5. 1. 8.
8. තණ්හා සූත්‍රය
319. (මේ සූත්‍රයද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“මහණෙනි, රූප තණ්හාවේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහළවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහළවීම වෙයි. ශබ්ද තණ්හාවේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහළවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහළවීම වෙයි. ගන්ධ තණ්හාවේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහළවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහළවීම වෙයි. රස තණ්හාවේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහළවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහළවීම වෙයි. ස්පර්ශ තණ්හාවේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහළවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහළවීම වෙයි. ධම්ම තණ්හාවේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහළවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහළවීම වෙයි.
“මහණෙනි, රූප තණ්හාවේ යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයේ විනාශයට යාම වෙයි. ශබ්ද තණ්හාවේ යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරා මරණයේ විනාශයට යාම වෙයි. ගන්ධ තණ්හාවේ යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරා මරණයේ විනාශයට යාම වෙයි. රස තණ්හාවේ යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයේ විනාශයට යාම වෙයි. ස්පර්ශ තණ්හාවේ යම් විනාශයක් සංසිඳීමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීමක් විනාශයට යාම විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයේ විනාශයට යාම වෙයි. ධම්ම තණ්හාවේ යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරා මරණයේ විනාශයට යාම වෙයි.
5. 1. 9.
9. ධාතු සූත්‍රය
320. (මේ සූත්‍රයද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.
“මහණෙනි පෘථිවි ධාතුවේ යම් ඉපදීමක් පැවැත්මක් හට ගැනීමක් පහළවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම රෝගයන්ගේ පැවැත්ම ජරා මරණයාගේ පහළවීම වෙයි. ආපෝ ධාතුවේ යම් ඉපදීමක් පැවැත්මක් හට ගැනීමක් පහළවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම ජරා මරණයාගේ පහළවීම වෙයි. තේජෝ ධාතුවේ යම් ඉපදීමක් පැවැත්මක් හට ගැනීමක් පහළවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම රෝගයන්ගේ පැවැත්ම ජරා මරණයාගේ පහළවීම වෙයි. වායෝ ධාතුවේ යම් ඉපදීමක් පැවැත්මක් හට ගැනීමක් පහළවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම රෝගයන්ගේ පැවැත්ම ජරා මරණයාගේ පහළවීම වෙයි. ආකාශ ධාතුවේ යම් ඉපදීමක් පැවැත්මක් හට ගැනීමක් පහළවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම රෝගයන්ගේ පැවැත්ම ජරා මරණයාගේ පහළවීම වෙයි. වික්‍ද්ක්‍දාණ ධාතුවේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහළවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහළවීම වෙයි.
“මහණෙනි, පෘථිවි ධාතුවේ යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයේ විනාශයට යාම වෙයි. ආපෝ ධාතුවේ යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයේ විනාශයට යාම වෙයි. තේජෝධාතුවේ යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයේ විනාශයට යාම වෙයි. වායෝධාතුවේ යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයේ විනාශයට යාම වෙයි. ආකාශ ධාතුවේ යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයේ විනාශයට යාම වෙයි. විඤ්ඤාණ ධාතුවේ යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයේ විනාශයට යාම වෙයි.
5. 1. 10.
10. ඛන්ධ සූත්‍රය
321. (මේ සූත්‍රයද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“මහණෙනි, රූපස්කන්ධයේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහලවීමක් වේද එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම ජරා මරණයාගේ පහලවීමද වෙයි. වේදනාවේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහලවීමක් වේද එය දුක්ඛයාගේ ඉපදීම රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහලවීමද වෙයි. සඤ්ඤාවේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහලවීමක් වේද එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහලවීමද වෙයි. සංස්කාරයන්ගේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහලවීමක් වේද එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහලවීමද වෙයි. විඤ්ඤාණයේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහල වීමක් වේද එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහලවීම වෙයි.
“මහණෙනි, රූපයේ යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයේ විනාශයට යාම වෙයි. වේදනාවේ යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයේ විනාශයට යාමක් වේද එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයේ විනාශයට යාම වෙයි. සඤ්ඤාවේ යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයේ විනාශයට යාම වෙයි. සංස්කාරයන්ගේ යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයේ විනාශයට යාම වෙයි. විඤ්ඤාණයේ යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයේ විනාශයට යාම වෙයි.
උප්පාද වර්ගය පළමුවැනියි.
එහි උද්දානය:
චක්ඛු සූත්‍රය, රූප සූත්‍රය, විඤ්ඤාණ සූත්‍රය, ඵස්ස සූත්‍රය, වේදනා සූත්‍රය, සඤ්ඤා සූත්‍රය, චේතනා සූත්‍රය, තණ්හා සූත්‍රය, ධාතු සූත්‍රය සහ ඛන්ධ සූත්‍රය, යැයි සූත්‍ර දසයකි.
උප්පාද සංයුත්තය නිමි.