3. 2. 3.
සො අත්තා සූත්රය
226. සැවැත්නුවරදී:
-පෙ- “හේ ආත්මය වෙයි. හේ ලෝකය වෙයි. හේ පරලොව මම වන්නෙමි. හේ නිත්යය, ඒකාන්තය, සදාකාලිකය, නොපෙරලෙන ස්වභාව ඇත්තේය”යි? -පෙ-
ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ -පෙ- නොපෙරලෙන ස්වභාව ඇත්තේයයි.
3. 2. 4.
නොච මෙ සියා සූත්රය
227. සැවැත්නුවරදී:
-පෙ- “මම නොවෙම් නම් මාගේ නොවෙයි. මම නොවන්නෙම් නම් මාගේ නොවන්නේය”යි -පෙ- මාගේ නොවන්නේයයි.
3. 2. 5.
නත්ථි දින්න සූත්රය
228. සැවැත්නුවරදී:
-පෙ- “දානයෙහි විපාක නැත. කම්පල අදහා කරන මහා යාගයන්හි විපාක නැත -පෙ- ශරීරයාගේ බිඳීමෙන් සිඳීමට යෙත්. විනාශයට යෙත්. මරණින් මතු නූපදිත්” යන -පෙ-
ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ -පෙ- මරණින් මතු නූපදිති.
3. 2. 6.
කරතො සූත්රය
229. සැවැත්නුවරදී:
-පෙ- “කරන්නා හටද, කරවන්නාහටද -පෙ- පින් නැත. පුණ්යයාගේ පැමිණීමක් නැත”යි. -පෙ- ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ -පෙ- පුණ්යයාගේ පැමිණීමක් නැතයි.
3. 2. 7.
නත්ථි හෙතු සූත්රය
230. සැවැත්නුවරදී:
-පෙ- “සත්ත්වයන්ගේ කෙලෙසීම පිණිස හේතුවක් නැත්තේය. ප්රත්යයක් නැත්තේය. හේතු රහිතව ප්රත්යය රහිතව සත්ත්වයෝ කෙලෙසෙත් -පෙ- ෂඩ් අභිජාතීන්හි සැප දුක් විඳිත්”යි -පෙ- සැප දුක් විඳිත්යි.
3. 2. 8.
මහා දිට්ඨි සූත්රය
231. සැවැත්නුවරදී:
-පෙ- “මේ ශරීර සමූහයෝ සතක් වෙත්. (කිසිවෙකු විසින්) නොකරණ ලදහ. කිසි විධානයක් නොකරණ ලදහ -පෙ- (කඩුවකින් හිස) සිඳින්නා හට (එයින් වන පවක් නැත). සැප දුක් විඳිත්”යි. (මෙහි ලා වාත සූත්රයේ 17, 18, 19, 20 ඡේදවල සඳහන් විස්තරය යෙදිය යුතුය.) ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ -පෙ- සැප දුක් විඳිත්යි.
3. 2. 9.
සස්සත ලොක සූත්රය
232. සැවැත්නුවරදී:
-පෙ- “ලෝකය සදාකාලිකය”යි? ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ -පෙ- ලෝකය සදාකාලිකයයි.
3. 2. 10.
අසස්සත ලොක සූත්රය
233. සැවැත්නුවරදී:
-පෙ- “ලෝකය සදාකාලික නොවේ”යි? ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ -පෙ- ලෝකය සදාකාලික නොවේයි.
3. 2. 11.
අන්තවා ලොක සූත්රය
234. සැවැත්නුවරදී:
-පෙ- “ලෝකය අන්තවත්ය”යි? ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ -පෙ- ලෝකය අන්තවත්යයි.
3. 2. 12.
අනන්තවා ලොක සූත්රය
235. සැවැත්නුවරදී:
-පෙ- “ලෝකය කෙළවරක් නැත්තේය”යි? ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ -පෙ- ලෝකය කෙළවරක් නැත්තේයයි.