1223. “යම් කලෙක්හි සියලු ගංගාවෝ කෞමදයෙන් (සුදු නෙළුමින්) සැදුම් ලද්දාහු වෙද්ද, කොවුල් පක්ෂීහු සකසේ සුදුවන් වෙද්ද, දඹගස තල් ගෙඩියක් දේද, ඉක්බිති එකල්හි ඒකාන්තයෙන් සමාගමය වන්නේය.
1224. “යම් කලෙක්හි ඉබ්බාගේ ලොම්වලින් ත්‍රිවිධවූ උතුරු සළුවක් හේමන්තයෙහිවූ පොරෝණය වන්නේද? ඉක්බිති එකල්හි ඒකාන්තයෙන් සමාගමය වන්නේය.
1225. “යම් කලෙක මදුරු දළවලින් ශක්තිමත් වූ, නොසැලෙන අටල්ලක් මනාව කරන ලද්දේ වේ ද, එකල්හි ඒකාන්තයෙන් (අපගේ) සමාගමය වන්නේය.”
1226. “යම් කලෙක්හි දෙව්ලොවට නැඟීම පිණිස සස විශානයන්ගෙන් (හා අංවලින්) හිණක් මනාකොට කරණ ලද්දී වන්නීද ඉක්බිති එකල්හි ඒකාන්තයෙන් සමාගමය වන්නේය.
1227. “යම් කලෙක්හි මූෂිකතෙම හිණට නැඟී සඳ කන්නේද? රාහු ග්‍රහයාද පෙරලාද වන්නේද, ඉක්බිති එකල්හි ඒකාන්තයෙන් සමාගමය වන්නේය.
1228. “යම් කලෙක මැස්සෝ රා කලයක් පානය කොට සමූහ චාරීව ගිනි අඟුරෙහි වාසය කරන්නාහුද? ඉක්බිති එකල්හි ඒකාන්තයෙන් සමාගමය වන්නේය.
1229. “යම් කලෙක්හි බිඹු පලවැනි තොල් ඇති යහපත් මුහුණු ඇති නෘත්‍ය ගීතයට දක්ෂවූ කොටළුවෙක් වන්නේද? ඉක්බිති එකල්හි ඒකාන්තයෙන් සමාගමය වන්නේය.
1230. “යම් කලෙක කවුඩෝද බකමූණෝද රහසිගතවූවාහු මන්ත්‍රණය කරන්නාහුද ඔවුනොවුන් ප්‍රිය වන්නාහුද ඉක්බිති එකල්හි ඒකාන්තයෙන් සමාගමය වන්නේය.
1231. “යම් කලෙක කෑලපත්වලින් කළ ඡත්රය වැසි වැළක්ම පිණිස ස්ථිර සාරවූවක්වන්නේද, ඉක්බිති එකල්හි ඒකාන්තයෙන් සමාගමය වන්නේය.
1232. “යම් කලෙක උකුසු පක්ෂිතෙම ගන්ධමාදන පර්වතය තුඩින් ගෙණ යන්නේද, ඉක්බිති එකල්හි ඒකාන්තයෙන් සමාගමය වන්ය.
1233. “යම් කලෙක යන්ත්රාදී උපකරණ සහිතවූ පටාකාර සහිතවූ සමුද්රයෙහිවූ නැවක් කොලුවෙක් ගෙනියන්නේද, ඉක්බිති එකල්හි එකාන්තයෙන් සමාගමය වන්නේය.”
9. අට්ඨාන ජාතකය.
1234. “මයිලණුවෙනි, කිම ඉවසිය හැකිද යැපිය හැකිද, ඔබට සැපද ඔබගේ සුවය මව් තොමෝ අද විචාළීය. අපිද ඔබට සුව කැමැත්තාහුද වෙමු.
1235. “එළුදෙන, මාගේ වල්ගා හවරිය පාගා බලාත්කාරකම්කොට අද මයිලනුවෙනි යන වචනයෙන් මිදිය යුත්තීයයි සිතන්නෙහිද?
1236. “පූර්ව දිශාවට අභිමුඛව හුන්නෙහිය. මම නුඹ වහන්සේගේ ඉදිරියෙන් ආමි. පසුපසින් ඔබගේ නගුටවෙයි කෙසේ නම් පෑගුයෙම්ද?
1237. “සමුද්‍ර සහිතවූ පර්වත සහිතවූ සතර දිවයින යම් තාක් වෙද්ද, මාගේ වල්ගා හවරිය ඒතාක්වේ. කෙසේ නම් තී එය නොගන්නීද?