3. 2. 19.
රූපී අත්තා සූත්රය
242. සැවැත්නුවරදී:
මහණෙනි, කුමක් ඇතිකල්හි කුමක් නිසා කුමකට පැමිණ මරණයෙන් මතු “අරමුණ නිරෝගීවූ (රූපී වූ) ආත්මයයයි” යන මෙවැනි දෘෂ්ටියක් උපදියිද?
ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ -පෙ-
මහණෙනි, රූපය ඇති කල්හි රූපය නිසා රූපයට පැමිණ මරණයෙන් මතු “අරමුණ නිරෝගීවූ ආත්මය වෙයි” යන මෙවැනි දෘෂ්ටියක් උපදියි. වේදනාව ඇති කල්හි -පෙ- සංඥාව ඇතිකල්හි -පෙ- සංස්කාර ඇති කල්හි -පෙ- විඤ්ඤාණය ඇති කල්හි විඤ්ඤාණය නිසා විඤ්ඤාණයට පැමිණ මරණයෙන් මතු “අරමුණ නිරෝගීවූ ආත්මය වෙයි” යන මෙවැනි දෘෂ්ටියක් උපදියි.
මහණෙනි, කුමක් සිතන්නහුද? “රූපය නිත්යද? අනිත්යද?”යි -පෙ-
දුකද, වෙනස්වන ස්වභාවද, ඉදින් ඒ රූපය අල්වා නොගැනීමෙන් මරණයෙන් මතු “අරමුණ නිරෝගීවූ ආත්මය වෙයි” යන මෙවැනි දෘෂ්ටියක් උපදියිද?
ස්වාමීනි, එසේ නොවේ.
“වේදනාව -පෙ- “සංඥාව -පෙ- “සංස්කාර -පෙ- “විඤ්ඤාණය නිත්ය වා අනිත්ය වා”යි -පෙ-
දුකද වෙනස්වන ස්වභාවද, ඉදින් ඒ (වේදනාව, සංඥාව, සංස්කාර, විඤ්ඤාණය) අල්වා නොගැනීමෙන් මරණයෙන් මතු “අරමුණ නිරෝගීවූ ආත්මය වෙයි” යන මෙවැනි දෘෂ්ටියක් උපදියිද?
ස්වාමීනි, එසේ නොවේ.
මහණෙනි, මෙසේ දුක ඇතිකල්හි දුක නිසා දුකට පැමිණ මරණයෙන් මතු “අරමුණ නිරෝගීවූ ආත්මය වෙයි” යන මෙවැනි දෘෂ්ටියක් උපදියි.
3. 2. 20.
අරූපී අත්තා සූත්රය
243. සැවැත්නුවරදී:
මහණෙනි, කුමක් ඇතිකල්හි, කුමක් නිසා, කුමකට පැමිණ, “මරණින් පසු ධ්යානය (අරූපි බව) නිරෝගීවූ ආත්මය වෙයි” යන මෙවැනි දෘෂ්ටියක් උපදියිද?
(ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහුය... මහණෙනි, රූපය ඇතිකල්හි, රූපය නිසා, රූපයට පැමිණ, “මරණින් පසු ධ්යානය (අරූපි බව) නිරෝගීවූ ආත්මය වෙයි” යන මෙවැනි දෘෂ්ටියක් උපදියි. වේදනාව ඇති කල්හි... සංඥාව ඇතිකල්හි... සංස්කාරයෝ ඇතිකල්හි... විඤ්ඤාණය ඇතිකල්හි... “මරණින් පසු ධ්යානය (අරූපි බව) නිරෝගීවූ ආත්මය වෙයි” යන මෙවැනි දෘෂ්ටියක් උපදියි. මහණෙනි, කුමක් සිතන්නහුද? රූපය නිත්යද? අනිත්යද? -පෙ- යමක් වනාහි අනිත්යද, එය දුක හෝ සැප හෝ වෙයිද? -පෙ- යමක් වනාහි අනිත්යයද, දුකද, වෙනස්වන ස්වභාවද, ඉදින් ඒ රූපය අල්වා නොගැනීමෙන් “මරණින් පසු ධ්යානය (අරූපි බව) නිරෝගීවූ ආත්මය වෙයි” යන මෙවැනි දෘෂ්ටියක් උපදියිද? ස්වාමීනි. එසේ නොවේය. වේදනාව... සංඥාව... සංස්කාරයෝ... විඤ්ඤාණය... නිත්යද අනිත්යද? ස්වාමීනි අනිත්යය... ඉදින් ඒ (වේදනාදීන්) අල්වා නොගැනීමෙන්... දෘෂ්ටියක් උපදියිද? ස්වාමීනි එසේ නොවේය. මහණෙනි, මෙසේ දුක ඇතිකල්හි, දුක නිසා. දුකට පැමිණ මෙවැනි දෘෂ්ටි උපදියි.)
3. 2. 21.
රූපීච අරූපීච අත්තා සූත්රය
244. සැවැත්නුවරදී:
-පෙ- “අරමුණද, ධ්යානයද, (රූපීද අරූපීද) මරණයෙන් මතු නිරෝගි ආත්මය වෙයි” යන මෙවැනි දෘෂ්ටියක් උපදියි.
3. 2. 22.
නෙව රූපී නාරූපී අත්තා සූත්රය
245. සැවැත්නුවරදී:
-පෙ- “අරමුණද නොවන ධ්යානයද නොවන්නක් (නෙව රූපී නාරූපී) මරණින් පසු නිරෝගී ආත්මය වෙයි” යන මෙවැනි දෘෂ්ටියක් උපදියි.
3. 2. 23.
එකන්තසුඛී අත්තා සූත්රය
246. සැවැත්නුවරදී:
-පෙ- “මරණින් පසු නිරෝගිවූ ඒකාන්තයෙන් සැපවූ ආත්මයක් වේය” යන මෙවැනි දෘෂ්ටියක් උපදියි.
3. 2. 24.
එකන්තදුක්ඛී අත්තා සූත්රය
247. සැවැත්නුවරදී:
-පෙ- “මරණින් පසු නිරෝගිවූ ඒකාන්තයෙන් දුක්වූ ආත්මයක් වෙයි” යන මෙවැනි දෘෂ්ටියක් උපදියි.
3. 2. 25.
සුඛදුක්ඛී අත්තා සූත්රය
248. සැවැත්නුවරදී:
-පෙ- “මරණින් පසු නිරෝගිවූ සැපද වන දුකද වන (සුඛදුක්ඛී) ආත්මය වෙයි” යන මෙවැනි දෘෂ්ටියක් උපදියි.
3. 2. 26.
අදුක්ඛමසුඛී අත්තා සූත්රය
249. සැවැත්නුවරදී:
-පෙ- “මරණින් පසු නිරෝගිවූ දුක නුවූ සැපද නුවූ (අදුක්ඛමසුඛී) ආත්මය වෙයි” යන මෙවැනි දෘෂ්ටියක් උපදියි.
ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ -පෙ-