5. 13.
උදයසුත්තං
1111. “ධ්‍යාන කරණ කෙලෙස් රජස් දුරුකරහුන්, කරණලද කටයුතු ඇති, ආශ්‍රව රහිත, සියලු ධර්මයන්හි පරතෙරට ගිය, බුදුන්ගෙන් ප්‍රශ්න කිරීමේ අදහසින් පැමිණියෙමු. අවිද්‍යා දුරුකරණ රහත්ව කෙළෙසුන්ගෙන් මිදීම කියනුමැනවියි” ආයුෂ්මත් උදය මානවකතෙමේ ප්‍රශ්න කළේය.
1112. “උදයය, කාමසංඥාවන්ද, දොම්නසද යන දෙක දුරු කරණ, කයේ මැළිකම දුරු කරණ, පසුතැවීම දුරුකරණ
1113. උපෙක්ෂා, ස්මෘති, දෙකින් පිරිසිදුවූ, අර්හත් විමොක්ෂය පෙරටුව යන අවිද්‍යාව නසන ධර්මය අඤ්ඤාවිමොක්ෂය (රහත්වීම) යයි කියනු ලැබේ.”
1114. “ලෝකයෙහි බැඳීම කවරේද, හැසිරීම කවරේද, කුමක් ප්‍රහීන කිරීමෙන් නිර්වාණයයි කියනු ලැබේද?”
1115. “නන්දි නම් තෘෂ්ණාව ලෝකයෙහි බැඳීමය. විතර්කය පරීක්ෂාවයි තෘෂ්ණාව දුරු කිරීමෙන් නිර්වාණයයි කියනු ලැබේ.”
1116. කෙසේ සිහි ඇතිව හැසිරෙන්නාහට විඤ්ඤාණය නැතිවේද, භාග්‍යවතුන් වහන්සේ විචාරන්ට පැමිණියෙමු ඔබවහන්සේගේ කියමන අසමු.
1117. “ඇතුළත පිටත වේදනාව නොඉවසන්නාවූ සිහි ඇත්තාහට විඤ්ඤාණය නැතිවේ” යනු බුදුරජාණන් වහන්සේ වදාළසේක.
උදයසුත්තං තෙරසමං.
5. 14.
පොසාලසුත්තං
1118. “යමෙක් තෙමේ තෘෂ්ණා නැත්තේ සිඳින ලද සැක ඇත්තේ යමෙකුගේ අතීතය කියයිද? සියලු ධර්මයන්ගේ පරතෙරට ගියේය. නුඹවහන්සේ ගෙන් ප්‍රශ්න කිරීමට පැමිණියෙමි.
1119. “ඉක්මවූ රූප සංඥා ඇත්තාවූ සියළු රූප කාය ප්‍රහාණය කළ හට ඇතුළතද, පිටතද, කිසිවක් නැතැයි දක්නාහට ශ්‍රේෂ්ඨයන් වහන්ස එබඳු ඤාණය විචාරමි. මත්තෙහි නුවණ වෙසේද, කෙබඳුදැයි” ආයුෂ්මත් පොසාල තෙමේ විචාළේය.
1120. භාග්‍යවතුන් වහන්සේ “පොසාලය, සියලු විඤ්ඤාණයන් පිහිටන තැන් තථාගතතෙමේ දන්නේ ආකිඤ්චඤ්ඤායතනයයෙහිවූ මේ පුද්ගලයා දනියි.
1121. “ආකිඤ්චඤ්ඤායතනය උපදවන කර්මයද, අරූපභව ආශාව, සංයෝජනයයි මෙසේ මෙසේ දැන එහි විදර්ශනා කරයි. වැඩ නිමවන ලද්දාවූ ඒ බ්‍රාහ්මණයාට මේ ඤාණය වේ.”
පොසාලසුත්තං චුද්දසමං.