5. 1. 1.
1. චක්ඛු සූත්‍රය
312. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, ඇසේ යම් ඉපදීමක් පැවැත්මක් හට ගැනීමක් පහළවීමක් වේද, එය දුඃඛයාගේ ඉපදීම රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහළවීම වෙයි. කණේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහළවීමක් වේද, එය දුඃඛයාගේ ඉපදීම රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහළවීමවෙයි. නාසයේ යම්ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහළවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහළවීම වෙයි. දිවේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහළවීමක් වේද එය දුඃඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහළවීම වෙයි. කයේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහලවීමක් වේද, එය දුඃඛයාගේ ඉපදීම රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහළවීම වෙයි. සිතේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහළවීමක් වේද, එය දුඃඛයාගේ ඉපදීම රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයන්ගේ පහලවීම වෙයි.
“මහණෙනි, ඇසේ යම් නිරෝධයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ නිරෝධය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයාගේ විනාශයට යාම වෙයි. කනේ යම් නිරෝධයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ නිරෝධය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයාගේ විනාශයට යාම වෙයි. නාසයේ යම් නිරෝධයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ නිරෝධය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයාගේ විනාශයට යාම වෙයි. දිවේ යම් නිරෝධයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ නිරෝධය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයාගේ විනාශයට යාම වෙයි. කයේ යම් නිරෝධයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ නිරෝධය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයාගේ විනාශයට යාම වෙයි. සිතේ යම් නිරෝධයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද එය දුක්ඛයාගේ නිරෝධය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයාගේ විනාශයට යාම වෙයි.
5. 1. 2.
2. රූප සූත්‍රය
313. (මේ සූත්‍රයද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“මහණෙනි, රූපයේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහලවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහලවීමවෙයි. ශබ්දයන්ගේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැන්මක් පහලවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයේ පහලවීම වෙයි. ගන්ධයන්ගේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැන්මක් පහලවීමක්වේද, එය දුක්ඛයාගේ ඉපදීම රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයේ පහලවීම වෙයි. රසයන්ගේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැන්මක් පහලවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයේ පහලවීම වෙයි. ස්ඵර්ශයන්ගේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැන්මක් පහලවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයේ පහලවීම වෙයි. ධර්මයන්ගේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැන්මක් පහලවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයේ පහලවීම වෙයි.
“මහණෙනි, රූපයේ යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයේ විනාශයට යාම වෙයි.
ශබ්දයේ යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයේ විනාශයට යාම වෙයි. ගන්ධයේ යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයේ විනාශයට යාම වෙයි. රසයේ යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයේ විනාශයට යාම වෙයි. ස්පර්ශයේ යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයේ විනාශයට යාම වෙයි. සිතේ යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයේ විනාශයට යාම වෙයි.
5. 1. 3.
3. විඤ්ඤාණ සූත්‍රය
314. (මේ සූත්‍රයද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“මහණෙනි, චක්ඛු විඤ්ඤාණයේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහළවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහලවීම වෙයි. සොත විඤ්ඤාණයෙහි යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහලවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහලවීම වෙයි. ඝාණ විඤ්ඤාණයෙහි යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහලවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහලවීම වෙයි. ජිව්හා විඤ්ඤාණයෙහි යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහලවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහලවීම වෙයි. කාය විඤ්ඤාණයෙහි යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහලවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහලවීම වෙයි. මනෝ විඤ්ඤාණයෙහි යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහලවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහලවීම වෙයි.
“මහණෙනි, චක්ඛු විඤ්ඤාණයේ යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයාගේ විනාශයට යාම වෙයි. සොත විඤ්ඤාණයෙහි යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයාගේ විනාශයට යාම වෙයි. ඝාණ විඤ්ඤාණයෙහි යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයාගේ විනාශයට යාම වෙයි. ජිව්හා විඤ්ඤාණයෙහි යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයාගේ විනාශයට යාම වෙයි. කාය විඤ්ඤාණයෙහි යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයාගේ විනාශයට යාම වෙයි. මනොවිඤ්ඤාණයෙහි යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක්වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයාගේ විනාශයට යාම වෙයි.
5. 1. 4.
4. ඵස්ස සූත්‍රය
315. (මේ සූත්‍රයද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“මහණෙනි, චක්ඛුසම්ඵස්සයේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහලවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහලවීම වෙයි. සොත සම්ඵස්සයෙහි යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහලවීම වෙයි. ඝාණ සම්ඵස්සයෙහි යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහලවීමක් වේද එය දුක්ඛයාගේ ඉපදීම රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහලවීම වෙයි. ජිව්හා සම්ඵස්සයෙහි යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහලවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහලවීම වෙයි. කාය සම්ඵස්සයෙහි යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහළවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහලවීම වෙයි. මනොසම්ඵස්සයෙහි යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහලවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහලවීම වෙයි.
“මහණෙනි, චක්ඛුසම්ඵස්සයේ යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයේ විනාශයට යාම වෙයි. සොතසම්ඵස්සයෙහි යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයේ විනාශයට යාම වෙයි. ඝාණසම්ඵස්සයෙහි යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයාගේ විනාශයට යාම වෙයි. ජිව්හා සම්ඵස්සයෙහි යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයාගේ විනාශයට යාම වෙයි. කායසම්ඵස්සයෙහි යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයේ විනාශයට යාම වෙයි. මනොසම්ඵස්සයෙහි යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයේ විනාශයට යාම වෙයි.
5. 1. 5.
5. වේදනා සූත්‍රය
316. (මේ සූත්‍රයද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනාකරනලදී.)
“මහණෙනි, චක්ඛුසම්ඵස්සයෙන් උපන් වේදනාවේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහලවීමක් වේද, එය දුඃඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහලවීම වෙයි. සොත සම්ඵස්සයෙන් උපන් වේදනාවේ යම් ඉපදීක් පැවැත්මක් හටගැනීමක් පහළවීමක් වේද, එය දුඃඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම ජරා මරණයාගේ පහළවීම වෙයි. ඝානසම්ඵස්සයෙන් උපන් වේදනාවේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහලවීමක් වේද, එය දුඃඛයාගේ ඉපදීම, රෝගයාගේ පැවැත්ම ජරාමරණයාගේ පහලවීම වෙයි. ජිහ්වා සම්පස්සයෙන් උපන් වේදනාවේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහළවීමක් වේද, එය දුඃඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහලවීම වෙයි. කාය සම්ඵස්සයෙන් උපන් වේදනාවේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහලවීමක් වේද, එය දුඃඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම ජරා මරණයාගේ පහලවීම වෙයි. මනෝ සම්ඵස්සයෙන් උපන් වේදනාවේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහලවීමක් වේද එය දුඃඛයාගේ ඉපදීම, රෝගයාගේ පැවැත්ම ජරාමරණයාගේ පහලවීම වෙයි.
“මහණෙනි, චක්ඛුසම්ඵස්සයෙන් උපන් වේදනාවේ යම් නිරෝධයක් සන්සිඳීමක්, විනාශයට යාමක් වේද එය දුඃඛයාගේ නිරෝධය රෝගයන්ගේ සන්සිඳීම ජරාමරණයාගේ විනාශයට යාම වෙයි. සොත සම්ඵස්සයෙන් උපන් වේදනාවේ යම් නිරෝධයක් සන්සිඳීමක්. විනාශයට යාමක් වේද එය දුක්ඛයාගේ නිරෝධය රෝගයන්ගේ සන්සිඳීම ජරා මරණයාගේ විනාශයට යාම වෙයි. ඝාණ සම්ඵස්සයෙන් උපන් වේදනාවේ යම් නිරෝධයක් සන්සිඳීමක්, විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ නිරෝධය රෝගයන්ගේ සන්සිඳීම ජරාමරණයාගේ විනාශයට යාම වෙයි ජිහ්වා සම්ඵස්සයෙන් උපන් වේදනාවේ යම් නිරෝධයක් සන්සිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ නිරෝධය රෝගයන්ගේ සන්සිඳීම ජරාමරණයාගේ විනාශයට යාම වෙයි. කාය සම්ඵස්සයෙන් උපන් වේදනාවේ යම් නිරෝධයක් සන්සිඳීමක් විනාශයට යාමක් වේද, එය දුඃඛයාගේ නිරෝධය රෝගයන්ගේ සන්සිඳීම ජරා මරණයාගේ විනාශයට යාම වෙයි. මනො සම්ඵස්සයෙන් උපන් වේදනාවේ යම් නිරෝධයක් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයේ විනාශයට යාම වෙයි.
5. 1. 6.
6. සඤ්ඤා සූත්‍රය
317. (මේ සූත්‍රයද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“මහණෙනි, රූප සඤ්ඤාවේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහලවීමක් වේද, එය දුඃඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහලවීමද වෙයි ශබ්ද සඤ්ඤාවේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහලවීමක් වේද එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහලවීමද වෙයි. ගන්ධ සඤ්ඤාවේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහලවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහලවීමද වෙයි. රස සඤ්ඤාවේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහලවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහලවීමද වෙයි. ස්පර්ශ සඤ්ඤාවේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහලවීමක් වේද එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහලවීමද වෙයි. ධම්ම සඤ්ඤාවේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහලවීමක් වේද එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම ජරා මරණයාගේ පහළවීමද වෙයි.”
“මහණෙනි, රූප සඤ්ඤාවේ යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සන්සිඳීම ජරාමරණයාගේ විනාශයට යාම වෙයි. ශබ්ද සඤ්ඤාවේ යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයාගේ විනාශයට යාම වෙයි. ගන්ධ සඤ්ඤාවේ යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයාගේ විනාශයට යාම වෙයි. රස සඤ්ඤාවේ යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරා මරණයේ විනාශයට යාම වෙයි. ස්පර්ශ සඤ්ඤාවේ යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයාගේ විනාශයට යාම වෙයි. ධම්ම සඤ්ඤාවේ යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයේ විනාශයට යාම වෙයි.