3. 2. 8.
මහා දිට්ඨි සූත්රය
231. සැවැත්නුවරදී:
-පෙ- “මේ ශරීර සමූහයෝ සතක් වෙත්. (කිසිවෙකු විසින්) නොකරණ ලදහ. කිසි විධානයක් නොකරණ ලදහ -පෙ- (කඩුවකින් හිස) සිඳින්නා හට (එයින් වන පවක් නැත). සැප දුක් විඳිත්”යි. (මෙහි ලා වාත සූත්රයේ 17, 18, 19, 20 ඡේදවල සඳහන් විස්තරය යෙදිය යුතුය.) ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ -පෙ- සැප දුක් විඳිත්යි.
3. 2. 9.
සස්සත ලොක සූත්රය
232. සැවැත්නුවරදී:
-පෙ- “ලෝකය සදාකාලිකය”යි? ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ -පෙ- ලෝකය සදාකාලිකයයි.
3. 2. 10.
අසස්සත ලොක සූත්රය
233. සැවැත්නුවරදී:
-පෙ- “ලෝකය සදාකාලික නොවේ”යි? ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ -පෙ- ලෝකය සදාකාලික නොවේයි.
3. 2. 11.
අන්තවා ලොක සූත්රය
234. සැවැත්නුවරදී:
-පෙ- “ලෝකය අන්තවත්ය”යි? ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ -පෙ- ලෝකය අන්තවත්යයි.
3. 2. 12.
අනන්තවා ලොක සූත්රය
235. සැවැත්නුවරදී:
-පෙ- “ලෝකය කෙළවරක් නැත්තේය”යි? ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ -පෙ- ලෝකය කෙළවරක් නැත්තේයයි.
3. 2. 13.
තංජීවතං සරීර සූත්රය
236. සැවැත්නුවරදී:
-පෙ- “එය ජීවිතය වෙයි, එය ශරීරය වෙයි”යි? ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ -පෙ- එය ජීවිතය වෙයි, එය ශරීරය වෙයි’යි.
3. 2. 14.
අඤ්ඤං ජීව අඤ්ඤං සරීර සූත්රය
237. සැවැත්නුවරදී:
-පෙ- “ජීවය අනිකකි. ශරීරය අනිකකි”යි? ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ -පෙ- ජීවය අනිකකි. ශරීරය අනිකකි’යි.
3. 2. 15.
හොති තථාගත සූත්රය
238. සැවැත්නුවරදී:
-පෙ- “සත්ත්වතෙමේ (තථාගත තෙමේ) මරණින් පසු ඇත්තේය”යි? ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ -පෙ- සත්ත්වතෙමේ මරණින් පසු ඇත්තේයයි.
3. 2. 16.
නහොති තථාගත සූත්රය
239. සැවැත්නුවරදී:
-පෙ- “සත්ත්වතෙමේ (තථාගත තෙමේ) මරණින් පසු නැත්තේය”යි? ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ -පෙ- සත්ත්වතෙමේ මරණින් පසු නැත්තේයයි.
3. 2. 17.
හොති ච නචහොති තථාගත සූත්රය
240. සැවැත්නුවරදී:
-පෙ- “මරණින් පසු සත්ත්වයා ඇත්තේද වෙයි නැත්තේද වෙයි”යි? ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ -පෙ- මරණින් පසු සත්ත්වයා ඇත්තේද වෙයි නැත්තේද වෙයි’යි.
3. 2. 18.
නෙව හොති න නහොති සූත්රය
241. සැවැත්නුවරදී:
මහණෙනි, කුමක් ඇති කල්හි, කුමක් නිසා, කුමකට පැමිණ මෙසේ දෘෂ්ටි උපදීද: “මරණයෙන් පසු සත්ත්වතෙමේ (තථාගත තෙමේ) නොවේමය, නොවන්නේත් නොවේය”යි?
ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ -පෙ-