5. 4.
මෙත්තගුසුත්තං
1053. “වෙද දත් පුරුදුකළ ගුණධර්ම ඇති ඔහු දනිමි. ලෝකයෙහි යම් කෙනෙක් නානාප්‍රකාරද මොව්හු දුකට කුමක් හෙයින් ගියාහු දැයි” ආයුෂ්මත් මෙත්තගු තෙමේ විචාළේය.
1054. “මෙත්තගු මාණවකයෙනි, මගෙන් ඒකාන්තයෙන් දුකට හේතුව අසන්නෙහිය. දැනීම පරිදි එය තොපට ප්‍රකාශ කරමි. ලෝකයෙහි නානාප්‍රකාරවූ යම් දුකක් වේද, තෘෂ්ණාදී උපධීන් ඊට මුලය.
1055. “යම්කිසි කෙනෙක් ඒකාන්තයෙන් තෘෂ්ණාදිය කෙරේද ඒ බාලතෙමේ නැවත නැවත දුකට පැමිණේ. එහෙයින් දන්නාවූ සංසාර දුක ඉපදීමට හේතුව කෙලෙස් දන්නේ පව් නොකරන්නේයයි” භාග්‍යවතුන් වහන්සේ වදාළහ.
1056. “යමක් විචාළේ නම් අපට ප්‍රකාශ කෙළේය. අනිකක් විචාරමි. එය වදාරණු මැනවි. පණ්ඩිතයෝ ජාති ජරාශොක පරිදෙවයන්ද මහජල පහරද කෙසේ එගොඩ කරත්ද, මුනි තෙමේ එය මට ප්‍රකාශද කරණු මැනව. එසේමැයි මේ ධර්මය ඔබ වහන්සේ දන්නාසේක.”
1057. “මෙත්තගුවෙනි, මේ ආත්මයෙහි මට ප්‍රත්‍යක්ෂ ඒ ධර්මය තොපට ප්‍රකාශ කරන්නෙමි. යමක් දැන සිහි ඇතිව හැසිරෙන්නේ ලෝකයෙහි තෘෂ්ණාව දුරුකරන්නේ යයි” භාග්‍යවතුන් වහන්සේ වදාළහ.
1058. “මහා ඍෂීන් වහන්ස, ඒ උත්තම ධර්මයට මම සතුටු වෙමි. යමක් දැන සිහි ඇතිව හැසිරෙන්නේ ලෝකයෙහි තෘෂ්ණාව දුරුකරන්නේය.
1059. “මෙත්තගු මාණවකයෙනි, උඩ යට සරස මැද යමක් මනාකොට දන්නෙහිද මොවුන් කෙරෙහි ආශාවද දෘෂ්ටියෙන් ගැනීමද විඤ්ඤාණයද අත්හැර සසර නොසිටින්නේ යයි” භාග්‍යවතුන් වහන්සේ වදාළහ.
1060. “මෙබඳු විහරණ ඇති සිහි ඇති අප්‍රමාදවූ මහණතෙම මමත්වය වශයෙන් ගන්නා වස්තු අත්හැර හැසිරෙන්නේ ඒ ඤාණවන්ත තෙමේ මෙලොවම ජාති ජරා ව්‍යාධි පරිදෙව දුක අත්හරින්නේය.