1. 10.
10. “උපසමාවෙනි, මාරයාට අයත් එගොඩවන්නට නොහැකි කාමාදී සතර මහවතුර එතර කරව. සේනා සහිත මාරයා නසා අන්තිම ශරීරය දරන්නියක් වෙව.”
මෙසේ උපසමා ථෙරී තොමෝ මේ ගාථාව වදාළාය.
උපසමා ථේරී ගාථා
1. 11.
11. “වංගෙඩිය, මොහොළ ස්වකීය කුදු ස්වාමියා, යන කුද තුනින් මිදුනෙම් මනාකොට මිදුනෙමි. භවාශාව නසා ජාති මරණ දෙකින් මිදුනෙමි.”
මෙසේ මුත්තා ථෙරී තොමෝ මේ ගාථාව වදාළාය.
මුත්තා ථේරී ගාථා
1. 12.
12. “රහත්වීමට තද ආශාව ඇති අවසානය සොයන්නාවූ ඕතොමෝ සෝවාන් ආදී මාර්ගයන් තුනින් නිවන ස්පර්ශ කළාය. කාමයන්හි නොබැඳුන සිත් ඇත්තේ අවිහයෙ සිට අකනිටාවට යන්නීය.”
මෙසේ ධම්මදින්නා ථෙරී තොමෝ මේ ගාථාව වදාළාය.
ධම්මදින්නා ථේරී ගාථා
1. 13.
13. “යමක්කොට අපායයෙහි නොතැවේද ඒ බුද්ධාවවාදයට අනුව ක්රියා කරව. ඉක්මනට දෙපා සෝදා එකපැත්තක හිඳගනුව.”
මෙසේ විසාඛා ථෙරී තොමෝ මේ ගාථාව වදාළාය.
විසාඛා ථේරී ගාථා
1. 14.
14. “ඇස් කන් ආදී ධාතූහු දුක් වශයෙන් දැක නැවත උත්පත්තියකට නොපැමිණෙව, කාමාදී භවයන්හි ඇල්ම අත්හැර ශාන්තව හැසිරෙන්නෙහිය.”
මෙසේ සුමනා ථෙරී තොමෝ මේ ගාථාව වදාළාය.
සුමනා ථේරී ගාථා
1. 15.
15. “ශරීරයේ වචනයේ හා සිතේ සංවරයෙන් යුක්තවෙව. මුල් සහිත තෘෂ්ණාව උදුරා දමා කෙලෙස් නැති කළේ වෙමි. නිවුනේ වෙමි.”
මෙසේ උත්තරා ථෙරී තොමෝ මේ ගාථාව වදාළාය.
උත්තරා ථේරී ගාථා
1. 16.
16. “සුමනාවෙනි, මහළුවූ ඔබ පාංශුකූල වස්ත්ර හැඳ පොරවා සුවසේ වසව. තොපගේ රාගය සංසිඳුනේය. සිහිල්විය, නිවුනේය.”
මෙසේ සුමනා බුඩ්ඪපබ්බජිතා ථෙරී තොමෝ මේ ගාථාව වදාළාය.
සුමනාබුඩ්ඪපබ්බජිතා ථේරී ගාථා
1. 17.
17. “සැරයටියෙහි ආධාරයෙන් පිඬු පිණිස නුවර හැසිරී වෙවුලන ශරීරයෙන් යුක්තව එහිම බිම වැටුනෙමි. ශරීරයෙහි දෝෂය දැක මාගේ සිත කෙළෙසුන්ගෙන් මිදුනේය.”
මෙසේ ධම්මා ථෙරී තොමෝ මේ ගාථාව වදාළාය.
ධම්මා ථේරී ගාථා
1. 18.
18. “ප්රියවූ ගෙයද පුත්රයන්ද, ගව මහිෂාදීන්ද, අත්හැර රාගයද ද්වේෂයද අත්හැර, අවිද්යාවන් පරදවා මුල් සහිත තෘෂ්ණාව උගුල්ලා දමා සන්සිඳුනෙමි. නිවුනෙමි.”
මෙසේ සඞ්ඝා ථෙරී තොමෝ මේ ගාථාව වදාළාය.
සංඝා ථේරී ගාථා
එකකනිපාතො නිට්ඨිතො.