4. 6.
ජරා සූත්‍රය
808. “මේ ජීවිතය ඒකාන්තයෙන් ස්වල්පය, අවුරුදු සියයෙන් මෙපිටද මැරෙන්නේය. ඉදින් යමෙක්තෙම අවුරුදු සියය ඉක්මවා ජීවත්වන්නේ නමුදු එකල්හි වනාහි හෙතෙම ජරාවෙන් හෝ මැරෙන්නේය.
809. “ජනයෝ මගේයයි ගත් දෙයින් ශොකකරත්, සදාකාලිකවූ අයිති දේ නැත. මේ (ජීවිතය) ඇත්තේම වෙන්වීමද වන්නේය. මෙසේ දැක ගිහිගෙයි නොවසන්නේය.
810. “පුරුෂතෙමේ මෙය මාගේයයි යමක් (රූපවේදනාදියක්) සිතාද, එය මරණයෙන් හරින්නේය. මමත්වය ඇති පණ්ඩිත තෙමේ මේ දැක මමත්වය පිණිස නොනැමෙන්නේය.
811. “පිබිදුණු පුරුෂතෙම සිහිනෙන් දුටුවිරූදෙය නොදකීද එසේම මැරීගියාවූ, කළුරියකළාවූ ප්‍රියකළ ජනයා නොදකී.
812. “යමකුන්ගේ නම මේයයි කියනු ලැබේද, ඒ ජනයෝ දක්නාලදද අසනලදද පරලොව ගිය සත්වයාගේ නාමයම ව්‍යවහාර කරන්නට ඉතිරිවන්නේය.
813. “ගිජුවූවාහු මගේයයි ගත්තෙහි ශෝකය, වැලපීම, මසුරුකම අත්නොහරිත්. එහෙයින් නිවන් දක්නාසුලු මුනිවරු අයිතිය හැරපියා හැසුරුණහ.
814. “විවේකයෙන් හැසිරෙන, වෙන්වූ අසුන සෙවුනාවූ, ඒ මහණහට යමෙක් තමා (නිරයාදි) ලෝකවල නොදක් වන්නේද තමාට නිරයාදියට නොයාම සාමග්‍රියයි කියත්.
815. “සියලු තන්හි (තෘෂ්ණාදෘෂ්ටි) ඇසුරු කිරීමක් නැති මුනිතෙම ප්රියභාවයද අප්‍රිය භාවයද නොකරන්නේය. ඔහු කෙරෙහි වැලපීම හා මසුරුකම නෙළුම් කොළයේ දිය මෙන් නොඇලෙයි.