1. 2.
2. “මුත්තා වෙනි, චන්ද්‍රයා රාහුගෙන් මිදෙන්නාසේ කාමාදී යොග සතරින් මිදෙව, ආර්ය මාර්ගයෙන් සම්පූර්ණයෙන් මිදුනු සිතින් ආහාර ණය නැතිව අනුභව කරව.
භාග්‍යවතුන් වහන්සේ මුත්තා නම් හික්මෙන භික්ෂුණියට මෙසේ මේ ගාථාවම නිතර වදාළසේක.”
මුත්තා ථේරී ගාථා
1. 3.
3. “පුණ්ණා වෙනි, පුරපස ළොස්වක්හි සඳමෙන් ධර්මයන්ගෙන් සම්පූර්ණ වෙව. සම්පූර්ණවූ රහත් මාර්ග ඤාණයෙන් නොදැනීම් රාශිය බිඳදමව.”
මෙසේ පුණ්ණා ථෙරී තොමෝ මේ ගාථාව වදාළාය.
පුණ්ණාථේරී ගාථා
1. 4.
4. “තිස්සාවෙනි, තුන් වැදෑරුම් හික්මීමෙහි හික්මෙව. යහපත් උත්පත්තිය හිස් නොකරන්න. සියලු ආශා නමැති රැහැන් කඩා පඤ්චස්කන්ධ ලෝකයෙහි කෙලෙස් නැතිව වසන්න.”
මෙසේ තිස්සා ථෙරී තොමෝ මේ ගාථාව වදාළාය.
තිස්සාථේරී ගාථා
1. 5.
5. “තිස්සාවෙනි, ධර්මයන්හි යෙදෙව යහපත් උත්පත්තිය නොඉක්මවව. යහපත් උත්පත්තිය ඉක්මවූවෝ අපායෙහි දුක් විඳිත්.”
මෙසේ අඤ්ඤතරා තිස්සා ථෙරී තොමෝ මේ ගාථාව වදාළාය.
අඤ්ඤතරාතිස්සා ථේරී ගාථා
1. 6.
6. “ධීරාවෙනි, කෙලෙස් නැසීම ස්පර්ශ කරව. රාගාදී පාප අදහස් සංසිඳවීම ඇති කාමාදී රැහැන් සතරින් නිදහස්වූ ශ්‍රේෂ්ඨ නිර්වාණය අත්පත් කරව.”
මෙසේ ධීරා ථෙරී තොමෝ මේ ගාථාව වදාළාය.
ධීරා ථේරී ගාථා
1. 7.
7. “වීරාවෙනි, වීරවූ ආර්ය ධර්මයන්ගෙන් දියුණු කරණලද, ශ්‍රද්ධාදී ඉන්ද්රියයන් ඇති භික්ෂුණියක්වූ නුඹ පිරිවර සහිත කෙලෙස් මාරයා පරදවා අන්තිම ශරීරය දරව.”
මෙසේ වීරා ථෙරී තොමෝ මේ ගාථාව වදාළාය.
වීරා ථේරී ගාථා
1. 8.
8. “මිත්තාවෙනි ශ්‍රද්ධාවෙන් පැවිදිව කල්‍යාණ මිත්‍රයන් කෙරෙහි සත්කාර කිරීමෙහි ඇලෙව. නිවන් ලැබීමට කුසල්වූ ආර්ය මාර්ගයන් දියුණු කරව.”
මෙසේ මිත්තා ථෙරී තොමෝ මේ ගාථාව වදාළාය.
මිත්තා ථේරී ගාථා