1. 18.
18. “ප්‍රියවූ ගෙයද පුත්‍රයන්ද, ගව මහිෂාදීන්ද, අත්හැර රාගයද ද්වේෂයද අත්හැර, අවිද්‍යාවන් පරදවා මුල් සහිත තෘෂ්ණාව උගුල්ලා දමා සන්සිඳුනෙමි. නිවුනෙමි.”
මෙසේ සඞ්ඝා ථෙරී තොමෝ මේ ගාථාව වදාළාය.
සංඝා ථේරී ගාථා
එකකනිපාතො නිට්ඨිතො.
2. දුක නිපාතය
2. 1.
19. “නන්දාවෙනි, ජරාවෙන් ලෙඩවූ කුණුවලින් අපවිත්‍රවූ කුණුවූ මේ ශරීරය බලව.”
20. රාගාදී වශයෙන් නොගෙන භාවනා කරව. ඉතිරි සහිත මානය දුරුකරව. එසේ මානය නැතිකිරීමෙන් සන්සුන්ව හැසිරෙව.
භාග්‍යවතුන් වහන්සේ අභිරූප නන්දා නම් හික්මෙන භික්ෂුණියට මේ ගාථාවලින් නිතර අවවාද කරති.”
අභිරූප (ඉතා රූමත්) නන්දා ථේරී ගාථා
2. 2.
21. “නිවන් දැකීමට මාර්ගයවූ යම් මේ බොජ්ඣංග හතක් වෙත්ද, බුදුන් වදාළ පරිදි ඒ ධර්මයෝ මා විසින් පුරුදු කරණ ලදහ.”
22. මා විසින් ඒ භාග්‍යවතුන් වහන්සේ දක්නා ලදී. මේ අන්තිම ශරීරයය. පුනරුත්පත්තිය ක්ෂය විය. නැවත ඉපදීමක් නැත.”
මෙසේ ජෙන්තා ථෙරී තොමෝ මේ ගාථා වදාළාය.
ජෙන්තී ථේරී ගාථා
2. 3.
23. “යහපත්ව කෙලෙසුන්ගෙන් මිදුනු තැනැත්තිය මොහොලින් වී කෙටීමෙන්ද ලජ්ජා භය නැති ස්වාමියාගෙන්ද පිළිකුල් බට කර්මාන්තයෙන්ද, පිළුණු ගඳ ගහන මගේ සැළියෙන්ද මිදුනෙමි.
24. මම රාගයද ද්වේෂයද චිව්විට චිව්විට යන අනුකරණයෙන්ම නසමි. ඒ මම ගසමුලට පැමිණ අහෝ සැපයයි සැප වශයෙන් භාවනා කරමි.”
මෙසේ සුමඞ්ගලමාතා ථෙරී තොමෝ මේ ගාථා වදාළාය.
සුමංගල මාතා ථේරී ගාථා