2. 10.
269. “එම්බා දෙවතා දුව, ඔසධී තාරකාව දසදිශා එකාලොක කරයිද, එමෙන් රම්යවූ වර්ණයෙන්ද ඒ ඔබ සිටින්නෙහිය.
270. “මෙබඳු වර්ණ සම්පත්තියක් පෙරමිනිස් ලොවදී කෙබඳු කුශලයක් කොට තී ලබන ලද්දේද, කිනම් කාරණයකින් තීට මෙබඳු දිව්යානුභාවයක් පහළවේද, සිතට ප්රියවූ යම්කිසි භොග කෙනෙක් උපදිත්?”
271. “ආනුභාසම්පන්න දෙවතාවෙනි, ඔබ විචාරමි. මනුෂ්යව සිටියදී කිනම් පිනක් කෙළෙහිද, තොපගේ ශරීර වර්ණය සියලු දිශා එලිය කරයි. කවර හෙයින් මෙවැනි දිලිසෙන ආනුභාව ඇත්තෙහිද,”
272. “මොග්ගල්ලාන තෙරුන් විසින් විචාරණලද සතුටු සිත් ඇත්තාවූ ඒ දෙවතාතොමෝ ප්රශ්න වශයෙන් විචාරණ ලද්දී යම් කර්මයකගේ මේ විපාකයද එය ප්රකාශ කළාය.
273. “මම පූර්ව ජාතියෙහි මනුෂ්යයන් අතරෙහි මනුෂ්ය ධර්මයෙහි පිහිටි විද්යාමාන මිනිසුන්ට අයත්ව මිනිස් ලොව ඉපද අතිශයින් ප්රසන්නවූ නොකැලඹුනාවූ රජස් නැති බුදුන් දුටුවෙමි, දැක පැහැදුනේ ස්වකීය අතින් උන්වහන්සේට භික්ෂාව දුනිමි.
274. “ඒ හේතුවෙන් මට මෙබඳු වර්ණයක්වේ. ඒ හේතුවෙන් මට මෙහි සමෘද්ධියවේ. සිතට ප්රියවූ යම්කිසි සම්පත් ඇත්ද, ඒවා මට උපදිත්.
275. “මහත් ආනුභාව ඇත්තාණනි, ඔබට ප්රකාශ කරමි. මනුෂ්යවූවා, යම්පිනක් කළාද එහෙයින් මෙසේ බබලන ආනුභාව ඇත්තී වෙමි. මාගේ වර්ණයද සියලු දිශා බබුළුවයි.
පඨමභික්ඛාදායිකාවිමානං දසමං.
2. 11.
276. “එම්බා දෙවතා දුව, ඔසධී තාරකාව දසදිශා එකාලොක කරයිද, එමෙන් රම්යවූ වර්ණයෙන්ද ඒ ඔබ සිටින්නෙහිය.
277. “මෙබඳු වර්ණ සම්පත්තියක් පෙරමිනිස් ලොවදී කෙබඳු කුශලයක් කොට තී ලබන ලද්දේද, කිනම් කාරණයකින් තීට මෙබඳු දිව්යානුභාවයක් පහළවේද, සිතට ප්රියවූ යම්කිසි භොග කෙනෙක් උපදිත්?”
278. “ආනුභාසම්පන්න දෙවතාවෙනි, ඔබ විචාරමි. මනුෂ්යව සිටියදී කිනම් පිනක් කෙළෙහිද, තොපගේ ශරීර වර්ණය සියලු දිශා එලිය කරයි. කවර හෙයින් මෙවැනි දිලිසෙන ආනුභාව ඇත්තෙහිද,”
279. “මොග්ගල්ලාන තෙරුන් විසින් විචාරණලද සතුටු සිත් ඇත්තාවූ ඒ දෙවතාතොමෝ ප්රශ්න වශයෙන් විචාරණ ලද්දී යම් කර්මයකගේ මේ විපාකයද එය ප්රකාශ කළාය.
280. “මම පූර්ව ජාතියෙහි මනුෂ්යයන් අතරෙහි මනුෂ්ය ධර්මයෙහි පිහිටි විද්යාමාන මිනිසුන්ට අයත්ව මිනිස් ලොව ඉපද අතිශයින් ප්රසන්නවූ නොකැලඹුනාවූ රජස් නැති බුදුන් දුටුවෙමි, දැක පැහැදුනේ ස්වකීය අතින් උන්වහන්සේට ශික්ෂාව දුනිමි
281. “ඒ හේතුවෙන් මට මෙබඳු වර්ණයක්වේ. ඒ හේතුවෙන් මට මෙහි සමෘද්ධියවේ. සිතට ප්රියවූ යම්කිසි සම්පත් ඇත්ද, ඒවා මට උපදිත්.
282. “මහත් ආනුභාව ඇත්තාණනි, ඔබට ප්රකාශ කරමි. මනුෂ්යවූවා, යම්පිනක් කළාද එහෙයින් මෙසේ බබලන ආනුභාව ඇත්තී වෙමි. මාගේ වර්ණයද සියලු දිශා බබුළුවයි.
දුතියභික්ඛාදායිකාවිමානං එකාදසමං.
චිත්තලතාවග්ගො දුතියො නිට්ඨිතො.
තස්සුද්දානං (එහි උද්දානය):
දාසී ද, ලඛුමා ද, එසේම ආචාමදායිකා ද, චණ්ඩාලී ද, භද්දිත්ථී ද, සොණදින්නා ද, උපොසථා ද, නන්දා (ශ්රද්ධා) ද, සුනන්දා ද, භික්ඛාදායිකාවෝ දෙදෙනෙක් ද (වෙත්). මෙයින් (මේ) වර්ගය කියනු ලැබේ.
භාණවාරං පඨමං නිට්ඨිතං.