10. 1. 3.
3. මූලගන්ධ සූත්‍රය
440. (මේ සූත්‍රය මේ වර්ගයේ 2 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරනලදී.)
එකත්පසෙක හුන් ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය කීවේය: “ස්වාමීනි, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැමෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු මූලගන්ධයෙහි වාසය කරන දෙවියන් හා එක්වීමට පැමිණේද, (එයට) හේතු කවරේද, ප්‍රත්‍ය කවරේද?”
“මහණ, මේ සස්නෙහි ඇතැමෙක් කයින් සුචරිතයෙහි හැසිරෙයි. වචනයෙන් සුචරිතයෙහි හැසිරෙයි. සිතින් සුචරිතයෙහි හැසිරෙයි. මූලගන්ධයෙහි වාසය කරන දේවතාවෝ දීර්ඝායුෂ ඇත්තාහ. වර්ණ ඇත්තාහ. සැප බහුලකොට ඇත්තාහයි ඔහු විසින් අසන ලද්දේ වෙයි. ඔහුට මෙබඳු සිතක් වෙයි. ‘මම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු මූලගන්ධයෙහි වාසය කරන දෙවියන් හා එක්වීමට පැමිණෙම් නම් ඉතා හොඳය’ කියායි. හෙතෙම මූලගන්ධයන් දෙන්නේ වෙයි. හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු මූලගන්ධයෙහි වාසයකරන දෙවියන් හා එක්වීමට පැමිණෙයි.
“මහණෙනි, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැමෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු මූලගන්ධයෙහි වාසය කරන දෙවියන් හා එක්වීමට පැමිණෙයි නම් (එයට) මේ හේතුවයි. මේ ප්‍රත්‍යයයි.”
10. 1. 4-12.
4-12. සාරගන්ධ සූත්‍රය ආදී වූ සූත්‍ර නවය
441-449. (මේ සූත්‍රයද මේ වර්ගයේ 2 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“ස්වාමීනි, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැමෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු සාරගන්ධයෙහි වාසය කරන දෙවියන් හා එක්වීමට පැමිණේද, (එයට) හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“මහණ, මේ ලෝකයෙහි ඇතැමෙක් කයින් සුචරිතයෙහි හැසිරෙයි. වචනයෙන් සුචරිතයෙහි හැසිරෙයි. සිතින් සුචරිතයෙහි හැසිරෙයි. සාරගන්ධයෙහි වාසය කරන දෙවියෝ දීර්ඝායුෂ ඇත්තාහ. වර්ණ ඇත්තාහ. සැප බහුලකොට ඇත්තාහයි ඔහු විසින් අසන ලද්දේ වෙයි. ඔහුට මෙබඳු සිතක් වෙයි: ‘මම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු සාරගන්ධයෙහි වාසය කරන දෙවියන් හා එක්වීමට පැමිණෙම් නම් හොඳය’ කියායි. හෙතෙම සාර ගන්ධයන් දෙන්නේ වෙයි ... හෙතෙම ඵෙග්ගු ගන්ධයන් දෙයි ... හෙතෙම තච ගන්ධයන් දෙයි ... හෙතෙම පපටිකා ගන්ධයන් දෙයි ... හෙතෙම පත්ත ගන්ධයන් දෙයි ... හෙතෙම පුෂ්ප ගන්ධයන් දෙයි ... හෙතෙම ඵල ගන්ධයන් දෙයි ... හෙතෙම රස ගන්ධයන් දෙයි ... හෙතෙම ගන්ධ ගන්ධයන් දෙයි. හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු ගන්ධගන්ධයෙහි වාසයකරන දෙවියන් හා එක්වීමට පැමිණෙයි.
“මහණ, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු ගන්ධගන්ධයෙහි වාසය කරන දෙවියන් හා එක්වීමට පැමිණෙයි නම් (එයට) මේ හේතුවයි. මේ ප්‍රත්‍යයයි.”
10. 1. 13-22.
13-22. අන්නදායක මූලගන්ධ ආදී වූ සූත්‍ර දහය
450-459. (මෙහි 1 ඡේදය මේ සංයුත්තයේ 2 සූත්‍රයේ 1 වෙනි ඡේදය මෙනි.)
“ස්වාමීනි, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැමෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු මූලගන්ධයෙහි වාසය කරන දෙවියන් හා එක්වීමට පැමිණේද, එයට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“මහණ මේ ලෝකයෙහි ඇතැමෙක් කයින් සුචරිතයෙහි හැසිරෙයි. වචනයෙන් සුචරිතයෙහි හැසිරෙයි. සිතින් සුචරිතයෙහි හැසිරෙයි. මූලගන්ධයෙහි වාසය කරන දෙවියෝ දීර්ඝායුෂ ඇත්තාහ. වර්ණය ඇත්තාහ. සැප බහුලකොට ඇත්තාහයි ඔහු විසින් අසනලද්දේ වෙයි.
“ඔහුට මෙබඳු සිතෙක් වෙයි. ‘මේ ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු මූලගන්ධයෙහි අධිගෘහිත දෙවියන්ගේ සහබවට පැමිණෙන්නෙම් නම් හොඳය’ කියායි. හෙතෙම ආහාර දෙයි ... හෙතෙම පානය කළයුතු දේ දෙයි ... හෙතෙම වස්ත්‍ර දෙයි ... හෙතෙම යානාවන් දෙයි ... හෙතෙම මාලාවන් දෙයි ... හෙතෙම සුවඳ දෙයි ... හෙතෙම විලවුන් දෙයි ... හෙතෙම සයනයන් දෙයි ... හෙතෙම ආවාස දෙයි ... හෙතෙම පහන් දෙයි. හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු මූලගන්ධයෙහි වාසයකරන දෙවියන් හා එක්වීමට පැමිණෙයි.
“මහණ, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැමෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු මූලගන්ධයෙහි වාසයකරන දෙවියන් හා එක්වීමට පැමිණෙයි නම් (එයට) මේ හේතුවයි. මේ ප්‍රත්‍යයයි.”
10. 1. 23-112.
23-112. අන්නදායක සාරගන්ධ ආදී වූ සූත්‍ර අනූව
460-549. (මේ සූත්‍ර ද පෙර සූත්‍ර මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
එකත්පසෙක හුන් ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය කීවේය: “ස්වාමීනි, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැමෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු සාරගන්ධයෙහි අධිවත්‍ථ දෙවියන්ගේ සහබවට උපදීද ... ඵෙග්ගුගන්ධයෙහි ... තචගන්ධයෙහි ... පපටිකාගන්ධයෙහි ... පත්තගන්ධයෙහි ... පුප්ඵගන්ධයෙහි ... ඵලගන්ධයෙහි ... රසගන්ධයෙහි ... ගන්ධගන්ධයෙහි අධිවත්‍ථ දෙවියන්ගේ සහබවට උපදීද, (ඊට) හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“මහණ, මේ ලෝකයෙහි ඇතැමෙක් කයින් සුචරිතයෙහි හැසිරෙයි, වචනයෙන් සුචරිතයෙහි හැසිරෙයි, මනසින් සුචරිතයෙහි හැසිරෙයි. ඔහුට අසන්නට ලැබෙයි: ‘ගන්ධගන්ධයෙහි අධිවත්‍ථ දෙවියෝ දීර්ඝායුෂ්ක ය, වර්ණවත් ය, සුඛබහුල ය’යි. ඔහුට මෙබඳු සිතක් වෙයි: ‘අහෝ! මම කය බිඳීමෙන් මරණින් මතු ගන්ධගන්ධයෙහි