1047. “යම් තැනෙක්හි වෛර ඇත්තා වෙසේද? එතැන්හි නුවණැත්තා නොවසන්නේය. කුමක් හෙයින්ද යත්, වෛර ඇත්තන් අතුරෙහි එක රැයකුදු දෙරැයකුදු දුකසේ වසයි. (එහෙයිනි.)
1048. “අනුව කටයුතු කරන්නාවූ පුරුෂයා හට සැහැල්ලු සිතේ පැවැත්ම ඇත්තේ ඒකාන්තයෙන් සතුරෙක් වන්නේය. එසේමැයි හුදකළාවූ වානරයාගේ හේතුවෙන් වානර සමූහයට ව්යසන කරණ ලදී.
1049. “සේනාව පරිහරණය කරන්නාවූ අඥානවූ මම පණ්ඩිතයෙමියි සිතන තැනැත්තේ ස්වකීයවූ චිත්තයාගේ වසඟ බවට පැමිණ මේ වානරයා මෙන් විනාශයට පැමිණ හෝනේය.
1050. “සමූහයා පරිහරණය කරන්නාවූ අයහපත්වූ බලවත්වූ අඥාන තෙම ලිහිණියන්ට චෙතකයා හෙවත් සේවටුවා මෙන් නෑයන්ට සතුරෙක් වේ.
1051. ධෛර්යවත් වූ ද බලවත් වූ ද පණ්ඩිත තැනැත්තේ සමූහයා පරිහරණය කිරීමට සුදුසු ය; හෙතෙම ඤාතීන්ට හිතවත් වේ, දෙවියන්ට සක් දෙවිඳු මෙන් ය.
1052. “යමෙක් වනාහි ශීලයද ප්රඥාවද ශ්රැතයද තමා කෙරෙහි දකීද? හෙතෙම තමාටද අනිකාටද යන දෙදෙනාට අර්ථය කරන්නේයි.
1053. “එසේ හෙයින් තමා ශීල ප්රඥා ශ්රැත යන මොවුන් මෙන් සමානකොට ප්රාඥතෙම සමූහයා හෝ පරිහරණය කරන්නේය. හුදකලාව හෝ පවත්නේයි.”
9. කපිජාතකං නවමං.
1054. “ගෞතමයෙනි, ජාති ජරා දෙක ඉක්මවූ අනුන් තමා වසඟයෙහි පවත්වන්නාවූ කළ පින් ඇත්තෝ මේ බ්රහ්ම ලෝකයෙහි දෙසැත්තෑ කෙනෙක් වෙත්. මෝතොමෝ කෙළවරවූ ප්රඥාවෙන් පැමිණියාවූ ශ්රේෂ්ඨවූ පැමිණීමය අප බොහෝ ජනයෝ ඇදිළිබැඳගෙණ ප්රාර්ථනා කෙරෙති.
1055. “බකනම් බ්රහ්මය නුඹ යම් තැනක් දීර්ඝායු ඇත්තේ යයි සිතන්නෙහිද එය දීර්ඝායුෂ නොවේ. ස්වල්ප ආයුෂ ඇත්තේ මැයි නිරබ්බුදයන්ගේ සියක් දහසෙක්යයි තට ආයුෂය මම දනිමි.
1056. “සර්වඥයෙනි, මම අප්රමාණවූ සියල්ල දක්නේවෙමි. ජාතිය ජරාය ශෝකය යන මොවුන් ඉක්මවා සිටියේ වෙමි”යි කීයෙහිය. එබැවින් මාගේ පුරාතනවූ කවර නම් ව්රත සමාදානයක්වත් සමාදන් වීමක්ද සිල්වත් කමක්ද යමක් මම දන්නෙම්ද එය මට කියව.
1057. “ග්රීෂ්ම කාලයෙහි එයින් පීඩිතවූ හටගත් පිපාස ඇති බොහෝවූ මිනිසුන් නුඹ යම් හෙයකින් පානය කරවීද, ඒ තාගේ පුරාතනවූ ව්රත සමාදානය හා සිල්වත්කම නින්දෙන් පිබිදියෙකු මෙන් සිහිකරමි.
1058. “ඒනි නම් ගං ඉවුරෙහි ලාගෙණ යන්නවූ යම් ඒ ජනයා මිදීද, ඒ තාගේ පුරාතනවූ ව්රත සමාදානය හා සිල්වත්කම නිදා පිබිදියෙකු මෙන් සිහිකරමි.”
1059. “මිනිසුන් නසනු කැමැතිවූ නාගයා විසින් ගංගාවගේ සැඩ පහරෙහි ගන්නාලද නැව බලයෙන් මැඩ මිදූයෙහිද, තාගේ ඒ පුරාණවූ ව්රත සමාදානය හා සිල්වත්කම නිදා පිබිදියක්හු මෙන් සිහි කරමි.