1164. “පින්වත, මේ ගෙල පළඳනා ආභරණයද, බොහෝවූ මුතුද වෛදූර්ය මාණික්‍යද යන සියල්ල හැර ගණුව, මාද දාසියකැයි මහජනයාට අස්වව.
1165. “සොඳුර, මේ පළඳනා මුදා තබව, බොහෝ කොට නොවැළපෙව, තී නොමරා ගෙණෙන ලද ධනය මම නොදනිමි. නොගනිමියි සේයි.
1166. “යම් කලක පටන් තමා සිහි කෙරෙම්ද, යම් කලක පටන් දැනුම් ඇති බවට පැමිණියේ වෙම්ද, මම තට වඩා ඉතා ප්‍රියවූ අනිකෙකු නොම දනිමි.
1167. “එව, ඔබ වැළඳගන්නෙමි. ඔබ ප්රදක්ෂිණාද කරන්නෙමි. දැන් නැවත මාගේද ඔබගේද එක්වීමෙක් නොම ඇත්තේය.
1168. “සියලු තන්හි පුරුෂ තෙම පණ්ඩිත නොමවේ. පණ්ඩිතවූ ස්ත්‍රිද ඒ ඒ තන්හි විචක්ෂණා වන්නීවේ.
1169. “සියලු තන්හි පුරුෂතෙමේ පණ්ඩිත නොමවේ. වහා කරුණු සිතන්නීවූ ස්ත්‍රී තොමෝද පණ්ඩිතවේ.
1170. “ඒකාන්තයෙන් යුහුවද ශීඝ්රවද සමීපයෙහි සිටම ඔහු මරණ උපාය සිතී සම්පූර්ණවූ දුන්නෙන් මුවෙකු මෙන් සුලසා තොමෝ සත්තුක නම් සොරහු මැරීය.
1171. “මේ ලෝකයෙහි යමෙක් තෙමේ පැමිණි කාරණය වහා දැන නොගනීද, මද නුවණැති හෙතෙමේ පර්වත ප්‍රපාතයෙහි සොරාමෙන් නැසේ.
1172. “මේ ලෝකයෙහි යමෙක්තෙමේ තමන් වෙත පැමිණි කාරණය වහාම දැනගණීද, හෙතෙමේ සුලසා තොමෝ සත්තුක නම් සොරාගෙන් මිදුනාක් මෙන් සතුරු උපද්‍රවයෙන් මිදේයයි” කීයේය.
3. සුළසා ජාතකය.
1173. “අතිශයින්ම මම කිපියෙමියි බලා පෘථිවිශ්වර තෙමේ පළමුකොට දඬුවම් නොපනවන්නේය. කුමක් හෙයින්දයත්, අකාරණයෙන් තමා රජ බවට නුසුදුසු දෙය කරවයි. අන්‍යයන්ට බලවත් දුක් කියන්නේය.
1174. “යම් කලෙක තමාගේ ප්‍රසාදය දන්නේද, අන්‍යයාගේ දුෂ්කෘතවූ කාරණය පරීක්ෂා කරන්නේද, එකල්හි මෙයම ඔහුගේ දෝෂයයි තෙමේ බලා ඉක්බිති ඔහුට සුදුසුවූ දඬුවම නිමකරන්නේය.
1175. “ඡන්දාදීන් මුසපත් නොවූ යමෙක් තෙමේ නීතිය හෝ අනීතිය පමුණුවාද, හෙතෙම අන්‍යයාද නොම දවයි. තමාද නොම දවයි. මේ ලෝකයෙහි යම් පෘථිවිශ්වරයෙක් තෙම වරදට සුදුසු දඬුවම් පණවමින් දණ්ඩධාරීවේද, ගුණයෙන් හා යශසින් රැකුණාවූ ඒ රජතෙමේ රාජ්‍ය ශ්‍රීයෙන් නො පිරිහේ.
1176. “නොවිමසා කටයුතු කරන්නාවූ යම් රජ කෙනෙක් මුසපත්වූවාහු වහා දඬුවම් පණවත්ද, අවර්ණයෙන් යුක්තවූ ඔහු ජීවිතය හරිත්. මෙයින් මිදුනාහුද දුර්ගතියට යෙත්.
1177. “යම් රජ කෙනෙක් ආචාරයෙන් ආර්යවූ ධාර්මික රජුන් විසින් ප්‍රකාශ කරණ ලද දශ රාජ ධර්මයෙහි ඇළුණාහුද, ඒ රජහු වචනයෙන්ද සිතින්ද ක්රියායෙන්ද ශ්‍රේෂ්ඨයහ. ශාන්තියෙහිද සුරතභාවයෙහිද සමාධියෙහිද, පිහිටියාවූ ඒ එබඳු දැහැමි රජහු දෙලොවටම පැමිණෙත්.
1178. “මම ස්ත්‍රී පුරුෂයන්ට ස්වාමිවූ රජවෙමි. ඉදින් කිපුණෙම් නමුදු තමා නීතියෙහි පිහිටුවමි. එබඳුවූ ජන සමූහයා නොමග යාමෙන් වළක්වමින් නුවණින් අනුකම්පා කොට දඬුවම් පවත්වමි.
1179. “ජනාධිපතිවූ රජතුමනි, පරිවාර සම්පත්තියද ප්‍රඥාවද ඔබම කිසිකලෙකත් අත්නොහරීවා. ක්රොධනොවූයේ නිතර පහත්වූ සිත් ඇත්තේ නිදුක්වූයේ ඔබ අවුරුදු සියයක් රට පාලනය කෙරේවා.
1180. “මේ ගුණවලින් යුක්තවූ ක්ෂත්රියය, පිහිටි ආර්ය වූ පැවතුම් ඇත්තේ කීකරු වූයේ ක්‍රොධ නොකරන්නේ සුවපත්වූයේ ජනයා නොපෙළෙමින් පොළොව අනුශාසනා කරව, මෙයින් මිදුනේද සුගතියට පැමිණෙව,