10. 1. 13-22.
13-22. අන්නදායක මූලගන්ධ ආදී වූ සූත්ර දහය
450-459. (මෙහි 1 ඡේදය මේ සංයුත්තයේ 2 සූත්රයේ 1 වෙනි ඡේදය මෙනි.)
“ස්වාමීනි, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැමෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු මූලගන්ධයෙහි වාසය කරන දෙවියන් හා එක්වීමට පැමිණේද, එයට හේතුව කවරේද? ප්රත්යය කවරේද?”
“මහණ මේ ලෝකයෙහි ඇතැමෙක් කයින් සුචරිතයෙහි හැසිරෙයි. වචනයෙන් සුචරිතයෙහි හැසිරෙයි. සිතින් සුචරිතයෙහි හැසිරෙයි. මූලගන්ධයෙහි වාසය කරන දෙවියෝ දීර්ඝායුෂ ඇත්තාහ. වර්ණය ඇත්තාහ. සැප බහුලකොට ඇත්තාහයි ඔහු විසින් අසනලද්දේ වෙයි.
“ඔහුට මෙබඳු සිතෙක් වෙයි. ‘මේ ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු මූලගන්ධයෙහි අධිගෘහිත දෙවියන්ගේ සහබවට පැමිණෙන්නෙම් නම් හොඳය’ කියායි. හෙතෙම ආහාර දෙයි ... හෙතෙම පානය කළයුතු දේ දෙයි ... හෙතෙම වස්ත්ර දෙයි ... හෙතෙම යානාවන් දෙයි ... හෙතෙම මාලාවන් දෙයි ... හෙතෙම සුවඳ දෙයි ... හෙතෙම විලවුන් දෙයි ... හෙතෙම සයනයන් දෙයි ... හෙතෙම ආවාස දෙයි ... හෙතෙම පහන් දෙයි. හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු මූලගන්ධයෙහි වාසයකරන දෙවියන් හා එක්වීමට පැමිණෙයි.
“මහණ, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැමෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු මූලගන්ධයෙහි වාසයකරන දෙවියන් හා එක්වීමට පැමිණෙයි නම් (එයට) මේ හේතුවයි. මේ ප්රත්යයයි.”
10. 1. 23-112.
23-112. අන්නදායක සාරගන්ධ ආදී වූ සූත්ර අනූව
460-549. (මේ සූත්ර ද පෙර සූත්ර මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
එකත්පසෙක හුන් ඒ භික්ෂුව භාග්යවතුන් වහන්සේට මෙය කීවේය: “ස්වාමීනි, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැමෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු සාරගන්ධයෙහි අධිවත්ථ දෙවියන්ගේ සහබවට උපදීද ... ඵෙග්ගුගන්ධයෙහි ... තචගන්ධයෙහි ... පපටිකාගන්ධයෙහි ... පත්තගන්ධයෙහි ... පුප්ඵගන්ධයෙහි ... ඵලගන්ධයෙහි ... රසගන්ධයෙහි ... ගන්ධගන්ධයෙහි අධිවත්ථ දෙවියන්ගේ සහබවට උපදීද, (ඊට) හේතුව කවරේද? ප්රත්යය කවරේද?”
“මහණ, මේ ලෝකයෙහි ඇතැමෙක් කයින් සුචරිතයෙහි හැසිරෙයි, වචනයෙන් සුචරිතයෙහි හැසිරෙයි, මනසින් සුචරිතයෙහි හැසිරෙයි. ඔහුට අසන්නට ලැබෙයි: ‘ගන්ධගන්ධයෙහි අධිවත්ථ දෙවියෝ දීර්ඝායුෂ්ක ය, වර්ණවත් ය, සුඛබහුල ය’යි. ඔහුට මෙබඳු සිතක් වෙයි: ‘අහෝ! මම කය බිඳීමෙන් මරණින් මතු ගන්ධගන්ධයෙහි
අධිවත්ථ දෙවියන්ගේ සහබවට උපදින්නෙම් නම් මැනවැ’යි. හෙතෙම ආහාර දෙයි ... පාන දෙයි ... වස්ත්ර දෙයි ... යානා දෙයි ... මාලා දෙයි ... ගන්ධ දෙයි ... විලවුන් දෙයි ... සයන දෙයි ... ආවාස දෙයි ... පහන් දෙයි. හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු ගන්ධගන්ධයෙහි අධිවත්ථ දෙවියන්ගේ සහබවට උපදී.
“මහණ, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැමෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු ගන්ධගන්ධයෙහි වාසයකරන දෙවියන් හා එක්වීමට පැමිණෙයි නම් (එයට) මේ හේතුවයි. මේ ප්රත්යයයි.”
සුද්ධික සූත්රයද, සුචරිත සූත්රයද, දානාසූත්ර දසය සහ දානුපකාර සූත්ර සියයදැයි මේ සංයුත්තයෙහි සූත්ර එක්සියදොළසකි.
පළමු ගන්ධබ්බ වර්ගයයි.
එහි උද්දානය:
සුද්ධික ද සුචරිත ද (ගන්ධ) දායකයෝ ද තවත් දස දෙනෙකි, දාන උපකාර දසය බැගින් වූ ගන්ධබ්බ (සූත්ර) එකසිය දොළසකි.
දසවෙනි ගන්ධබ්බකාය සංයුත්තය නිමි.