8. 1. 13.
වත්ථදායක අණ්ඩජ සූත්රය
354. වස්ත්ර දෙයි ...පෙ... උපදියි.
8. 1. 14.
යානදායක අණ්ඩජ සූත්රය
355. යානාවන් දෙයි ...පෙ... උපදියි.
8. 1. 15.
මාලාදායක අණ්ඩජ සූත්රය
356. මාලාවන් දෙයි ...පෙ... උපදියි.
8. 1. 16.
ගන්ධදායක අණ්ඩජ සූත්රය
357. සුවඳ දෙයි ...පෙ... උපදියි.
8. 1. 17.
විලෙපනදායක අණ්ඩජ සූත්රය
358. විලවුන් දෙයි ...පෙ... උපදියි.
8. 1. 18.
සෙය්යදායක අණ්ඩජ සූත්රය
359. සයනයන් දෙයි ...පෙ... උපදියි.
8. 1. 19.
ආවසථදායක අණ්ඩජ සූත්රය
360. ආවාස දෙයි ...පෙ... උපදියි.
8. 1. 20.
පදීපෙය්යදායක අණ්ඩජ සූත්රය
361. පහන් දෙයි. හෙතෙම කය බිඳී මරණින් මතු අණ්ඩජ නාගයන්ගේ සහභාවයට උපදියි.
මහණ, යම් හෙයකින් ඇතැම් කෙනෙක් කය බිඳී මරණින් මතු අණ්ඩජ නාගයන්ගේ සහභාවයට උපදිත් ද, මේ ඊට හේතුව යි, මේ ප්රත්යය යි.
8. 1. 21-40.
අන්නදායකාදි ජලාබුජ සංසෙදජ සූත්ර
362-381. සැවැත්නුවරදී ය.
එකත්පසක හුන් ඒ භික්ෂුව භාග්යවතුන් වහන්සේට මෙය සැළකළේය: 'ස්වාමීනි, යම් හෙයකින් ඇතැම් කෙනෙක් කය බිඳී මරණින් මතු ජලාබුජ නාගයන්ගේ සහභාවයට උපදිත් ද, ඊට හේතු කවරේ ද? ප්රත්ය කවරේ ද?'
“මහණ, මේ ලෝකයෙහි ඇතැමෙක් ...පෙ... සංසෙදජ නාගයන්ගේ ...පෙ... සහභාවයට උපදියි.”
8. 1. 41.
අන්නදායක ඔපපාතික සූත්රය
382. ...පෙ... ඔපපාතික නාගයන්ගේ සහභාවයට උපදියි. මහණ, මේ ලෝකයෙහි ඇතැමෙක් කයින් දෙපරිද්දකින් ක්රියා කරන්නේ වෙයි, වචනයෙන් දෙපරිද්දකින් ක්රියා කරන්නේ වෙයි, සිතින් දෙපරිද්දකින් ක්රියා කරන්නේ වෙයි, ඔහු විසින් ‘ඔපපාතික නාගයෝ දීර්ඝායුෂ ඇත්තාහ, වර්ණවත්ය, සැප බහුලකොට ඇත්තාහ’යි අසන ලද්දේ වෙයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි : ‘අහෝ! මම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු ඔපපාතික නාගයන්ගේ සහභාවයට පැමිණෙන්නෙම් නම් යහපති’ කියායි. හෙතෙම ආහාර දෙයි ...පෙ... උපදියි.
8. 1. 42.
පානදායක ඔපපාතික සූත්රය
383. පානය කළයුතු දේ දෙයි ...පෙ... උපදියි.
8. 1. 43.
වත්ථදායක ඔපපාතික සූත්රය
384. වස්ත්ර දෙයි ...පෙ... උපදියි.
8. 1. 44.
යානදායක ඔපපාතික සූත්රය
385. යානාවන් දෙයි ...පෙ... උපදියි.