7. දුතිය නාවා විමාන කථාව
53. “දෙවතාවෝ රන් සෙවෙලිකරණලද නැවට නැගසිටින්නෙහිය. පොකුණෙහි ජල ක්රීඩාවට බසින්නෙහිය. පියුම් අතින් කඩා ගන්නෙහිය.
54. “මෙබඳු වර්ණ සම්පත්තියක් පෙරමිනිස් ලොවදී කෙබඳු කුශලයක් කොට තී ලබන ලද්දේද, කිනම් කාරණයකින් තීට මෙබඳු දිව්යානුභාවයක් පහළවේද, සිතට ප්රියවූ යම්කිසි භොග කෙනෙක් උපදිත්?”
55. “ආනුභාසම්පන්න දෙවතාවෙනි, ඔබ විචාරමි. මනුෂ්යව සිටියදී කිනම් පිනක් කෙළෙහිද, තොපගේ ශරීර වර්ණය සියලු දිශා එලිය කරයි. කවර හෙයින් මෙවැනි දිලිසෙන ආනුභාව ඇත්තෙහිද,
56. “මොග්ගල්ලාන තෙරුන් විසින් විචාරණලද සතුටු සිත් ඇත්තාවූ ඒ දෙවතාතොමෝ ප්රශ්න වශයෙන් විචාරණ ලද්දී යම් කර්මයකගේ මේ විපාකයද එය ප්රකාශ කළාය.
57. “මම පූර්ව ජාතියෙහි මනුෂ්යයන් අතරෙහි මනුෂ්ය ධර්මයෙහි පිහිටි විද්යාමාන මිනිසුන්ට අයත්ව මිනිස් ලොව ඉපද ත්රස්ත පිපාසිතවූ ක්ලාන්තවූ භික්ෂූන් දැක නැගිට පානයට පැන්දුන්නෙමි.
58. “යමෙක් ක්ලාන්තවූ පිපාසයෙන් යුක්තවූවන්ට නැගිට බීමට පැන් දෙන්නෙද ඔහුට බොහෝ පියුම් ඇති ශීතල ජලය ඇති බොහෝ මල් ඇති නදීහු පහළවෙත්.
59. “සිහිල්දිය ඇති වැලි විසුරුණු, පිපී සිටි අඹ සල් තිලක ජම්බු ඇසල පළොල් ආදීන් (ඉවුරෙහි) ඇති නදීහු සෑම කල්හි ඔහු පිරිවරා සිටිත්.
60. “භූමිභාගයන්ගෙන් යුත් අතිශයින් අලංකාරවූ ඒ ශ්රේෂ්ඨ විමානය මේ ඒ කුශල කර්මයාගේ විපාකයයි කළ පින් ඇත්තාහු මෙවැනි දේ ලබත්.
61. “ඒ හේතුවෙන් මට මෙබඳු වර්ණයක්වේ. ඒ හේතුවෙන් මට මෙහි සමෘද්ධියවේ. සිතට ප්රියවූ යම්කිසි සම්පත් ඇත්ද, ඒවා මට උපදිත්.
62. “මහත් ආනුභාව ඇත්තාණනි, ඔබට ප්රකාශ කරමි. මනුෂ්යවූවා, යම්පිනක් කළාද එහෙයින් මෙසේ බබලන ආනුභාව ඇත්තී වෙමි. මාගේ වර්ණයද සියලු දිශා බබුළුවයි.
දුතියනාවාවිමානං සත්තමං.
8. තතිය නාවා විමාන කථාව
63. “දෙවතාවෝ රන් සෙවෙලිකරණලද නැවට නැගසිටින්නෙහිය. පොකුණෙහි ජල ක්රීඩාවට බසින්නෙහිය. පියුම් අතින් කඩා ගන්නෙහිය.
64. “ඔබගේ කුළු ගෙවල්ද වාසස්ථානද කොටස් වශයෙන් ප්රමාණ කරණ ලද්දේය. හාත්පසින් සතර දිශාද බබුළුවත්.
65. “මෙබඳු වර්ණ සම්පත්තියක් පෙරමිනිස් ලොවදී කෙබඳු කුශලයක් කොට තී ලබන ලද්දේද, කිනම් කාරණයකින් තීට මෙබඳු දිව්යානුභාවයක් පහළවේද, සිතට ප්රියවූ යම්කිසි භොග කෙනෙක් උපදිත්?”
66. “ආනුභාසම්පන්න දෙවතාවෙනි, ඔබ විචාරමි. මනුෂ්යව සිටියදී කිනම් පිනක් කෙළෙහිද, තොපගේ ශරීර වර්ණය සියලු දිශා එලිය කරයි. කවර හෙයින් මෙවැනි දිලිසෙන ආනුභාව ඇත්තෙහිද,
67. “මොග්ගල්ලාන තෙරුන් විසින් විචාරණලද සතුටු සිත් ඇත්තාවූ ඒ දෙවතාතොමෝ ප්රශ්න වශයෙන් විචාරණ ලද්දී යම් කර්මයකගේ මේ විපාකයද එය ප්රකාශ කළාය.
68. “මම පූර්ව ජාතියෙහි මනුෂ්යයන් අතරෙහි මනුෂ්ය ධර්මයෙහි පිහිටි විද්යාමාන මිනිසුන්ට අයත්ව මිනිස් ලොව ඉපද ත්රස්ත පිපාසිතවූ ක්ලාන්තවූ භික්ෂූන් දැක නැගිට පානයට පැන්දුන්නෙමි.
69. “යමෙක් ක්ලාන්තවූ පිපාසයෙන් යුක්තවූවන්ට නැගිට බීමට පැන් දෙන්නෙද ඔහුට බොහෝ පියුම් ඇති ශීතල ජලය ඇති බොහෝ මල් ඇති නදීහු පහළවෙත්.