3. 2. 22.
නෙව රූපී නාරූපී අත්තා සූත්‍රය
245. සැවැත්නුවරදී:
-පෙ- “අරමුණද නොවන ධ්‍යානයද නොවන්නක් (නෙව රූපී නාරූපී) මරණින් පසු නිරෝගී ආත්මය වෙයි” යන මෙවැනි දෘෂ්ටියක් උපදියි.
3. 2. 23.
එකන්තසුඛී අත්තා සූත්‍රය
246. සැවැත්නුවරදී:
-පෙ- “මරණින් පසු නිරෝගිවූ ඒකාන්තයෙන් සැපවූ ආත්මයක් වේය” යන මෙවැනි දෘෂ්ටියක් උපදියි.
3. 2. 24.
එකන්තදුක්ඛී අත්තා සූත්‍රය
247. සැවැත්නුවරදී:
-පෙ- “මරණින් පසු නිරෝගිවූ ඒකාන්තයෙන් දුක්වූ ආත්මයක් වෙයි” යන මෙවැනි දෘෂ්ටියක් උපදියි.
3. 2. 25.
සුඛදුක්ඛී අත්තා සූත්‍රය
248. සැවැත්නුවරදී:
-පෙ- “මරණින් පසු නිරෝගිවූ සැපද වන දුකද වන (සුඛදුක්ඛී) ආත්මය වෙයි” යන මෙවැනි දෘෂ්ටියක් උපදියි.
3. 2. 26.
අදුක්ඛමසුඛී අත්තා සූත්‍රය
249. සැවැත්නුවරදී:
-පෙ- “මරණින් පසු නිරෝගිවූ දුක නුවූ සැපද නුවූ (අදුක්ඛමසුඛී) ආත්මය වෙයි” යන මෙවැනි දෘෂ්ටියක් උපදියි.
ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ -පෙ-
මහණෙනි, රූපය ඇති කල්හි රූපය නිසා, රූපය දැඩිකොට ගෙන මෙසේ දෘෂ්ටි උපදියි: “මරණින් පසු නිරෝගිවූ දුක නුවූ සැපද නුවූ ආත්මය වෙයි”ති. වේදනාව ඇති කල්හි -පෙ- සංඥාව ඇති කල්හි -පෙ- සංස්කාර ඇති කල්හි -පෙ- විඤ්ඤාණය ඇති කල්හි විඤ්ඤාණය නිසා විඤ්ඤාණය දැඩිකොට ගෙන මෙසේ දෘෂ්ටි උපදියි: “මරණින් පසු නිරෝගිවූ දුක නුවූ සැපද නුවූ ආත්මය වෙයි”ති.
මහණෙනි, ඒ කුමකැයි සිතව්ද? රූපය, නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙයිද? -පෙ- වෙනස් වෙන ස්වභාවද, ඉදින් ඒ රූපය අල්වා නොගැනීමෙන් “මරණින් පසු නිරෝගිවූ දුක නුවූ සැපද නුවූ ආත්මය වෙයි” යන මෙවැනි දෘෂ්ටියක් උපදියිද?
ස්වාමීනි. එසේ නොවේය.
වේදනාව -පෙ- සංඥාව -පෙ- සංස්කාරා -පෙ- විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙයිද? -පෙ- වෙනස්වන ස්වභාවද ඉදින් ඒ (වේදනාව, සංඥාව, සංස්කාර, විඤ්ඤාණය) අල්වා නොගැනීමෙන් “මරණින් පසු නිරෝගිවූ දුක නුවූ සැපද නුවූ ආත්මය වෙයි” යන මෙවැනි දෘෂ්ටියක් උපදියිද?
ස්වාමීනි, එසේ නොවේ.
මහණෙනි, මෙසේ දුක ඇති කල්හි දුක නිසා දුකට පැමිණ මෙවැනි දෘෂ්ටි උපදියි: “මරණින් පසු නිරෝගිවූ දුක නුවූ සැපද නුවූ ආත්මය වෙයි”ති. -පෙ-
දෙවෙනි ගමන වර්ගයයි.
එහි සූත්‍ර නාමාවලිය:
වාත, එතං මම, සො අත්තා, නො ච මෙ සියා, නත්ථි දින්න, කරතො, නත්ථි හේතු සූත්‍ර ද, අටවැනි මහාදිට්ඨි සූත්‍රය ද වේ.
සස්සත ලෝක, අසස්සත ලෝක, අන්තවා ලෝක, අනන්තවා ලෝක යැයි කියනු ලැබෙන සූත්‍ර ද, තං ජීවං තං සරීරං, අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං යන සූත්‍ර ද, හොති තථාගතො, න හොති තථාගතො, හොති ච න ච හොති තථාගතො, නෙව හොති න න හොති තථාගතො යන තථාගත (සත්ත්වයා) පිළිබඳ සූත්‍ර හතර ද වේ.
රූපී අත්තා සූත්‍රය ද, එසේම අනෙක් අරූපී අත්තා සූත්‍රය ද, රූපී ච අරූපී ච අත්තා සූත්‍රය ද, නෙව රූපී නාරූපී අත්තා සූත්‍රය ද,
ඒකන්තසුඛී අත්තා, ඒකන්තදුක්ඛී අත්තා, සුඛදුක්ඛී අත්තා සූත්‍ර ද, අනෙක් අදුක්ඛමසුඛී අත්තා සූත්‍රය ද යන මේ සූත්‍ර විසිහය දෙවන වාරයෙහි මැනවින් දේශනා කරන ලදී.