5. 1. 4.
4. ඵස්ස සූත්රය
315. (මේ සූත්රයද මේ වර්ගයේ 1 වෙනි සූත්රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“මහණෙනි, චක්ඛුසම්ඵස්සයේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහලවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහලවීම වෙයි. සොත සම්ඵස්සයෙහි යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහලවීම වෙයි. ඝාණ සම්ඵස්සයෙහි යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහලවීමක් වේද එය දුක්ඛයාගේ ඉපදීම රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහලවීම වෙයි. ජිව්හා සම්ඵස්සයෙහි යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහලවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහලවීම වෙයි. කාය සම්ඵස්සයෙහි යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහළවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහලවීම වෙයි. මනොසම්ඵස්සයෙහි යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහලවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහලවීම වෙයි.
“මහණෙනි, චක්ඛුසම්ඵස්සයේ යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයේ විනාශයට යාම වෙයි. සොතසම්ඵස්සයෙහි යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයේ විනාශයට යාම වෙයි. ඝාණසම්ඵස්සයෙහි යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයාගේ විනාශයට යාම වෙයි. ජිව්හා සම්ඵස්සයෙහි යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයාගේ විනාශයට යාම වෙයි. කායසම්ඵස්සයෙහි යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයේ විනාශයට යාම වෙයි. මනොසම්ඵස්සයෙහි යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයේ විනාශයට යාම වෙයි.
5. 1. 5.
5. වේදනා සූත්රය
316. (මේ සූත්රයද මේ වර්ගයේ 1 වෙනි සූත්රය මෙන් ජේතවනාරාමයේදී දේශනාකරනලදී.)
“මහණෙනි, චක්ඛුසම්ඵස්සයෙන් උපන් වේදනාවේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහලවීමක් වේද, එය දුඃඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහලවීම වෙයි. සොත සම්ඵස්සයෙන් උපන් වේදනාවේ යම් ඉපදීක් පැවැත්මක් හටගැනීමක් පහළවීමක් වේද, එය දුඃඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම ජරා මරණයාගේ පහළවීම වෙයි. ඝානසම්ඵස්සයෙන් උපන් වේදනාවේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහලවීමක් වේද, එය දුඃඛයාගේ ඉපදීම, රෝගයාගේ පැවැත්ම ජරාමරණයාගේ පහලවීම වෙයි. ජිහ්වා සම්පස්සයෙන් උපන් වේදනාවේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහළවීමක් වේද, එය දුඃඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහලවීම වෙයි. කාය සම්ඵස්සයෙන් උපන් වේදනාවේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහලවීමක් වේද, එය දුඃඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම ජරා මරණයාගේ පහලවීම වෙයි. මනෝ සම්ඵස්සයෙන් උපන් වේදනාවේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහලවීමක් වේද එය දුඃඛයාගේ ඉපදීම, රෝගයාගේ පැවැත්ම ජරාමරණයාගේ පහලවීම වෙයි.
“මහණෙනි, චක්ඛුසම්ඵස්සයෙන් උපන් වේදනාවේ යම් නිරෝධයක් සන්සිඳීමක්, විනාශයට යාමක් වේද එය දුඃඛයාගේ නිරෝධය රෝගයන්ගේ සන්සිඳීම ජරාමරණයාගේ විනාශයට යාම වෙයි. සොත සම්ඵස්සයෙන් උපන් වේදනාවේ යම් නිරෝධයක් සන්සිඳීමක්. විනාශයට යාමක් වේද එය දුක්ඛයාගේ නිරෝධය රෝගයන්ගේ සන්සිඳීම ජරා මරණයාගේ විනාශයට යාම වෙයි. ඝාණ සම්ඵස්සයෙන් උපන් වේදනාවේ යම් නිරෝධයක් සන්සිඳීමක්, විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ නිරෝධය රෝගයන්ගේ සන්සිඳීම ජරාමරණයාගේ විනාශයට යාම වෙයි ජිහ්වා සම්ඵස්සයෙන් උපන් වේදනාවේ යම් නිරෝධයක් සන්සිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ නිරෝධය රෝගයන්ගේ සන්සිඳීම ජරාමරණයාගේ විනාශයට යාම වෙයි. කාය සම්ඵස්සයෙන් උපන් වේදනාවේ යම් නිරෝධයක් සන්සිඳීමක් විනාශයට යාමක් වේද, එය දුඃඛයාගේ නිරෝධය රෝගයන්ගේ සන්සිඳීම ජරා මරණයාගේ විනාශයට යාම වෙයි. මනො සම්ඵස්සයෙන් උපන් වේදනාවේ යම් නිරෝධයක් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයේ විනාශයට යාම වෙයි.
5. 1. 6.
6. සඤ්ඤා සූත්රය
317. (මේ සූත්රයද මේ වර්ගයේ 1 වෙනි සූත්රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“මහණෙනි, රූප සඤ්ඤාවේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහලවීමක් වේද, එය දුඃඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහලවීමද වෙයි ශබ්ද සඤ්ඤාවේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහලවීමක් වේද එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහලවීමද වෙයි. ගන්ධ සඤ්ඤාවේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහලවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහලවීමද වෙයි. රස සඤ්ඤාවේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහලවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහලවීමද වෙයි. ස්පර්ශ සඤ්ඤාවේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහලවීමක් වේද එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහලවීමද වෙයි. ධම්ම සඤ්ඤාවේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහලවීමක් වේද එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම ජරා මරණයාගේ පහළවීමද වෙයි.”
“මහණෙනි, රූප සඤ්ඤාවේ යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සන්සිඳීම ජරාමරණයාගේ විනාශයට යාම වෙයි. ශබ්ද සඤ්ඤාවේ යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයාගේ විනාශයට යාම වෙයි. ගන්ධ සඤ්ඤාවේ යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයාගේ විනාශයට යාම වෙයි. රස සඤ්ඤාවේ යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරා මරණයේ විනාශයට යාම වෙයි. ස්පර්ශ සඤ්ඤාවේ යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයාගේ විනාශයට යාම වෙයි. ධම්ම සඤ්ඤාවේ යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයේ විනාශයට යාම වෙයි.
5. 1. 7.
7. චේතනා සූත්රය
318. (මේ සූත්රයද මේ වර්ගයේ 1 වෙනි සූත්රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“මහණෙනි, රූප සංචේතනාවේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහලවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම ජරා මරණයාගේ පහලවීම වෙයි. ශබ්ද සංචේතනාවේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහළවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහලවීම වෙයි. ගන්ධ සංචේතනාවේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහළවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහළවීම වෙයි. රස සංචේතනාවේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහළවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහළවීම වෙයි. ස්පර්ශ සංචේතනාවේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහළවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහළවීම වෙයි. ධම්ම සංචේතනාවෙ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහළවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහළවීම වෙයි.
“මහණෙනි, රූප සංචේතනාවේ යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයේ විනාශයට යාම වෙයි. ශබ්ද සංචෙතනාවේ යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයේ විනාශයට යාම වෙයි. ගන්ධ සංචේතනාවේ යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයේ විනාශයට යාම වෙයි. රස සංචේතනාවේ යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයේ විනාශයට යාම වෙයි. ස්පර්ශ සංචේතනාවේ යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයේ විනාශයට යාම වෙයි. ධම්ම සංචේතනාවේ යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයේ විනාශයට යාම වෙයි.
5. 1. 8.
8. තණ්හා සූත්රය
319. (මේ සූත්රයද මේ වර්ගයේ 1 වෙනි සූත්රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“මහණෙනි, රූප තණ්හාවේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහළවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහළවීම වෙයි. ශබ්ද තණ්හාවේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහළවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහළවීම වෙයි. ගන්ධ තණ්හාවේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහළවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහළවීම වෙයි. රස තණ්හාවේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහළවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහළවීම වෙයි. ස්පර්ශ තණ්හාවේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහළවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහළවීම වෙයි. ධම්ම තණ්හාවේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහළවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහළවීම වෙයි.
“මහණෙනි, රූප තණ්හාවේ යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයේ විනාශයට යාම වෙයි. ශබ්ද තණ්හාවේ යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරා මරණයේ විනාශයට යාම වෙයි. ගන්ධ තණ්හාවේ යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරා මරණයේ විනාශයට යාම වෙයි. රස තණ්හාවේ යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයේ විනාශයට යාම වෙයි. ස්පර්ශ තණ්හාවේ යම් විනාශයක් සංසිඳීමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීමක් විනාශයට යාම විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයේ විනාශයට යාම වෙයි. ධම්ම තණ්හාවේ යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරා මරණයේ විනාශයට යාම වෙයි.
5. 1. 9.
9. ධාතු සූත්රය
320. (මේ සූත්රයද මේ වර්ගයේ 1 වෙනි සූත්රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.
“මහණෙනි පෘථිවි ධාතුවේ යම් ඉපදීමක් පැවැත්මක් හට ගැනීමක් පහළවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම රෝගයන්ගේ පැවැත්ම ජරා මරණයාගේ පහළවීම වෙයි. ආපෝ ධාතුවේ යම් ඉපදීමක් පැවැත්මක් හට ගැනීමක් පහළවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම ජරා මරණයාගේ පහළවීම වෙයි. තේජෝ ධාතුවේ යම් ඉපදීමක් පැවැත්මක් හට ගැනීමක් පහළවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම රෝගයන්ගේ පැවැත්ම ජරා මරණයාගේ පහළවීම වෙයි. වායෝ ධාතුවේ යම් ඉපදීමක් පැවැත්මක් හට ගැනීමක් පහළවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම රෝගයන්ගේ පැවැත්ම ජරා මරණයාගේ පහළවීම වෙයි. ආකාශ ධාතුවේ යම් ඉපදීමක් පැවැත්මක් හට ගැනීමක් පහළවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම රෝගයන්ගේ පැවැත්ම ජරා මරණයාගේ පහළවීම වෙයි. වික්ද්ක්දාණ ධාතුවේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහළවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහළවීම වෙයි.
“මහණෙනි, පෘථිවි ධාතුවේ යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයේ විනාශයට යාම වෙයි. ආපෝ ධාතුවේ යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයේ විනාශයට යාම වෙයි. තේජෝධාතුවේ යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයේ විනාශයට යාම වෙයි. වායෝධාතුවේ යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයේ විනාශයට යාම වෙයි. ආකාශ ධාතුවේ යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයේ විනාශයට යාම වෙයි. විඤ්ඤාණ ධාතුවේ යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයේ විනාශයට යාම වෙයි.
5. 1. 10.
10. ඛන්ධ සූත්රය
321. (මේ සූත්රයද මේ වර්ගයේ 1 වෙනි සූත්රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“මහණෙනි, රූපස්කන්ධයේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහලවීමක් වේද එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම ජරා මරණයාගේ පහලවීමද වෙයි. වේදනාවේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහලවීමක් වේද එය දුක්ඛයාගේ ඉපදීම රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහලවීමද වෙයි. සඤ්ඤාවේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහලවීමක් වේද එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහලවීමද වෙයි. සංස්කාරයන්ගේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහලවීමක් වේද එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහලවීමද වෙයි. විඤ්ඤාණයේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහල වීමක් වේද එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහලවීම වෙයි.