3. 2. 13.
තංජීවතං සරීර සූත්‍රය
236. සැවැත්නුවරදී:
-පෙ- “එය ජීවිතය වෙයි, එය ශරීරය වෙයි”යි? ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ -පෙ- එය ජීවිතය වෙයි, එය ශරීරය වෙයි’යි.
3. 2. 14.
අඤ්ඤං ජීව අඤ්ඤං සරීර සූත්‍රය
237. සැවැත්නුවරදී:
-පෙ- “ජීවය අනිකකි. ශරීරය අනිකකි”යි? ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ -පෙ- ජීවය අනිකකි. ශරීරය අනිකකි’යි.
3. 2. 15.
හොති තථාගත සූත්‍රය
238. සැවැත්නුවරදී:
-පෙ- “සත්ත්වතෙමේ (තථාගත තෙමේ) මරණින් පසු ඇත්තේය”යි? ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ -පෙ- සත්ත්වතෙමේ මරණින් පසු ඇත්තේයයි.
3. 2. 16.
නහොති තථාගත සූත්‍රය
239. සැවැත්නුවරදී:
-පෙ- “සත්ත්වතෙමේ (තථාගත තෙමේ) මරණින් පසු නැත්තේය”යි? ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ -පෙ- සත්ත්වතෙමේ මරණින් පසු නැත්තේයයි.
3. 2. 17.
හොති ච නචහොති තථාගත සූත්‍රය
240. සැවැත්නුවරදී:
-පෙ- “මරණින් පසු සත්ත්වයා ඇත්තේද වෙයි නැත්තේද වෙයි”යි? ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ -පෙ- මරණින් පසු සත්ත්වයා ඇත්තේද වෙයි නැත්තේද වෙයි’යි.
3. 2. 18.
නෙව හොති න නහොති සූත්‍රය
241. සැවැත්නුවරදී:
මහණෙනි, කුමක් ඇති කල්හි, කුමක් නිසා, කුමකට පැමිණ මෙසේ දෘෂ්ටි උපදීද: “මරණයෙන් පසු සත්ත්වතෙමේ (තථාගත තෙමේ) නොවේමය, නොවන්නේත් නොවේය”යි?
ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ -පෙ-
මහණෙනි, රූපය ඇති කල්හි රූපය නිසා රූපයට පැමිණ මෙසේ දෘෂ්ටි උපදී: “මරණයෙන් පසු සත්ත්වතෙමේ නොවේමය, නොවන්නේත් නොවේය”යි. වේදනාව ඇති කල්හි -පෙ- සංඥාව ඇති කල්හි -පෙ- සංස්කාර ඇති කල්හි -පෙ- විඤ්ඤාණය ඇති කල්හි විඤ්ඤාණය නිසා විඤ්ඤාණයට පැමිණ මෙසේ දෘෂ්ටි උපදී: “මරණයෙන් පසු සත්ත්වතෙමේ නොවේමය, නොවන්නේත් නොවේය”යි.
මහණෙනි, කුමක් සිතන්නහුද? -පෙ- මරණයෙන් පසු සත්ත්වතෙමේ නොවේමය, නොවන්නේත් නොවේයයි.
3. 2. 19.
රූපී අත්තා සූත්‍රය
242. සැවැත්නුවරදී:
මහණෙනි, කුමක් ඇතිකල්හි කුමක් නිසා කුමකට පැමිණ මරණයෙන් මතු “අරමුණ නිරෝගීවූ (රූපී වූ) ආත්මයයයි” යන මෙවැනි දෘෂ්ටියක් උපදියිද?
ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ -පෙ-
මහණෙනි, රූපය ඇති කල්හි රූපය නිසා රූපයට පැමිණ මරණයෙන් මතු “අරමුණ නිරෝගීවූ ආත්මය වෙයි” යන මෙවැනි දෘෂ්ටියක් උපදියි. වේදනාව ඇති කල්හි -පෙ- සංඥාව ඇතිකල්හි -පෙ- සංස්කාර ඇති කල්හි -පෙ- විඤ්ඤාණය ඇති කල්හි විඤ්ඤාණය නිසා විඤ්ඤාණයට පැමිණ මරණයෙන් මතු “අරමුණ නිරෝගීවූ ආත්මය වෙයි” යන මෙවැනි දෘෂ්ටියක් උපදියි.
මහණෙනි, කුමක් සිතන්නහුද? “රූපය නිත්‍යද? අනිත්‍යද?”යි -පෙ-
දුකද, වෙනස්වන ස්වභාවද, ඉදින් ඒ රූපය අල්වා නොගැනීමෙන් මරණයෙන් මතු “අරමුණ නිරෝගීවූ ආත්මය වෙයි” යන මෙවැනි දෘෂ්ටියක් උපදියිද?
ස්වාමීනි, එසේ නොවේ.
“වේදනාව -පෙ- “සංඥාව -පෙ- “සංස්කාර -පෙ- “විඤ්ඤාණය නිත්‍ය වා අනිත්‍ය වා”යි -පෙ-
දුකද වෙනස්වන ස්වභාවද, ඉදින් ඒ (වේදනාව, සංඥාව, සංස්කාර, විඤ්ඤාණය) අල්වා නොගැනීමෙන් මරණයෙන් මතු “අරමුණ නිරෝගීවූ ආත්මය වෙයි” යන මෙවැනි දෘෂ්ටියක් උපදියිද?
ස්වාමීනි, එසේ නොවේ.
මහණෙනි, මෙසේ දුක ඇතිකල්හි දුක නිසා දුකට පැමිණ මරණයෙන් මතු “අරමුණ නිරෝගීවූ ආත්මය වෙයි” යන මෙවැනි දෘෂ්ටියක් උපදියි.
3. 2. 20.
අරූපී අත්තා සූත්‍රය
243. සැවැත්නුවරදී:
මහණෙනි, කුමක් ඇතිකල්හි, කුමක් නිසා, කුමකට පැමිණ, “මරණින් පසු ධ්‍යානය (අරූපි බව) නිරෝගීවූ ආත්මය වෙයි” යන මෙවැනි දෘෂ්ටියක් උපදියිද?
(ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහුය... මහණෙනි, රූපය ඇතිකල්හි, රූපය නිසා, රූපයට පැමිණ, “මරණින් පසු ධ්‍යානය (අරූපි බව) නිරෝගීවූ ආත්මය වෙයි” යන මෙවැනි දෘෂ්ටියක් උපදියි. වේදනාව ඇති කල්හි... සංඥාව ඇතිකල්හි... සංස්කාරයෝ ඇතිකල්හි... විඤ්ඤාණය ඇතිකල්හි... “මරණින් පසු ධ්‍යානය (අරූපි බව) නිරෝගීවූ ආත්මය වෙයි” යන මෙවැනි දෘෂ්ටියක් උපදියි. මහණෙනි, කුමක් සිතන්නහුද? රූපය නිත්‍යද? අනිත්‍යද? -පෙ- යමක් වනාහි අනිත්‍යද, එය දුක හෝ සැප හෝ වෙයිද? -පෙ- යමක් වනාහි අනිත්‍යයද, දුකද, වෙනස්වන ස්වභාවද, ඉදින් ඒ රූපය අල්වා නොගැනීමෙන් “මරණින් පසු ධ්‍යානය (අරූපි බව) නිරෝගීවූ ආත්මය වෙයි” යන මෙවැනි දෘෂ්ටියක් උපදියිද? ස්වාමීනි. එසේ නොවේය. වේදනාව... සංඥාව... සංස්කාරයෝ... විඤ්ඤාණය... නිත්‍යද අනිත්‍යද? ස්වාමීනි අනිත්‍යය... ඉදින් ඒ (වේදනාදීන්) අල්වා නොගැනීමෙන්... දෘෂ්ටියක් උපදියිද? ස්වාමීනි එසේ නොවේය. මහණෙනි, මෙසේ දුක ඇතිකල්හි, දුක නිසා. දුකට පැමිණ මෙවැනි දෘෂ්ටි උපදියි.)