8. 1. 11.
අන්නදායක අණ්ඩජ සූත්‍රය
352. සැවැත්නුවරදී ය.
එකත්පසක හුන් ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළේය : “ස්වාමීනි, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැමෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු අණ්ඩජ නාගයන්ගේ සහභාවයට පැමිණෙයිද, ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“මහණ, මේ ලෝකයෙහි ඇතැමෙක් කයින් දෙපරිද්දකින් ක්‍රියා කරන්නේ වෙයිද, වචනයෙන් දෙපරිද්දකින් ක්‍රියා කරන්නේ වෙයිද, සිතින් දෙපරිද්දකින් ක්‍රියා කරන්නේ වෙයිද, ‘අණ්ඩජ නාගයෝ බොහෝ ආයුෂ ඇත්තාහ, වර්ණවත්ය, සැප බහුලකොට ඇත්තාහ’යි ඔහු විසින් අසනලද්දේ වෙයිද, ඕහට මෙබඳු සිතක් වෙයි : ‘මම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු අණ්ඩජ නාගයන්ගේ සහභාවයට පැමිණෙන්නෙම් නම් යහපති’ කියායි. හෙතෙම ආහාර දෙයි ...පෙ... හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු අණ්ඩජ නාගයන්ගේ සහභාවයට පැමිණෙයි.”
8. 1. 12.
පානදායක අණ්ඩජ සූත්‍රය
353. පානය කළයුතු දේ දෙයි ...පෙ... උපදියි.
8. 1. 13.
වත්ථදායක අණ්ඩජ සූත්‍රය
354. වස්ත්‍ර දෙයි ...පෙ... උපදියි.
8. 1. 14.
යානදායක අණ්ඩජ සූත්‍රය
355. යානාවන් දෙයි ...පෙ... උපදියි.
8. 1. 15.
මාලාදායක අණ්ඩජ සූත්‍රය
356. මාලාවන් දෙයි ...පෙ... උපදියි.
8. 1. 16.
ගන්ධදායක අණ්ඩජ සූත්‍රය
357. සුවඳ දෙයි ...පෙ... උපදියි.
8. 1. 17.
විලෙපනදායක අණ්ඩජ සූත්‍රය
358. විලවුන් දෙයි ...පෙ... උපදියි.
8. 1. 18.
සෙය්යදායක අණ්ඩජ සූත්‍රය
359. සයනයන් දෙයි ...පෙ... උපදියි.
8. 1. 19.
ආවසථදායක අණ්ඩජ සූත්‍රය
360. ආවාස දෙයි ...පෙ... උපදියි.