3. 1. 16.
තථාගත සූත්‍රය (2)
221. සැවැත්නුවරදීය:
මහණෙනි, කුමක් ඇති කල්හි, කුමක් නිසා, කුමකට පැමිණ “සත්ත්වයා මරණින් මතු නොවන්නේය” යන මේ දෘෂ්ටිය උපදීද?
“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ ප්‍රභව කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පිහිටකොට ඇත්තාහ. මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින්ම වදාරන සේක්නම් මැනවි.” “මහණෙනි, එසේනම් අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමැයි” කීය. “ස්වාමීනි, එසේයයි,” ඒ භික්ෂූහු, භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
[3] “මහණෙනි, රූපය ඇති කල්හි රූපය නිසා රූපයට පැමිණ ‘සත්ත්වතෙමේ මරණින් මතු නොවන්නේය’ යන මේ දෘෂ්ටිය උපදින්නේය. වේදනාව ඇති කල්හි වේදනාව නිසා වේදනාවට පැමිණ ‘සත්ත්වතෙමේ මරණින් මතු නොවන්නේය’ යන මේ දෘෂ්ටිය උපදියි. සංඥාව ඇතිකල්හි සංඥාව නිසා සංඥාවට පැමිණ ‘සත්ත්වතෙමේ මරණින් මතු නොවන්නේය’ යන මේ දෘෂ්ටිය උපදියි. සංස්කාර ඇතිකල්හි සංස්කාර නිසා සංස්කාරයට පැමිණ ‘සත්ත්වතෙමේ මරණින් මතු නොවන්නේය’ යන මේ දෘෂ්ටිය උපදියි. විඥානය ඇති කල්හි විඥානය නිසා විඥානයට පැමිණ ‘සත්ත්වතෙමේ මරණින් නොවන්නේය’ යන මේ දෘෂ්ටිය උපදියි.
[4] “මහණෙනි, ඒ කුමකැයි සිතව්ද? රූපය නිත්‍ය හෝ වේද? අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යද, එය දුක හෝ සැප හෝ වෙයිද?” -“ස්වාමීනි, දුකයි.” “යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාවද? එය දැඩිලෙස අල්වා නොගෙන සත්ත්වතෙමේ මරණින් මතු නොවන්නේය’ යන මේ දෘෂ්ටිය උපදින්නේද?”
“ස්වාමීනි, එය නොවන්නේමය,”
වේදනාව -පෙ- සංඥාව -පෙ- සංස්කාර -පෙ- විඤ්ඤාණය -පෙ- දක්නා ලද, අසන ලද, නාසය දිව කය යන තුනෙන් දැනගන්නා ලද, සිතින් දැනගන්නා ලද, පැමිණෙන ලද, සොයන ලද, සිතින් විමසන ලද යම් මේ දෙයක් වේද, එයද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද? -පෙ- දුකද, වෙනස්වන ස්වභාවද, එය දැඩිලෙස නොගෙන “සත්ත්වයා මරණින් මතු නොවන්නේය” යන මේ දෘෂ්ටිය උපදින්නේද?
“ස්වාමීනි, එය නොවන්නේමය.”
[6] “මහණෙනි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවකයාහට මේ සයවැදෑරුම් කරුණෙහි සැක දුරුවූයේ වෙයිද, ඔහුට දුක පිළිබඳවද සැක දුරුවූයේ වෙයි. දුක්ඛ සමුදය පිළිබඳවද සැක දුරුවූයේ වෙයි. දුක්ඛ නිරෝධය පිළිබඳවද සැකදුරු වූයේ වෙයි. දුක්ඛනිරෝධ ගාමිනී ප්‍රතිපදාව පිළිබඳවද සැක දුරු වූයේ වෙයි. මහණෙනි, මේ ආර්ය ශ්‍රාවකතෙමේ සෝවාන් වූවෙකැයිද, සතර අපායෙහි නොවැටීම ස්වභාව කොට ඇත්තෙකැයිද, අර්හත් ඵලය පිහිට කොට ඇත්තෙකැයිද කියනු ලැබේ.”
3. 1. 17.
තථාගත සූත්‍රය. (3)
222. සැවැත්නුවරදීය:
[2] “මහණෙනි, කුමක් ඇතිකල්හි කුමක් නිසා කුමකට පැමිණ, ‘සත්ත්ව තෙමේ මරණින් මතු වන්නේද වෙයි නොවන්නේද වෙයි’ යන මේ දෘෂ්ටිය උපදීද?”
“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ ප්‍රභව කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පිහිටකොට ඇත්තාහ. මේ කීමේ අදහස, භාග්‍යවතුන් වහන්සේ විසින්ම වදාරන සේක්නම් මැනවි.” “මහණෙනි, එසේනම් අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමැයි” කීය. “ස්වාමීනි, එසේයයි” ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
[3] “මහණෙනි, රූපය ඇති කල්හි රූපය නිසා රූපයට පැමිණ, ‘සත්ත්වතෙමේ මරණින් මතු වන්නේද වෙයි. නොවන්නේද වෙයි’ යන මේ දෘෂ්ටිය උපදියි. වේදනාව ඇති කල්හි වේදනාව නිසා වේදනාවට පැමිණ, ‘සත්ත්ව තෙමේ මරණින් මතු වන්නේද වෙයි. නොවන්නේද වෙයි’ යන මේ දෘෂ්ටිය උපදියි. සංඥාව ඇති කල්හි සංඥාව නිසා සංඥාවට පැමිණ ‘සත්ත්ව තෙමේ මරණින් මතු වන්නේද වෙයි. නොවන්නේද වෙයි’ යන මේ දෘෂ්ටිය උපදියි. සංස්කාරයන් ඇති කල්හි සංස්කාරයන් නිසා සංස්කාරයන්ට පැමිණ, ‘සත්ත්ව තෙමේ මරණින් මතු වන්නේද වෙයි. නොවන්නේද වෙයි’ යන මේ දෘෂ්ටිය උපදියි, විඥානය ඇති කල්හි විඥානය නිසා විඥානයට පැමිණ, ‘සත්ත්ව තෙමේ මරණින් මතු වන්නේද වෙයි. නොවන්නේද වෙයි’ යන මේ දෘෂ්ටිය උපදියි.
[4] “මහණෙනි, ඒ කුමකැයි සිතව්ද? රූපය නිත්‍යය හෝ අනිත්‍යය හෝ වෙයිද?”
“ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍ය නම්, එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාවද, එය දැඩිකොට අල්වා නොගෙන ඉදින් ‘සත්ත්ව තෙමේ මරණින් වන්නේද වෙයි. නොවන්නේද වෙයි’ යන මේ දෘෂ්ටිය උපදින්නේද?”
“ස්වාමීනි, එය නොවන්නේමය.”
වේදනාව -පෙ- සංඥාව -පෙ- සංස්කාර -පෙ- විඤ්ඤාණය -පෙ- දක්නා ලද, අසන ලද, නාසය දිව කය යන තුනෙන් දැනගන්නා ලද, සිතින් දැනගන්නා ලද, පැමිණෙන ලද, සොයන ලද, සිතින් විමසන ලද යම් මේ දෙයක් වේද, එයද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද? -පෙ- දුකද, වෙනස්වන ස්වභාවද, එය දැඩිලෙස නොගෙන “සත්ත්වයා මරණින් මතු වන්නේද වෙයි, නොවන්නේද වෙයි” යන මේ දෘෂ්ටිය උපදින්නේද?
“ස්වාමීනි, එය නොවන්නේමය.”
[6] මහණෙනි, යම් තැනක පටන් ආර්යශ්‍රාවකයාගේ මේ කරුණෙහි සැක දුරුවූයේ වෙයිද, ඔහුට දුක පිළිබඳවද, සැක දුරුවූයේ වෙයි. ඔහුට දුක්ඛ සමුදය පිළිබඳවද සැක දුරුවූයේ වෙයි. ඔහුට දුක්ඛ නිරෝධය පිළිබඳවද සැක දුරුවූයේ වෙයි. ඔහුට දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාව පිළිබඳවද සැක දුරුවූයේ වෙයි. ‘මහණෙනි, මේ ආර්ය ශ්‍රාවකතෙමේ සෝතාපන්නයයිද, සතර අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තෙකැයිද නියත ගති ඇත්තෙකැයිද අර්හත් ඵලය පිහිටකොට ඇත්තෙකැයිද කියනු ලැබේ.”