1. 12.
මුනි සූත්‍රය
209. තෘෂ්ණා දෘෂ්ටි ආශ්‍රයෙන් කෙලෙස් බිය උපන්නේය. රූපාදිය අරමුණු කොට ගෙන රාග, ද්වේෂ, මොහ, කෙලෙස් ධූලි උපදනේය. කෙලෙස් වසන රූපාදිය නැති, ආශ්‍රය නැති මේ නිර්වාණය බුද්ධ මුනිහු විසින් දක්නා ලදී. විෂ්මයකි.
210. යම් බුද්ධ මුනි කෙනෙක් ක්ලෙශය සිඳ නූපදවාද, ඉපදීමට යොමුව සිටි ක්ලෙශයන් නොහටගන්වාද, ඒ කෙලෙස් උපදින කාරණයද, නූපදවාද, එක්කෙනෙක්වූ ශ්‍රේෂ්ඨවූ පැවිදි ඉරියවුවෙහි හැසිරෙන උන්වහන්සේ මුනි යයි කියති. ඒ මහර්ෂිතෙම ශාන්ති පදය දැක්කේය.
211. කෙලෙස් ඉපදීමට කාරණයන් පිරිසිඳ දැන ලෞකික කුශලාකුශල චිත්තය නසා ඒ ස්නෙහය ඒ බීජයට නොවැද්ද දේද, ඒ බුද්ධ මුනිතෙම ඉපදීම මරණයන්ගේ කෙළවර නුවණැසින් දක්නේ තර්කය අත්හැර ඒකාන්තයෙන් දිව්‍ය මනුෂ්‍ය සංඛ්‍යාවට නොපැමිණෙන්නේය.
212. සතුන්ගේ සියලු ස්ථාන අනිත්‍යාදී වශයෙන් දැන් ඒ භව අතුරෙන් එක් වාසස්ථානයකුත් නොපතන ඒ බුද්ධ මුනිතෙම පහකරණ ලද තෘෂ්ණා ඇත්තේ ගිජු නොවූයේ යම් කාරණයෙකින් නිවණට පැමිණියේ වේද, ඒකාන්තයෙන් පින් පවු රැස් නොකරන්නේය.
213. සියල්ල මැඩ පැවැත්වූ සියලු ධර්මයන් සර්වාකාරයෙන් දත්, යහපත් නුවණ ඇති සියලු ස්කන්ධාදී ධර්මයෙහි නොඇලුණ සියලු කෙලෙස් සහිත ධර්මයන් අත්හළ තෘෂ්ණා ක්ෂය කිරීමෙහි යෙදුන උන්වහන්සේ බුද්ධ මුනියයි ඤාණවන්තයෝ දනිති.
214. ඤාණ බල ඇති සීල ව්‍රත දෙකින් යුත් එකඟවූ ධ්‍යානයෙහි ඇලුණු සිහි ඇති ඇල්මෙන් මිදුණු සිත තද කරණ ධර්ම නැති කෙලෙස් නැති ඔහු වනාහී ඤණවන්තයෝ මුනියයි දනිත්.
215. එකම ප්‍රව්‍රජ්‍යාවෙන් සිටගෙන අට වැදෑරුම් චර්යාවෙහි හැසිරෙන මුනිවූ, නොපමාවූ, නින්දා ප්‍රශංසා දෙක්හි නොසැලෙන, බෙර ශබ්ද ආදියෙහි බිය නොවන කෙශර සිංහයා මෙන් බයින් නොම වෙවුලන්නාවූ, දැලෙහි වෘතය මෙන් තෘෂ්ණා දෘෂ්ටි දැල නොබැඳෙන්නාවූ, දිය හා පියුම මෙන් නොඇලෙන්නාවූ, අන් දෙවිමිනිසුන් නිවනට පමුණුවන්නාවූ, අනිකකු විසින් මාර්ගයකියි නිවනට නොපැමිණ විය යුතුවූ, ඔහු වනාහි ඤාණවන්තයෝ මුනි යයි දනිති.
216. යම් කෙනෙකු කෙරෙහි අන්‍යයෝ ගුණයක් හෝ කී කල්හි නාන තොට පිහිටි කණුවක් මෙන් එකම ගුණයෙන් යුක්තවේද, ඒ පහවූ ඇලුම් ඇති මනාකොට සන්සිඳුන ඉඳුරන් ඇති ඔහු වනාහි ඤාණවන්තයෝ බුද්ධ මුනියයි දනිත්.