6. 1. 1.
1. චක්ඛු සූත්රය
322. [1] මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
[2] “මහණෙනි, ඇසෙහි යම් ඡන්දරාගයක් වේද, එය චිත්තයාගේ කිලුටුවීමයි. කණෙහි යම් ඡන්දරාගයක් වේද, එය චිත්තයාගේ කිලුටුවීමයි. නාසයෙහි යම් ඡන්දරාගයක් වේද, එය චිත්තයාගේ කිලුටුවීමයි. දිවෙහි යම් ඡන්දරාගයක් වේද, එය චිත්තයාගේ කිලුටුවීමයි. කයෙහි යම් ඡන්දරාගයක් වෙයිද, එය චිත්තයාගේ කිලුටුවීමයි සිතේ යම් ඡන්දරාගයක් වෙයිද, එය චිත්තයාගේ කිලුටුවීමයි.
[3] “මහණෙනි, යම් තැනක පටන් මේ සය ස්ථානයන්හි භික්ෂුවගේ සිතේ කිලුටුබව ප්රහීනවූයේ වෙයිද? ඔහුගේ සිත ලොකොත්තර ධර්මයට නැඹුරුවූයේ වෙයි. නෛෂ්ක්රම්ය පුරුදු කරන ලද සිත විශේෂ ඥානයෙන් ප්රත්යක්ෂ කළ යුතු ධර්ම විෂයෙහි කර්මණ්ය වෙයි.
6. 1. 2.
2. රූප සූත්රය
323. [1] (මේ සූත්රයේ 1, 3 වෙනි ඡේද කිලෙස සංයුත්තයේ 1 චක්ඛු සූත්රයේ මෙනි.)
[2] “මහණෙනි, රූපයෙහි යම් ඡන්දරාගයක් වේද, එය සිතේ කිලුටුවීමයි ශබ්දයෙහි යම් ඡන්දරාගයක් වේද, එය චිත්තයාගේ කිලුටුවීමයි. ගන්ධයෙහි යම් ඡන්දරාගයක් වේද, එය චිත්තයාගේ කිලුටුවීමයි. රසයෙහි යම් ඡන්දරාගයක් වේද, එය චිත්තයාගේ කිලුටුවීමයි. ස්පර්ශයෙහි යම් ඡන්දරාගයක් වේද, එය චිත්තයාගේ කිලුටුවීමයි. ධර්මයෙහි යම් ඡන්දරාගයක් වේද, එය සිතේ කිලුටුවීමයි.
“මහණෙනි, යම් තැනක පටන් මේ සය ස්ථානයන්හි භික්ෂුවගේ සිතේ කිලුටුබව ප්රහීනවූයේ වෙයිද? ඔහුගේ සිත ලොකොත්තර ධර්මයට නැඹුරුවූයේ වෙයි. නෛෂ්ක්රම්ය පුරුදු කරන ලද සිත විශේෂ ඥානයෙන් ප්රත්යක්ෂ කළ යුතු ධර්ම විෂයෙහි කර්මණ්ය වෙයි.
6. 1. 3.
3. චක්ඛු විඤ්ඤාණය සූත්රය
324. [1] (මේ සූත්රයේ 1, 3 වෙනි ඡේද කිලෙස සංයුත්තයේ 1 චක්ඛු සූත්රයේ මෙනි.)
[2] “මහණෙනි, චක්ඛු විඤ්ඤාණයෙහි යම් ඡන්දරාගයක් වේද, එය සිතේ කිලුටුවීමයි. සොත විඤ්ඤාණයෙහි යම් ඡන්ද රාගයක් වේද, එය චිත්තයාගේ කිලුටුවීමයි. ඝාණ විඤ්ඤාණයෙහි යම් ඡන්දරාගයක් වේද, එය චිත්තයාගේ කිලුටුවීමයි. ජිහ්වා විඤ්ඤාණයෙහි යම් ඡන්දරාගයක් වේද, එය චිත්තයාගේ කිලුටුවීමයි. කාය විඤ්ඤාණයෙහි යම් ඡන්දරාගයක් වේද, එය චිත්තයාගේ කිලුටුවීමයි. මනෝ විඤ්ඤාණයෙහි යම් ඡන්දරාගයක් වේද, එය සිතේ කිලුටුවීමයි.
“මහණෙනි, යම් තැනක පටන් මේ සය ස්ථානයන්හි භික්ෂුවගේ සිතේ කිලුටුබව ප්රහීනවූයේ වෙයිද? ඔහුගේ සිත ලොකොත්තර ධර්මයට නැඹුරුවූයේ වෙයි. නෛෂ්ක්රම්ය පුරුදු කරන ලද සිත විශේෂ ඥානයෙන් ප්රත්යක්ෂ කළ යුතු ධර්ම විෂයෙහි කර්මණ්ය වෙයි.
6. 1. 4.
4. ඵස්ස සූත්රය
325. [1] (මේ සූත්රයේ 1, 3 වෙනි ඡේද කිලෙස සංයුත්තයේ 1 චක්ඛු සූත්රයේ මෙනි.)
[2] “මහණෙනි, චක්ඛුසම්ඵස්සයෙහි යම් ඡන්දරාගයක්වේද, එය සිතේ කිලුටුවීමයි. සොත සම්ඵස්සයෙහි යම් ඡන්දරාගයක් වේද, එය චිත්තයාගේ කිලුටුවීමයි. ඝාණ සම්ඵස්සයෙහි යම් ඡන්ද රාගයක් වේද, එය චිත්තයාගේ කිලුටුවීමයි ජිව්හා සම්ඵස්සයෙහි යම් ඡන්දරාගයක්වේද, එය චිත්තයාගේ කිලුටුවීමයි. කාය සම්ඵස්සයෙහි යම් ඡන්දරාගයක් වේද, එය චිත්තයාගේ කිලුටුවීමයි. මනෝ සම්ඵස්සයෙහි යම් ඡන්දරාගයක් වේද, එය සිතේ කිලුටුවීමයි.
“මහණෙනි, යම් තැනක පටන් මේ සය ස්ථානයන්හි භික්ෂුවගේ සිතේ කිලුටුබව ප්රහීනවූයේ වෙයිද? ඔහුගේ සිත ලොකොත්තර ධර්මයට නැඹුරුවූයේ වෙයි. නෛෂ්ක්රම්ය පුරුදු කරන ලද සිත විශේෂ ඥානයෙන් ප්රත්යක්ෂ කළ යුතු ධර්ම විෂයෙහි කර්මණ්ය වෙයි.
6. 1. 5.
5. වේදනා සූත්රය
326. [1] (මේ සූත්රයේ 1, 3 වෙනි ඡේද කිලෙස සංයුත්තයේ 1 චක්ඛු සූත්රයේ මෙනි)
[2] “මහණෙනි, චක්ඛු ස්පර්ශයෙන් උපන් වේදනාවෙහි යම් ඡන්දරාගයක් වේද, එය සිතේ කිලුටුවීමයි. සොත ස්පර්ශයෙන් උපන් වේදනාවෙහි යම් ඡන්දරාගයක් වේද, එය චිත්තයාගේ කිලුටුවීමයි. ඝාණ ස්පර්ශයෙන් උපන් වේදනාවෙහි යම් ඡන්දරාගයක් වේද, එය චිත්තයාගේ කිලුටුවීමයි. ජිව්හා ස්පර්ශයෙන් උපන් වේදනාවෙහි යම් ඡන්දරාගයක් වේද එය චිත්තයාගේ කිලුටුවීමයි. කාය ස්පර්ශයෙන් උපන් වේදනාවෙහි යම් ඡන්දරාගයක් වේද, එය චිත්තයාගේ කිලුටුවීමයි. මනො ස්පර්ශයෙන් උපන් වේදනාවෙහි යම් ඡන්දරාගයක් වේද, එය සිත පිළිබඳ කිලුටුවීමයි.
“මහණෙනි, යම් තැනක පටන් මේ සය ස්ථානයන්හි භික්ෂුවගේ සිතේ කිලුටුබව ප්රහීනවූයේ වෙයිද? ඔහුගේ සිත ලොකොත්තර ධර්මයට නැඹුරුවූයේ වෙයි. නෛෂ්ක්රම්ය පුරුදු කරන ලද සිත විශේෂ ඥානයෙන් ප්රත්යක්ෂ කළ යුතු ධර්ම විෂයෙහි කර්මණ්ය වෙයි.
6. 1. 6.
6. සඤ්ඤා සූත්රය
327. [1] (මේ සූත්රයේ 1, 3 වෙනි ඡේද කිලෙස සංයුත්තයේ 1 චක්ඛු සූත්රයේ මෙනි.)
[2] “මහණෙනි, රූප සඤ්ඤාවෙහි යම් ඡන්දරාගයක් වේද එය සිතේ කිලුටුවීමයි. සද්ද සඤ්ඤාවෙහි යම් ඡන්දරාගයක් වේද, එය චිත්තයාගේ කිලුටුවීමයි. ගන්ධ සඤ්ඤාවෙහි යම් ඡන්දරාගයක් වේද, එය චිත්තයාගේ කිලුටුවීමයි. රස සඤ්ඤාවෙහි යම් ඡන්දරාගයක් වේද, එය චිත්තයාගේ කිලුටුවීමයි. ඵොට්ඨබ්බ සඤ්ඤාවෙහි යම් ඡන්දරාගයක් වේද, එය චිත්තයාගේ කිලුටුවීමයි. ධම්ම සඤ්ඤාවෙහි යම් ඡන්දරාගයක් වේද, එය සිතේ කිලුටුවීමයි.