4. 3. 5.
5. මාරධීතු (නොහොත් ධීතරො) සූත්රය
161. උරුවෙලායං – මා විසින් මෙසේ අසනලදී එක් කලෙක භාග්යවතුන් වහන්සේ උරුවෙල් දනව්වෙහි නේරංජරා ගංතෙර අජපල් නුගරුක මුල වසනසේක.
එකල්හි මරහුගේ දූ වූ, තණහාද, අරතිද, රගාද, යන තිදෙන පාපී මාරයා යම් තැනෙකද එතැනට පැමිණියහ. පැමිණ පාපී මාරයාට ගාථායෙකින් (මෙසේ) කීය.
‘පියාණනි, කවර හෙයින් නොසතුටුයෙහිද? කවර කවර පුරුෂයෙකු නිසා ශෝකකෙරෙයිද? අපි ඔහු, වනෙහි ඉන්නා ඇතෙකු මෙන්, රාග මලපුඩුයෙන් බැඳ ගෙනෙන්නෙමු. ඔබට යටත් වන්නේය.
[මාරයා:]
“සුගතයෝ ලොව රහත් කෙනෙක. රාගයෙන් බැඳ ගෙනිය නොහැක්ක. මරහුගේ බල පවත්නා සීමාව ඉක්මවූ කෙනෙක. එබැවින් මම් බොහෝ සේ ශෝක කෙරෙමි” යි
ඉක්බිති තණහාද, අරතිද, රගාද, යන මාරදූහු භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියෝය. පැමිණ භාග්යවතුන් වහන්සේට “ශ්රමණයාණනි, ඔබට පා මෙහෙවර කරමෝදැ?” යි කීහ. එවිට භාග්යවතුන් වහන්සේ සියලු කෙලෙස් ක්ෂයයෙහි මිදුනුසේක්ද, එහෙයින්ම ඔවුන්ගේ වචනය සිතට නොගත්සේක.
ඉක්බිති තණහාද, අරතිද, රගාද, යන මාරදූහු එක් පැත්තකට ඉවත්වගොස් “පිරිමින්ගේ අදහස් නොඑක් සැටිය. අප එකි එකිය එක් සියක් එක් සියක් කුමරියන්ගේ වෙස් මවා ගතහොත් ඉතා යහපත්” යි නිශ්චය කර ගත්හ.
ඉක්බිති තණහාද, අරතිද, රගාද, යන මාරදූහු එකි එකිය එක් සියක් එක් සියක් කුමරි වෙස් සියයක් මවාගෙන භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියහ. පැමිණ භාග්යවතුන් වහන්සේට මෙසේ කීහ: “ශ.්රමණයාණනි, ඔබේ පා මෙහෙවර කරම්හ” යි කීහ. එයද කෙලෙසුන් කෙරෙන් මිදුණු භාග්යවතුන් වහන්සේ සිතට නොගත්සේක.
ඉක්බිති තණහාද, අරතිද, රගාද, යන මාරදූහු මෙසේ නිශ්චය කර ගත්හ. “පිරිමින්ගේ අදහස් නානාවිධය. අප දරුවන් නොවැදූ අඹුවන් සියදෙනෙකුන්සේ එකි එකියක සියය සියය බැගින් මවා ගතහොත් ඉතා යහපති” යි නිශ්චය කර ගත්හ.
ඉක්බිති තණහාද, අරතිද, රගාද, යන මාරදූහු එකි එකියක නොවැදූ අඹුවන් සියයක බැගින් වෙස් මවාගෙන භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියහ. පැමිණ ‘මහණ, ඔබට පා මෙහෙවර කරම්හ” යි කීහ. එයද කෙලෙසුන් කෙරෙන් මිදුණු භාග්යවතුන් වහන්සේ සිතට නොගත්සේක.
ඉක්බිති තණහාද, අරතිද, රගාද, යන මාරදූහු පසෙක ඉවත්ව ගොස් ...පෙ... සිතූහ: ‘අපි ...පෙ... එක් වරක් වැදූ ස්ත්රීන් සියයකගේ වෙස් මවා ගනිමු’ යි.
ඉක්බිති තණහාද, අරතිද, රගාද, යන මාරදූහු එක් වරක් වැදූ ස්ත්රීන්ගේ වෙස් මවාගෙන භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියහ. පැමිණ ‘මහණ, ඔබට පා මෙහෙවර කරම්හ” යි කීහ. එයද කෙලෙසුන් කෙරෙන් මිදුණු භාග්යවතුන් වහන්සේ සිතට නොගත්සේක.
ඉක්බිති තණහාද, අරතිද, රගාද, යන මාරදූහු පසෙක ඉවත්ව ගොස් ...පෙ... සිතූහ: ‘අපි ...පෙ... දෙවරක් වැදූ ස්ත්රීන් සියයකගේ වෙස් මවා ගනිමු’ යි.
ඉක්බිති තණහාද, අරතිද, රගාද, යන මාරදූහු දෙවරක් වැදූ ස්ත්රීන්ගේ වෙස් සියය බැගින් මවාගෙන භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියහ. පැමිණ ‘මහණ, ඔබට පා මෙහෙවර කරම්හ” යි කීහ. එයද කෙලෙසුන් කෙරෙන් මිදුණු භාග්යවතුන් වහන්සේ සිතට නොගත්සේක.
ඉක්බිති තණහාද, අරතිද, රගාද, යන මාරදූහු පසෙක ඉවත්ව ගොස් ...පෙ... සිතූහ: ‘අපි ...පෙ... මැදුම් වයස් පත් ස්ත්රීන් සියයකගේ වෙස් මවා ගනිමු’ යි.
ඉක්බිති තණහාද, අරතිද, රගාද, යන මාරදූහු මැදුම් වයස් පත් ස්ත්රීන්ගේ වෙස් සියය බැගින් මවාගෙන, භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියහ. පැමිණ ‘මහණ, ඔබට පා මෙහෙවර කරම්හ” යි කීහ. එයද කෙලෙසුන් කෙරෙන් මිදුණු භාග්යවතුන් වහන්සේ සිතට නොගත්සේක.
ඉක්බිති තණහාද, අරතිද, රගාද, යන මාරදූහු පසෙක ඉවත්ව ගොස් ...පෙ... සිතූහ: ‘අපි ...පෙ... වයසින් බොහෝ වැඩුනු ස්ත්රීන් සියයකගේ වෙස් මවා ගනිමු’ යි.
ඉක්බිති තණහාද, අරතිද, රගාද, යන මාරදූහු වයසින් බොහෝ වැඩුනු ස්ත්රීන් සිය දෙනෙකුන්ගේ වෙස් මවාගෙන, භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියහ. පැමිණ ‘මහණ, ඔබට පා මෙහෙවර කරම්හ” යි කීහ. එයද කෙලෙසුන් කෙරෙන් මිදුණු භාග්යවතුන් වහන්සේ සිතට නොගත්සේක.
ඉක්බිති තණහාද, අරතිද, රගාද, යන මාරදූහු පසෙක ඉවත්ව සිට, ‘අප පියා කීයේ ඇත්තක්මය.
“සුගතයෝ ලොව රහත් කෙනෙක. රාගයෙන් බැඳ ගෙනිය නොහැක්ක. මරහුගේ බල පැවති පෙදෙස ඉක්මවාලූ කෙනෙක. එබැවින් මම් බොහෝ සේ ශෝක කෙරෙමි” යි.
“අපි රාගය පහ නොකළ මොනම මහණකු කරා හෝ බමුණකු කරා හෝ මේ උපක්රමයෙන් එඵඹුණමෝ නම් ඔහුගේ ළය හෝ පැලෙන්නේය, උණු ලේ හෝ ඔහුගේ කටින් පිටවන්නේය, උමතු බවට හෝ පැමිණෙන්නේය. සිත් කැලඹුමට හෝ පැමිණෙන්නේය. සිඳිනු ලැබූ යම් නිල් බටගසක් යම් සේ වියලෙන්නේද, වෙසෙසින් වියලෙන්නේද, මැලවෙන්නේද, එසේම හෙතෙම වියලෙන්නේය, වෙසෙසින් වියලෙන්නේය, මැලවෙන්නේය” යි කීහ.
ඉක්බිති තණහාද, අරතිද, රගාද, යන මාරදූහු භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියෝය. පැමිණ පසෙක සිටියහ. පසෙක සිටි තණ්හා මාරදූ භාග්යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීවාය: