3. 1. 4.
නොචමෙසියා සුත්තං
209. [1] මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
[2] “මහණෙනි, කුමක් ඇතිකල්හි කුමක් නිසා කුමකට පැමිණ අතීතයෙහි නොවූයෙම් නම් මෙහි නොවෙමි. මෙහි නොවන්නෙම් නම් මතු නොවන්නෙමි යන දෘෂ්ටිය උපදීද?”
“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහ. භාග්යවතුන් වහන්සේ ප්රභව කොට ඇත්තාහ. භාග්යවතුන් වහන්සේ පිහිටකොට ඇත්තාහ. භාග්යවතුන් වහන්සේ වදාරන සේක් නම් මැනවි. භාග්යවතුන් වහන්සේගෙන් අසා ඒ අර්ථය භික්ෂූහු දැනගන්නාහුය.”
[3] “මහණෙනි, එසේ නම් අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමැයි” කීය. “ස්වාමීනි, එසේයයි,” ඒ භික්ෂූහු, භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. “මහණෙනි, රූපය ඇති කල්හි රූපය නිසා රූපයට පැමිණ අතීතයෙහි නුවූයේනම් මෙහි නොවෙමි. මෙහි නොවන්නෙම් නම් මතු නොවන්නෙමි යන මේ දෘෂ්ටිය උපදියි. වේදනාව ඇති කල්හි වේදනාව නිසා වේදනාවට පැමිණ අතීතයෙහි නුවූයේ නම් මෙහි නොවෙමි. මෙහි නොවන්නේ නම් මතු නොවන්නෙම් යන මේ දෘෂ්ටිය උපදියි. සංඥාව ඇති කල්හි සංඥාව නිසා සංඥාවට පැමිණ අතීතයෙහි නුවූයේ නම් මෙහි නොවෙමි. මෙහි නොවන්නෙම් නම් මතු නොවන්නෙමි යන මේ දෘෂ්ටිය උපදියි. සංස්කාරයන් ඇතිකල්හි සංස්කාරයන් නිසා සංස්කාරයන්ට පැමිණ අතීතයෙහි නුවූයේ නම් මෙහි නොවෙමි. මෙහි නොවන්නෙම් නම් මතු නොවන්නෙමි යන මේ දෘෂ්ටිය උපදියි. විඥානය ඇතිකල්හි විඥානය නිසා විඥානයට පැමිණ අතීතයෙහි නොවූයේ නම් මෙහි නොවෙමි. මෙහි නොවන්නෙම් නම් මතු නොවන්නෙමි යන මේ දෘෂ්ටිය උපදියි.
[4] “මහණෙනි, ඒ කුමකැයි සිතන්නාහුද? රූපය නිත්යද? අනිත්යද?”
“ස්වාමීනි, අනිත්යයි.”
“යමක් අනිත්ය නම් එය දුකද? සැපද?”
“ස්වාමීනි, දුකයි.”
“යමක් වනාහි අනිත්යයද, දුක්ද, වෙනස්වන ස්වභාවද එය අල්වා නොගෙන අතීතයෙහි නුවූයෙම් නම් දැන් නොවෙමි. දැන් නොවන්නෙමි නම් මතු නොවන්නෙමියි යන මේ දෘෂ්ටිය උපදින්නේද?”
“ස්වාමීනි, එය නොවන්නේමය.”
“වේදනාව නිත්යද? අනිත්යද? ... “සඤ්ඤාව නිත්යද? අනිත්යද? ... “සංස්කාරය නිත්යද? අනිත්යද? ... “විඤ්ඤාණය නිත්යද? අනිත්යද? ... [5] ඇසින් දක්නාලද කණින් අසන ලද නාසය දිව කය යන තුනෙන් දන්නා ලද සිතින් දන්නාලද සොයන ලද විමසනලද යම් දෙයක් වේද, එයද නිත්ය හෝ අනිත්ය හෝ වෙයිද?”
“ස්වාමීනි, අනිත්යයි.”
“යමක් අනිත්ය නම් එය දුකද සැපද ... ‘යමක් අනිත්ය නම් එය දුකද? සැපද? ... “යමක් අනිත්ය නම් එය දුකද? සැපද? ... “යමක් අනිත්ය නම් එය දුකද? සැපද? ... “යමක් වනාහි අනිත්යයද දුක හෝ සැප හෝ වෙයිද?”
“ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්යද, දුකද, වෙනස්වන ස්වභාවද, එය අල්වානොගෙන අතීතයෙහි නුවූයෙම්නම් දැන් නොවෙමි. දැන් නොවන්නෙම් නම් මතු නොවන්නෙමියි යන මේ දෘෂ්ටිය උපදින්නේද? ... “යමක් වනාහි අනිත්යද, දුකද, වෙනස්වන ස්වභාවද, එය අල්වානොගෙන අතීතයෙහි නුවූයෙම්නම් දැන් නොවෙමි. දැන් නොවන්නෙම් නම් මතු නොවන්නෙමියි යන මේ දෘෂ්ටිය උපදින්නාහුද? ... “යමක් වනාහි අනිත්යද, දුකද, වෙනස්වන ස්වභාවද, එය අල්වා නොගෙන අතීතයෙහි නුවූයෙම්නම් දැන් නොවෙමි, දැන් නොවන්නෙම් නම් මතු නොවන්නෙමියි යන දෘෂ්ටිය උපදින්නේද? ... “යමක් වනාහි අනිත්යද, දුකද, වෙනස්වන ස්වභාවද, එය අල්වා නොගෙන අතීතයෙහි නුවූයෙම්නම් දැන් නොවෙමි, දැන් නොවන්නෙම් නම් මතු නොවන්නෙමියි යන මේ දෘෂ්ටිය උපදින්නේද? ... “යමක් වනාහි අනිත්යයද, දුකද, වෙනස්වන ස්වභාවද, එය අල්වා නොගෙන අතීතයෙහි නුවූයෙම් නම් දැන් නොවෙමි, දැන් නොවන්නෙම් නම් මතු නොවන්නෙමියි යන මේ දෘෂ්ටිය උපදින්නේද?”
“ස්වාමීනි, එය නොවන්නේමය.”
“මහණෙනි, යම්තැනක පටන් ආර්යශ්රාවකයාහට මේ කරුණු සයෙහි සැක දුරුවූයේ වෙයිද, ඔහුට දුක්ඛයෙහිද සැක දුරුවූයේ වෙයි. ඔහුට දුක්ඛ සමුදයෙහි සැක දුරුවූයේ වෙයි. දුක්ඛ නිරෝධයෙහි සැක දුරුවූයේ වෙයි, ඔහුට දුක්ඛ නිරෝධ ගාමිණී ප්රතිපදාආර්ය සත්යයෙහිද සැක දුරුවූයේ වෙයි. “මහණෙනි, මේ ආර්ය ශ්රාවකතෙමේ සෝතාපන්නයෙකැයිද, සතර අපායෙහි නොවැටීම ස්වභාවකොට ඇත්තෙකැයිද, නියත ගති ඇත්තෙකැයිද අර්හත් ඵලය පිහිටකොට ඇත්තෙකැයිද කියනු ලැබේ.”
3. 1. 5.
නත්ථි කරොථ සූත්රය (1)
210. [1] මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක.
[2] “මහණෙනි; කුමක් ඇති කල්හි කුමක් නිසා කුමකට පැමිණ ‘දානයෙහි විපාක නැත. කම්පල අදහා කරණ මහා යාගයන්හි විපාක නැත. පුදන ලද්දෙහි විපාක නැත. කුසලාකුසලයන්ගේ ඵල විපාක නැත. පරලොවක් නැත. මෙලොවක් නැත. මවක් නැත. පියෙක් නැත. ඕපපාතික සත්ත්වයෝ නැත. යමෙක් මෙලොවත් පරලොවත් යහපත් නුවණින් ප්රත්යක්ෂකොට දැනගනිත්ද, එබඳු යහපත් පැවතුම් ඇති, යහපත් ගති ඇති, මහණ බමුණෝ ලෙව්හි නැත. සතරමහාභූතයන්ගෙන් ඇතිවූ මේ පුරුෂතෙමේ යම්කලෙක කලුරිය කරයිද, එකල පඨවි ධාතුව, පඨවි ධාතුව අනුවයයි. ආපෝ ධාතුව, අපෝ ධාතුව අනුව යයි. තේජෝ ධාතුව, තේජෝ ධාතුව අනුව යයි. වායෝ ධාතුව, වායෝ ධාතුව අනුව යයි. සිත සවැනිකොට ඇති ඉන්ද්රියයෝ අහසට ගමන් කරත්. ඇඳ පස්වැනිකොට ඇති මළසිරුර පුරිසයන් සතර දෙනෙක් ගෙනයත්. ගුණාගුණ පදයෝ සොහොන්බිම තෙක් ප්රකට වෙත්. ඇට පරෙයිපත් පාට ඇති වෙත්. දෙනලද දානාදීන්ගේ ඵලය අලු කෙළවරකොට ඇත්තේ වෙයි. මේ දානය නම් බාලයන් විසින් පනවනලද ඔවුන්ගේ හිස්වූ සත්යයෙන් තොරවූ විලාපයකි. යමෙක් දුන් දෙයෙහි ඵල ඇතැයි කියත්ද, ඒ බාලයෝද, පණ්ඩිතයෝද, ශරීරයාගේ බිඳීමෙන් සිඳීමට යෙත් විනාශයට යෙත්. මරණින් මතු නූපදිත්’ යන මේ දෘෂ්ටි උපදීද?”
“ස්වාමීනි, අපගේ දහම් භාග්යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහ. භාග්යවතුන් වහන්සේ පමුණුවන්නාකොට ඇත්තාහ. භාග්යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තාහ. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්යවතුන් වහන්සේ විසින්ම කියා දෙතොත් ඉතා හොඳය. භික්ෂූහු ඒ අර්ථය භාග්යවතුන් වහන්සේගෙන් අසා දැනගත්තාහුය. [3] “මහණෙනි, එසේනම් අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමැයි” කීය. “ස්වාමීනි, එසේයයි,” ඒ භික්ෂූහු, භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ.
“මහණෙනි, රූපය ඇති කල්හි රූපය නිසා රූපයට පැමිණ ‘දෙනලද දෙයෙහි විපාක නැත. පුදනලද මහාදාන සංඛ්යාත මහායාගයන්ගේ විපාක නැත. පුදන ලද්දෙහි විපාක නැත. කුසලාකුසලයන්ගේ ඵල විපාක නැත. පරලොවක් නැත. මෙලොවක් නැත. මවෙක් නැත. පියෙක් නැත. ඕපපාතික සත්වයෝ නැත. යමෙක් මෙලොවත් පරලොවත් යහපත් නුවණින් ප්රත්යක්ෂකොට දැනගනිත්ද, එබඳු යහපත් පැවතුම් ඇති, යහපත් ගති ඇති, මහණ බමුණෝ ලෙව්හි නැත. සතරමහාභූතයන්ගෙන් ඇතිවූ මේ පුරිෂතෙමේ යම් කලෙක කලුරිය කරයිද, එකල පඨවි ධාතුව, පඨවි ධාතුව අනුව යයි. ආපෝ ධාතුව, ආපෝ ධාතුව අනුව යයි. තේජෝ ධාතුව, තේජෝ ධාතුව අනුව යයි. වායෝ ධාතුව, වායෝ ධාතුව අනුව යයි. සිත සවැනිකොට ඇති ඉන්ද්රියයෝ අහසට ගමන් කරත්. ඇඳ පස්වැනිකොට ඇති මළසිරුර පුරිසයන් සතර දෙනෙක් ගෙනයත්. ගුණාගුණ පදයෝ සොහොන්බිම තෙක් ප්රකට වෙත්. ඇට පරෙයිපත් පාට ඇති වෙත්. දෙන ලද දානාදීන්ගේ ඵලය අලු කෙළවරකොට ඇත්තේ වෙයි. මේ දානය නම් බාලයන් විසින් පනවනලද ඔවුන්ගේ හිස්වූ සත්යයෙන් තොරවූ විලාපයකි. යමෙක් දුන් දෙයෙහි ඵල ඇතැයි කියත්ද, ඒ බාලයෝද, පණ්ඩිතයෝද, ශරීරයාගේ බිඳීමෙන් සිඳෙත්, විනාශවෙත්, මරණින් මතු නොවෙත් හෙවත් නූපදිත් යන මේ දෘෂ්ටි උපදියි. [4] “වේදනාව ඇතිකල්හි වේදනාව නිසා වේදනාවට පැමිණ දෙනලද දෙයෙහි විපාක නැත... සිඳෙත්, විනාශ වෙත්, මරණින් මතු නොවෙත් හෙවත් නූපදිත්’ යන මේ දෘෂ්ටි උපදියි. [5] “සංඥාව ඇති කල්හි සංඥාව නිසා සංඥාවට පැමිණ... සිඳෙත්, විනාශවෙත්. මරණින් මතු නොවෙත් හෙවත් නූපදිත්’ යන මේ දෘෂ්ටි උපදියි. [6] “සංස්කාරය ඇතිකල්හි සංස්කාරය නිසා සංස්කාරයට පැමිණ... සිඳෙත්, විනාශවෙත්. මරණින් මතු නූපදිත් යන මේ දෘෂ්ටිය උපදියි.” [7] “විඥානය ඇති කල්හි විඥානය නිසා විඥානයට පැමිණ... සිඳෙත්. විනාශ වෙත්. මරණින් මතු නූපදිත්’ යන මේ දෘෂ්ටිය උපදියි.
[8] “මහණෙනි, ඒ කුමකැයි සිතව්ද? රූපය නිත්යය හෝ අනිත්යය හෝ වෙයිද?”
“ස්වාමීනි, අනිත්යය.” “යමක් වනාහි අනිත්ය නම්, එය දුකද? සැපද?” - ‘ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්යද, දුකද වෙනස්වන ස්වභාවද, එය දැඩි ලෙස නොගෙන ‘දෙනලද දානයෙහි විපාක නැත. දෙන ලද යාග සංඛ්යාත මහාදානයෙහි විපාක නැත. පුදන ලද්දෙහි විපාක නැත. කුසලාකුසලයන්ගේ ඵල විපාක නැත. පරලොවක් නැත. මෙලොවක් නැත. මවෙක් නැත. පියෙක් නැත. ඕපපාතික සත්ත්වයෝ නැත. යමෙක් මෙලොවත් පරලොවත් යහපත් නුවණින් ප්රත්යක්ෂකොට දැනගනිත්ද, එබඳු යහපත් පැවතුම් ඇති, යහපත් ගති ඇති, මහණ බමුණෝ ලෙව්හි නැත. සතර මහා භූතයන්ගෙන් ඇතිවූ මේ පුරුෂතෙමේ යම් කලෙක කලුරිය කරයිද, එකල පඨවි ධාතුව, පඨවි ධාතුව අනුවයයි. ආපෝ ධාතුව, ආපෝ ධාතුව අනුවයි. තේජෝ ධාතුව, තේජෝධාතුව අනුවයයි. වායෝ ධාතුව, වායෝ ධාතුව අනුවයයි. සිත සවෙනිකොට ඇති ඉන්ද්රියයෝ අහසට ගමන් කරත්. ඇඳ පස්වෙනිකොට ඇති මළසිරුර පුරුෂයන් සතර දෙනෙක් ගෙනයත්. ගුණාගුණ පදයෝ සොහොන් බිමතෙක් ප්රකට වෙත්. ඇට පරෙයිපත් පාට ඇතිවෙත්. දෙන ලද දානාදීන්ගේ ඵලය අලු කෙළවරකොට ඇත්තේවෙයි. මේ දානය නම් බාලයන් විසින් පනවන ලද ඔවුන්ගේ හිස්වූ සත්යයෙන් තොරවූ විලාපයකි. යමෙක් දුන් දෙයෙහි ඵල ඇතැයි කියත්ද, ඒ බාලයෝද, පණ්ඩිතයෝද, ශරීරයාගේ බිඳීමෙන් සිඳෙත්. විනාශ වෙත්, මරණින් මතු නූපදිත් යන මේ දෘෂ්ටි උපදින්නේද?”