1026. “දසාර්ණක දෙශයෙහි වූ තියුණු මුවහත් ඇති පර ලේ බීමෙන් යුක්තවූ කඩුව පුරුෂ තෙම පිරිස් මැද ගිලියි. එයට වඩා ඉතා දුෂ්කරවූ අන්යවූ, යම් කරුණක් ඇද්ද, එය මට විචාරණලද්දේ කියව,
1027. “මගධෙශ්වරය, අනුන්ගේ ලේ බොන්නාවූ කඩුව ලෝභය හේතු කොටගෙණ පුරුෂතෙම ගිලින්නේය. යමෙක් මෙනම් දෙයක් දෙමියි කියන්නේ නම් ඒ කඩුව ගිලීමට වඩා ඒ වස්තුව දෙමියි කීම ඉතා දුෂ්කරවේ. මෙයින් අන්යවූ සියලු කරුණු කරන්ට පහසුයයි මෙසේ දනුව.
1028. “අර්ථයෙහිද, ධර්මයෙහිද, දක්ෂවූ ආයුර නම් පණ්ඩිත තෙම මාගේ ප්රශ්නය ප්රකාශ කෙළේය. දැන් පුක්කුස නම් පණ්ඩිතයා විචාරමි. ඒ මෙනම් දෙයක් දෙමි. කීමට වඩා කුමක් නම් ඉතා දුෂ්කරද, එයින් අන්යවූ යම් දුෂ්කර කාරණයක් ඇද්ද, එය මට විචාරණ ලද්දේ කියව.
1029. “කිසිවෙක් කියනලද නිෂ්ඵලවූ වචනය අනුව ජීවත් නොවෙත්. යමෙක් අසවල් දෙය දෙමියි ප්රතිඥාදී එය දීමෙන් ලෝභය සිඳින්නේය. ඒ කාරණය ඒ දෙමි කීමට වඩා ඉතා දුෂ්කරය. අනික් සියලු කරුණු කරන්නට පිළිවනැයි මාගධය මෙසේ දනුව,
1030. “අර්ථ ධර්ම දෙකට දක්ෂවූ පුක්කුසතෙම ප්රශ්නය කීයේය. දැන් සේනක පණ්ඩිතයන් විචාරමි. ඒ කඩුව ගිලීමටද දෙමි. කීමටද දෙමි. කී වස්තුව දීමටද වඩා කුමක් නම් ඉතා දුෂ්කරද, මෙයින් අන්යවූ කළ නොහැකිවූ යම් කරුණක් ඇද්ද, එය මට විචාරණලද්දේ කියව,
1031. “මාගධය, යම් පුරුෂයෙක් මදවූ හෝ නොහොත් බොහෝවූ හෝ දානය දෙන්නේද, දානයකොට නොතැවෙන්නේද ඒ පසුව නොතැවීම එකී කරුණුවලට වඩා ඉතා දුෂ්කරය. එයින් අන්යවූ සියලු කාරණය සුවසේ කළ හැකි යයි මෙසේ දනුව.
1032. “අසුර තෙමේද ප්රශ්නය විසඳුයේය. පුක්කුස නම් පුරුෂයාද විචාළ ප්රශ්නය කීය. සේනක පණ්ඩිත තෙමේ යම් සේ කියයිද, එය සියලු ප්රශ්න විසඳීම් ඉක්මවා පවතීයයි” කීයේය.
6. දසණ්ණකජාතකං ඡට්ඨං.
1033. “බමුණ, චඤ්චලවූ සිත් ඇත්තේ ඇළලී ගිය ඉඳුරන් ඇත්තේ වෙහිය. තාගේ ඇස්වලින් කඳුළු දිය බිඳු වෑහෙත්. තාගේ කුමක් නැතිවූයේද, කුමක් ප්රාර්ථනා කරමින් මෙහි ආයේද, එබැවින් ඒ කාරණය කියව.
1034. “සේනක පණ්ඩිතයෙනි, අද ගෙටයන්නාවූ මාගේ අඹුව මියයන්නේය. ගෙට නොයන්නාවූ මට අතර මග මරණය වන්නේයයි යක්ෂයෙක් කීයේය. මේ දුකින් වෙව්ලන්නේවෙමි. මේ කාරණය මට කියව,
1035. “බමුණ, බොහෝවූ කරුණු විශේෂයෙන් කල්පනා කොට මෙහි යමක් කියන්නෙම්ද, එයම සත්යය. තාගේ අක්සුණු පසුම්බියට නොදැනුවත්ව කෘෂ්ණ සර්පයෙක් ප්රවිෂ්ට වූයේයයි සිතමි.
1036. “දණ්ඩක්ගෙණ පසුම්බිය පහරව, මුඛයෙන් කෙළ වැගිරෙන දිව් දෙකක් ඇති පිටතට නික්මුනු සර්පයා බලව. අද තාගේ සැකයද, විචිකිච්ඡාවන්ද සිඳුව සර්පයා බලව, පසුම්බිය මුදව.
1037. “සංවේගයට පැමිණි ස්වභාව ඇති ඒ බමුණුතෙමේ හක්සුණු පසුම්බිය මිදුයේය. එකල්හි උරයෙන් ගමන් කරන්නාවූ උග්රවූ තේජස් ඇති ශීඝ්රවූ විෂ ඇති සර්පයා පෙනේ කොට පසුම්බියෙන් නික්මුනේය. යමෙක් යහපත්වූ ප්රඥා ඇති සේනක පණ්ඩිතයන් නිතර දක්නේද එසේවූ ජනක නම් රජහට මනාකොට ලැබුනු ලාභයකි.
1038. “බ්රාහ්මණය, විවෘත කරණ ලද කෙලෙස් සෙවෙනි (පියසි) ඇති සියල්ල දක්නාවූ සර්වඥ වූයෙහිද, ඔබගේ ඤාණයට වනාහි සර්වඥ ඥානයක් මෙන් භයංකාර රූපයක් ඇත්තේයයි ඔබ විසින් දෙනලද ජීවිතය මා විසින් අද ලබනලදී. තවද මාගේ අඹුවටද සුවයක් කෙළේය. එසේහෙයින් මාගේ මේ සත්සියයක් පමණ කහවණු ඇත. ඒ සියල්ල ඔබට දෙමි එය ගණු මැනව.
1039. “මනාකොට කියනලද විසිතුරු ගාථාවන් කරණ කොටගෙණ පණ්ඩිතයෝ කුලී නොගණිති. තට මෙයිනුදු ධනය දෙත්වා එය ගෙණ තෝ ස්වකීය ගෙට යවයි’ කීයේය.
7. සත්තුභස්තජාතකං සත්තමං.
1040. “අට්ඨිසේනය, මම ඒකාන්යෙන් යම් යාචක කෙනෙකුන් නොහඳුනම්ද ඔව්හු මා වෙත පැමිණ ඉල්වති. ඔබ මා කුමක් හෙයින් නොඉල්ලන්නෙහිද?
1041. “යාඥා කරන්නේ අප්රියවේ. යාඥා කළ වස්තුව නොදෙන්නේද අප්රියවේ. මට නොසතුට නොවේවයි එහෙයින් මම තාගෙන් නොඉල්වමි.