105. “තා විසින් දෙනලද බත් ඇති යමෙක් තාගේ නිදොස්වූ දරුවන් කෑයේද, ඔහු කෙරෙහි දළ හෙළව, හෙවත් ගසව, තාගේ අතින් ජීවත්වූයේ නොමිදේවා.
106. “අතිශයින් දරුණුවූ පුරුෂතෙම කිරි මවකගේ වස්ත්රයක් මෙන් කිළුටුවූයේය. එහෙයින් මොහුගේ යම් තැනෙක්හි දළ ගසම්ද, එබඳු තැනක් නොදකිමි.
107. “කළගුණ නොදන්නාවූ නිතර වරද දක්නා සුළුවූ පුරුෂයාහට ඉදින් සියලු පොළොව දුන්නේවී නමුත් ඔහු නොම සතුටු කළ හැක්කේය.
108. “මනා බාහු ඇත්ත, කිමෙක්ද, ඉක්මන් ස්වභාව ඇත්තේ මානවකයෙකු හා පෙරළා ආයේ වෙහි. මෙහිලා තට මොහු විසින් කටයුතුවූ කිනම් වැඩක් ඇද්ද, මා විසින් විචාරණ ලද්දේ මේ කාරණය කියව.
109. “තාගේ යහළුවූ යහපත් ස්වභාව ඇති යම් වටුවෙක් ඇද්ද, අද ඒ පුරුෂයාගේ කර්මාන්තයන් අසා වධය සැක කරමි. මම අද වටුවා සුවපත්යයි නොසිතමි.
110. “මේ පුරුෂයාගේ ජීවිකා පැවැත්ම ගැලපීමට කවර නම් කර්මාන්තයන් ඇසුයෙහිද, පුරුෂයාගේ කිනම් ප්රතිඥාවක් හෝ අසා මානවකයා විසින් තිත්තිර පණ්ඩිතයා මරණ ලදැයි සැක කෙරෙහිද?
111. “කාළිංග දෙශයේ හැසිරෙන ලදහ. වෙළඳාම කරණ ලදී. වේවැලගෙන හැසිරිය යුතුවූ කණු ඇති මාර්ගයද පුරුදු කරණ ලදී. නළුවන් සමගද හැසිරෙන ලදී. වරදැල් වැද්දන් සමගද හැසිරෙන ලදී. සභා මධ්යයෙහි මුගුරෙන් යුද්ධ කරණ ලදී.
112. “ඔහු විසින් ලිහිණිද බඳනාලදහ. නැළියෙන් මැනීමද කරණලදී. අක්ෂධූර්තයෝ (හෙවත්) පසැටින් ක්රීඩා කරන්නාහු පුරුදු කරණ ලදහ. ශීලසංයමය ඉක්මවනලද්දේ අර්ධ රාත්රියෙහි ලේ නොවැගිරෙන සේ කෙළේ. ආහාර පිළිගැන්මෙන් මොහුගේ අත්ද දැවුනාහ.
113. “ජීවිකා වෘත්තිය ගැළපීම පිණිස මේ පුරුෂයාගේ ඒ කර්මාන්තයන් ඇසීමි. යම්සේ මේ වටුවාගේ ලොම් පිඩ ජටාවෙහි දක්නාලැබේද, එහෙයින් ගවයෝද මොහු විසින් නසනලදහ. වටුවා ගැන කියනුම කවරේද.”
12. තිත්තිර ජාතකය (දද්දර ජාතකය).
ගිජ්ඣ වර්ගය පළමු වැනියි.
එහි උද්දානය:
වරගිජ්ඣ, සමජ්ජන, හංසවර, නිධි, හාරිත, පාටලික, අජරාමර, ධංක, තිතික්ඛ, කුත, පෙක්ඛන සහ දොළොස්වන දද්දර ජාතකය යැයි (මේ වර්ගයේ ජාතක කථා දොළසකි).
නවකනිපාතං නිට්ඨිතං.