධදායක ඔපපාතික සූත්‍රය
387. සුවඳ දෙයි ...පෙ... උපදියි.
8. 1. 47.
විලෙපන දායක ඔපපාතික සූත්‍රය
388. විලවුන් දෙයි ...පෙ... උපදියි.
8. 1. 48.
සෙය්යදායක ඔපපාතික සූත්‍රය
389. සයනයන් දෙයි ...පෙ... උපදියි.
8. 1. 49.
ආවසථදායක ඔපපාතික සූත්‍රය
390. ආවාස දෙයි ...පෙ... උපදියි.
8. 1. 50.
පදීපෙය්යදායක ඔපපාතික සූත්‍රය
391. පහන් දෙයි. හෙතෙම කය බිඳී මරණින් මතු ඔපපාතික නාගයන්ගේ සහභාවයට උපදියි.
මහණ, යම් හෙයකින් ඇතැම් කෙනෙක් කය බිඳී මරණින් මතු ඔපපාතික නාගයන්ගේ සහභාවයට උපදිත් ද, මේ ඊට හේතුව යි, මේ ප්‍රත්‍යය යි.
(මේ පෙය්යාලමයෙන් දස සූත්‍රයෝ විස්තර කළයුත්තාහ. සිව් තැනෙක සතලිස් වෙය්යාකරණයෝ කටයුත්තාහ. සුද්ධික සූත්‍ර දහයෙකි. සියල්ල සූත්‍ර පනහක් වෙත්.)
නාග වර්ගය පළමුවැනියි.