60. “ඉදින් තෝ ලෝමස කස්සප නම්වූ තාපසයා ගෙන්වා පශුඝාතක නම් යාගය කරවන්නේ නම් අතිශයින්ම අජරාමරයෙහි ශක්රයා හා සමානවූ රජෙක් වන්නේය.
61. “සය්හය, සමුද්රයෙන් වටවූ සාගරයෙන් සිසාරා වැළඳ සිටි හෙයින් කුණ්ඩලාකාරවූ පෘථිවිය නින්දාව සමග නොකැමැත්තෙමි. මෙසේ දැනගණුව.
62. “බ්රාහ්මණය, මෙසේ අධර්මයෙන් යම් යසස් ලාභයක් වේද, යම් ධන ලාභයක් ඇද්ද, එයටද අපායෙහි වැටෙන පරිද්දෙන් යම් වෘත්තියක් ඇද්ද, අධර්මචර්යාවෙන් හෝ යම් වෘත්තියක් ඇද්ද, ඇයටද නින්දා වේවා.
63. “ඉදින් පාත්රයක් ගෙණ ගෘහ රහිතවූයේම භික්ෂාවෙහි හැසිරෙන්නෙම් නමුත් අධර්මයෙන් යම් සෙවීමක් ඇද්ද, ඊට වඩා ඒ පිඬු සිඟීමෙන් ජීවත්වීමම උතුම් වේ.
64. “ලෝකයෙහි අනිකෙකුට හිංසා නොකරන්නේ ඉදින් පාත්රයක් ගෙණ ගෙයක් නැත්තේම පිඬු සිඟා ඇවිදින්නෙම් නම් එය රාජ්යයටද වඩා උතුම් වේ.
65. “චන්ද්රතෙම අඳුරු නසන හෙයින් බල නම් වන්නේය. සූර්යයාද එහෙයින්ම බල නම් වන්නේය. මහණ බමුණෝ හොඳ නරක ඉවසීමෙහි සමර්ථ හෙයින් බල නම්වෙති. සමුද්රයාගේ වෙරලද තමා ඉක්ම නොයන හෙයින් බල නම්වේ. ස්ත්රීහු වනාහි මෙකී බලයන්ට වඩා බල නම් වෙත්.
66. “යම්සේ උග්ර තපස් ඇති ලෝමස කාශ්යප නම්වූ ඍෂීහු ලවා චන්ද්රාවතී තොමෝ තම පියාට වැඩ පිණිස වාජපෙය්ය නම් යාගය කරවීද, එසේ හෙයිනි.
67. “ලෝභය හේතුකොටගෙණ කරණ ලද්දාවූ පඤ්ච කාමය හේතුකොට ඇත්තාවූ ඒ පාප කර්මය කටුක විපාක ඇත්තේයි. ඒ කර්මයාගේ මුල් හේතුව සොයන්නෙමි. බන්ධන සහිතවූ රාගය සිඳින්නෙමි.
68. “මහරජ, ලෝකයෙහි ඉතා බොහෝවූද කාමයන්ට නින්දාවේවා. මෙකී කාම ගුණයන්ට වඩා තපසම උතුම්වේ. එහෙයින් කාමයන් හැර තපස කරන්නෙමි. රටද මේ චන්ද්රාවතී නම් රාජ කුමාරිකාවද ඔබටම වේවා.”
7. ලොමසකස්සප ජාතකය.
69. “කාශාය වස්ත්ර පෙරෙවියන් බඳුවූ රන්වන් පැහැ ඇති දෙදෙන දෙදෙනව සතුටු සිත් ඇතිව හැසිරෙන පක්ෂීවූ තොපට කියමි. හෙවත් තොපගෙන් විචාරමි. එම්බා පක්ෂීනි, මිනිසුන් අතුරෙහි කිනම් පක්ෂියා කියා තොපගේ ජාතිය ප්රශංසා කෙරෙද්ද, එබැවින් එය කියව් නොහොත් පක්ෂීන් හා මිනිසුන් අතුරෙහි කිනම් පක්ෂියයි කියා තොපගේ ජාතිය පසසත්ද,
70. මනුෂ්ය හිංසකය, ඔවුනොවුන්ට අනුගතවූ ප්රිය සංවාස ඇතිව අප චක්රවාකයයි මිනිසුන් අතුරෙහි කියත්. පක්ෂීන් අතුරෙහි කල්යාණ භාවයෝ යයි සම්මත වෙමු. නිර්භය ස්වභාව ඇත්තෝ වෙමු. පියුම් විලෙහි හැසිරෙමු. (ආහාරය පිණිස පාපයක් නොකරමු.)
71. “අලාමකවූ චක්රවාකයෙනි, තොපගේ ශක්තියද වර්ණයද අලාමකවූ ස්වරූප ඇත්තේය. එහෙයින් කිමෙක්ද, මේ විලෙහි කවර ඵලයන් අනුභව කෙරෙද්ද, කවරෙකුගේ ශරීරයෙන් මස් කන්නාහුද, කිනම් ආහාරයක් අනුභව කරව්ද,
72. “කව්ඩුව, මේ විලෙහි ඵලයෝ නැත්තාහ. චක්රවාකයාට මස් කන්ට කොයින්ද? එහෙයින් අපි සෙවෙල් අනුභව කරන්නෝ වෙමු. ගස්පොතු නැති ජලය භෝජන ඇත්තෝ වෙමු. ආහාර පිණිස පාපයක් නොකරමු.
73. “චක්රවාකය, මේ තොපගේ ආහාරය මට රුචිනොවේ. එසේහෙයින් මේ ජාතියෙහි ආහාරයට සමාන ආහාර ඇත්තේ නොවෙයි” කියා මට පෙර වූයේය. ඉන්පසු මට අන් පරිද්දෙකින් වීයයි මෙසේ මේ තොපගේ ශරීර වර්ණයෙහි මට විමතියක් හටගත්තීය.
74. “මම වනාහි මස්ද ගෙඩිද ලුණු සහිතවූද තෙල් සහිත වූද, ආහාරයන් අනුභව කරන්නෙමි. සංග්රාම භූමියෙහි ශූරයෙකු මෙන් හැරගෙන මිනිසුන් කෙරෙහිවූ රසය අනුභව කරන්ට ලබමි. එසේවුවත් චක්රවාකය, තාගේ වර්ණය යම්සේද, එබඳුවූ වර්ණයෙක් මට නොම ඇත්තේය.
75. “කව්ඩුව, තෝ අපිරිසිදු දේ අනුභව කිරීම ඇත්තෙහිය. ප්රමාදවූ කෙණෙහි වැටෙන සුළුය. තට කන බොන දෙය දුකින් ලැබේ. වෘක්ෂ ඵලයෙන්ද සොහොන් මැද යම් මසක් ඇත්නම් එයින්ද නොසතුටු වන්නෙහිය.
76. “ක්ෂණයෙහි වැටෙන සුලුවූ කාකය, යමෙක් තෙම සැහැසිකමින් ලබාගෙන අනුභව කෙරේද, එහෙයින් ඔහුට ස්වභාව ධර්මයතෙම ගර්හා කරන්නේය. එසේ උපක්රොශ කරණ ලද්දේ වර්ණයද බලයද දුරුකෙරේ.
77. “ඉදින් සැහැසිකමක් නොකිරීමෙන්ද, අනුන් නොනැසීමෙන්ද නිමියාවූ හෙවත් දැහැමින් ලද්දාවූ මඳවූද ගොදුරු කා නම්, එකල්හී ඔහුගේ ශරීරය ශක්තියද වර්ණයද වන්නේය එසේහෙයින් සියලු වර්ණය ආහාරයෙන්ම හටගන්නේ නොවේ.”
8. චක්කවාක ජාතකය.