11. 1. 53.
53. සීත සූත්රය
602. (මේ සූත්රය මේ වර්ගයේ 1 වෙනි සූත්රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“ස්වාමීනි, යම් හෙයකින් සමහර දිනක සීත වේද (එයට) හේතුව කවරේද? ප්රත්යය කවරේද?”
“මහණ, සීත වලාහක නම් දෙවියෝ ඇත්තාහ. ඔවුනට යම් කලක මෙබඳු සිතක් වෙයි. ‘අපි ඒකාන්තයෙන් ස්වකීය ඇල්මෙන් ප්රීතිවන්නෙමු කියායි.’ ඔවුන්ගේ ඒ සිතේ පැතීම අනුවම සීතවෙයි. යම් හෙයකින් ඇතැම් කලක සීත වේද, මහණ එයට මේ හේතුවයි. මේ ප්රත්යයයි.”
11. 1. 54.
54. උණ්හ සූත්රය
603. (මේ සූත්රය මේ වර්ගයේ 1 වෙනි සූත්රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“ස්වාමීනි, යම් හෙයකින් ඇතැම් දිනක උණුසුම වේද, එයට හේතුව කවරේද? එයට ප්රත්ය කවරේද?”
“මහණ උෂ්ණ වලාහක නම් දෙවියෝ ඇත්තාහ. ඔවුන්ට යම් කලක මෙබඳු සිතෙක් වෙයි. ‘අපි ඒකාන්තයෙන් ස්වකීය ඇල්මෙන් ප්රීතිවන්නෙමු’ කියායි. ඔවුන්ගේ ඒ පැතීම අනුවම උණුසුම් වෙයි. යම් හෙයකින් ඇතැම් කලක උණුසුම් වේද, මහණ (එයට) මේ හේතුවයි. මේ ප්රත්යයයි.”
11. 1. 55.
55. අබ්භ සූත්රය
604. (මේ සූත්රය මේ වර්ගයේ 1 වෙනි සූත්රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“ස්වාමීනි, යම් හෙයකින් ඇතැම් කලක වැසි වලාකුල්වේද, එයට හේතුව කවරේද? එයට ප්රත්ය කවරේද?”
“මහණ, ‘අබ්භ’ වලාහක නම් දෙවියෝ ඇත්තාහ. ඔවුනට යම් කලක (මෙබඳු) සිතක් වෙයි. ‘අපි ඒකාන්තයෙන් ස්වකීය ඇල්මෙන් ක්රීඩා කරන්නෙමු’ කියායි. ඔවුන්ගේ ඒ සිතේ පැතීම අනුවම වැසි වලාකුල් වෙයි යනුයි. යම් හෙයකින් ඇතැම් කලක වැසි වලාකුල් වේද, මහණ (එයට) මේ හේතුවයි. මේ ප්රත්යයයි.”
11. 1. 56.
56. වාත සූත්රය
605. (මේ සූත්රයද මේ වර්ගයේ 1 වෙනි සූත්රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“ස්වාමීනි, ඇතැම් දිනක වාතය වෙයි, (එයට) හේතුව කවරේද? ප්රත්යය කවරේද?”
“මහණ ‘වාත’ වලාහක නම් දෙවියෝ ඇත්තාහ. ඔවුනට යම් කලක (මෙබඳු) සිතක් වෙයි. ‘අපි ස්වකීය ඇල්මෙන් ක්රීඩා කරන්නෙමු’ කියායි. ඔවුන්ගේ ඒ සිතේ පැතීම අනුවම වාතය වෙයි. යම් හෙයකින් ඇතැම් දිනක වාතය වේද, මහණ (එයට) මේ හේතුවයි, මේ ප්රත්යයයි.”
11. 1. 57.
57. වස්ස සූත්රය
606. (මේ සූත්රය මේ වර්ගයේ 1 වෙනි සූත්රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“ස්වාමීනි, යම් හෙයකින් ඇතැම් දිනක අධික වර්ෂාව ඇතිවේද, එයට හේතුව කවරේද? ප්රත්යය කවරේද?”
“මහණ, වස්ස වලාහක නම් දේවතාවෝ ඇත්තාහ. ඔවුන්ට යම් කලක (මෙබඳු) සිතෙක් වෙයි. ‘අපි ස්වකීය ඇල්මෙන් ක්රීඩා කරන්නෙමු’ යනුයි. ඔවුන්ගේ ඒ සිතේ පැතීම සමගම මහා වැසි වසියි, යම් හෙයකින් ඇතැම් දිනක මහ වැසි වසියිද, මහණ (එයට) මේ හේතුවයි. මේ ප්රත්යයයි.”
පළමු වලාහක වර්ගයයි.
සත්තපඤ්ඤාසසුත්තන්තං නිට්ඨිතං. දේසනා සූත්රය, සුචරිත සූත්රය, දානුපකාර සූත්ර පනසය. සීත සූත්රය, උණ්හ සූත්රය, අබ්භ සූත්රය, වාත සූත්රය සහ වස්ස සූත්රය දැයි මේ වලාහක සංයුත්තයෙහි සූත්ර පනස් හතකි.
එහි උද්දානය:
සුද්ධික ද සුචරිත ද දානයෙන් දස පඤ්චකය ද, සීත, උණ්හ, අබ්භ, වාත සහ වස්සවලාහක දැයි (සූත්ර වෙයි).
එකොළොස්වෙනි වලාහක සංයුත්තය නිමි.