1. 17.
149. “කර්ම විපාකයෙන් පහළවුනු මගේ ස්ථානයවූ මේ විමානය සිත් කලුය, ඉතා බබළන සුලුය. වෛදූර්ය කුලුණු ඇත්තේය. ස්ථිරය මනාව නිර්මාණය වී තිබේ. රන්වන් ගස්වලින් හාත්පස වැසී සිටී.
150. “ස්වකීය කර්මයෙන් එහි උපන් මේ පළමු දිව්‍යාප්සරාවෝ සිය දහස් ගණන්ය. මෙහි පැමිණි කීර්තිමත් තී පළමු දෙවඟනන් මැඩ බබළමින් සිටින්නෙහිය.
151. “තාරකාවන්ට රජවූ චන්ද්‍රයා තාරකා සමූහයා බබුළුවන්නේ යම්සේද, එපරිද්දෙන්ම ඔබ කීර්තියෙන් දිලිසෙන්නී මේ දිව්‍යාප්සරා සමූහයා බබුළුවන්නෙහිය.
152. “අලාමක දර්ශන ඇත්තීය, කොහි සිට අවුත්, ඔබ මගේ භවනයෙහි උපන්නීද, ඉන්ද්‍රයා (ශක්‍ර) සහිතවූ සියලු තිදස දෙවියෝ ඒ ඔබ දැකීමෙන් තෘප්තිමත් නොවෙති.
153. “ශක්‍රය, ඔබ කොතැනින් චුතව මගේ මේ භවනයෙහි උපන්නාදැයි මා අතින් විචාරන්නෙහිය. කාශීන්ගේ බාරාණසී නම් පුරවරයක් වෙයි. ඒ නගරයෙහි පෙර කෙසකාරිකා නම් තැනැත්තියක් වීමි.”
154. “බුදුන් කෙරෙහිද, ධර්මයෙහිද සංඝයා කෙරෙහිද පැහැදුණු ඇත්තී, ඒකාන්ත බවට ගියා, සැක නැත්තී නොකැඩූ ශික්ෂාපද ඇත්තී, පැමිණි ඵල ඇත්තී, සම්බොධි ධර්මයෙහි නියතවූවා, රොග නැත්තී, (නිදුක්වූවා) වීමි.”
155. “ඒ අපි තී ගැන සතුටුවමු. තීට යහපත් පැමිණීමක්ද වේවා, ඔබ ධර්මයෙන්ද කීර්තියෙන්ද බබළන්නෙහිය. බුදුන් කෙරෙහිද, ධර්මයෙහිද සංඝයා කෙරෙහිද පැහැදුණු ඇත්තී, ඒකාන්ත බවට ගියා, සැක නැත්තී නොකැඩූ ශික්ෂාපද ඇත්තී, පැමිණි ඵල ඇත්තී, සම්බොධි ධර්මයෙහි නියතවූවා, රොග නැත්තී, (නිදුක්වූවා) වීමි.”
කෙසකාරීවිමානං සත්තරසමං.
පීඨවග්ගො පඨමො නිට්ඨිතො.
එහි උද්දානය:
පීඨ පහක්ද, නාවා තුනක්ද, දීප, තිලදක්ඛිණ දෙකක්ද, පති දෙකක්ද, සුණිසා දෙකක්ද, උත්තරා, සිරිමා සහ කෙසකාරී දැයි (මේ වර්ගය) කියනු ලැබේ.