6. 1. 3.
3. චක්ඛු විඤ්ඤාණය සූත්රය
324. [1] (මේ සූත්රයේ 1, 3 වෙනි ඡේද කිලෙස සංයුත්තයේ 1 චක්ඛු සූත්රයේ මෙනි.)
[2] “මහණෙනි, චක්ඛු විඤ්ඤාණයෙහි යම් ඡන්දරාගයක් වේද, එය සිතේ කිලුටුවීමයි. සොත විඤ්ඤාණයෙහි යම් ඡන්ද රාගයක් වේද, එය චිත්තයාගේ කිලුටුවීමයි. ඝාණ විඤ්ඤාණයෙහි යම් ඡන්දරාගයක් වේද, එය චිත්තයාගේ කිලුටුවීමයි. ජිහ්වා විඤ්ඤාණයෙහි යම් ඡන්දරාගයක් වේද, එය චිත්තයාගේ කිලුටුවීමයි. කාය විඤ්ඤාණයෙහි යම් ඡන්දරාගයක් වේද, එය චිත්තයාගේ කිලුටුවීමයි. මනෝ විඤ්ඤාණයෙහි යම් ඡන්දරාගයක් වේද, එය සිතේ කිලුටුවීමයි.
“මහණෙනි, යම් තැනක පටන් මේ සය ස්ථානයන්හි භික්ෂුවගේ සිතේ කිලුටුබව ප්රහීනවූයේ වෙයිද? ඔහුගේ සිත ලොකොත්තර ධර්මයට නැඹුරුවූයේ වෙයි. නෛෂ්ක්රම්ය පුරුදු කරන ලද සිත විශේෂ ඥානයෙන් ප්රත්යක්ෂ කළ යුතු ධර්ම විෂයෙහි කර්මණ්ය වෙයි.
6. 1. 4.
4. ඵස්ස සූත්රය
325. [1] (මේ සූත්රයේ 1, 3 වෙනි ඡේද කිලෙස සංයුත්තයේ 1 චක්ඛු සූත්රයේ මෙනි.)
[2] “මහණෙනි, චක්ඛුසම්ඵස්සයෙහි යම් ඡන්දරාගයක්වේද, එය සිතේ කිලුටුවීමයි. සොත සම්ඵස්සයෙහි යම් ඡන්දරාගයක් වේද, එය චිත්තයාගේ කිලුටුවීමයි. ඝාණ සම්ඵස්සයෙහි යම් ඡන්ද රාගයක් වේද, එය චිත්තයාගේ කිලුටුවීමයි ජිව්හා සම්ඵස්සයෙහි යම් ඡන්දරාගයක්වේද, එය චිත්තයාගේ කිලුටුවීමයි. කාය සම්ඵස්සයෙහි යම් ඡන්දරාගයක් වේද, එය චිත්තයාගේ කිලුටුවීමයි. මනෝ සම්ඵස්සයෙහි යම් ඡන්දරාගයක් වේද, එය සිතේ කිලුටුවීමයි.
“මහණෙනි, යම් තැනක පටන් මේ සය ස්ථානයන්හි භික්ෂුවගේ සිතේ කිලුටුබව ප්රහීනවූයේ වෙයිද? ඔහුගේ සිත ලොකොත්තර ධර්මයට නැඹුරුවූයේ වෙයි. නෛෂ්ක්රම්ය පුරුදු කරන ලද සිත විශේෂ ඥානයෙන් ප්රත්යක්ෂ කළ යුතු ධර්ම විෂයෙහි කර්මණ්ය වෙයි.
6. 1. 5.
5. වේදනා සූත්රය
326. [1] (මේ සූත්රයේ 1, 3 වෙනි ඡේද කිලෙස සංයුත්තයේ 1 චක්ඛු සූත්රයේ මෙනි)
[2] “මහණෙනි, චක්ඛු ස්පර්ශයෙන් උපන් වේදනාවෙහි යම් ඡන්දරාගයක් වේද, එය සිතේ කිලුටුවීමයි. සොත ස්පර්ශයෙන් උපන් වේදනාවෙහි යම් ඡන්දරාගයක් වේද, එය චිත්තයාගේ කිලුටුවීමයි. ඝාණ ස්පර්ශයෙන් උපන් වේදනාවෙහි යම් ඡන්දරාගයක් වේද, එය චිත්තයාගේ කිලුටුවීමයි. ජිව්හා ස්පර්ශයෙන් උපන් වේදනාවෙහි යම් ඡන්දරාගයක් වේද එය චිත්තයාගේ කිලුටුවීමයි. කාය ස්පර්ශයෙන් උපන් වේදනාවෙහි යම් ඡන්දරාගයක් වේද, එය චිත්තයාගේ කිලුටුවීමයි. මනො ස්පර්ශයෙන් උපන් වේදනාවෙහි යම් ඡන්දරාගයක් වේද, එය සිත පිළිබඳ කිලුටුවීමයි.
“මහණෙනි, යම් තැනක පටන් මේ සය ස්ථානයන්හි භික්ෂුවගේ සිතේ කිලුටුබව ප්රහීනවූයේ වෙයිද? ඔහුගේ සිත ලොකොත්තර ධර්මයට නැඹුරුවූයේ වෙයි. නෛෂ්ක්රම්ය පුරුදු කරන ලද සිත විශේෂ ඥානයෙන් ප්රත්යක්ෂ කළ යුතු ධර්ම විෂයෙහි කර්මණ්ය වෙයි.
6. 1. 6.
6. සඤ්ඤා සූත්රය
327. [1] (මේ සූත්රයේ 1, 3 වෙනි ඡේද කිලෙස සංයුත්තයේ 1 චක්ඛු සූත්රයේ මෙනි.)
[2] “මහණෙනි, රූප සඤ්ඤාවෙහි යම් ඡන්දරාගයක් වේද එය සිතේ කිලුටුවීමයි. සද්ද සඤ්ඤාවෙහි යම් ඡන්දරාගයක් වේද, එය චිත්තයාගේ කිලුටුවීමයි. ගන්ධ සඤ්ඤාවෙහි යම් ඡන්දරාගයක් වේද, එය චිත්තයාගේ කිලුටුවීමයි. රස සඤ්ඤාවෙහි යම් ඡන්දරාගයක් වේද, එය චිත්තයාගේ කිලුටුවීමයි. ඵොට්ඨබ්බ සඤ්ඤාවෙහි යම් ඡන්දරාගයක් වේද, එය චිත්තයාගේ කිලුටුවීමයි. ධම්ම සඤ්ඤාවෙහි යම් ඡන්දරාගයක් වේද, එය සිතේ කිලුටුවීමයි.