976. “කව්ඩු මයිලනුවෙනි, ප්‍රණීතවූ බත අනුභව කෙරෙහි ගිතෙල්ද තලතෙල්ද, අනුභව කෙරෙහි එසේ කල්හි කවර නම් කාරණයකින් නුඹ කෘශවෙහිද?
977. “සතුරන් මැද වසන්නාවූ ඔවුන් අතුරෙහි ආහාරය සොයන්නාවූ නිරන්තරයෙන් කලකිරුණු සිත් ඇති කවුඩුවාගේ දැඩි බවෙක් හෙවත් පුෂ්ටියෙක් කොයින්ද?
978. “වක්වූ ග්‍රීවා ඇති කවුඩුවෝ නිරතුරුම භයින් වෙව්ලන්නාහ. පාප කර්මයෙන් ලබන ලද ආහාරය නො පිනවයි. වටුව, ඒකාරණයෙන් මම කෙට්ටුවෙමි.
979. “වටුව, රළුවූ මඳ ඕජා ඇති තෘණ බීජයන් අනුභව කෙරෙහිය. එතකුදුවුවත් තෝ කවර කාරණයකින් සම්පූර්ණවූ මස් ලේ ඇත්තෙහිද?
980. “කව්ඩුව, ආහාරයෙහි මඳ ආශාවෙන්ද මද සිතිවිලි ඇතිහෙයින්ද, දුර නොවූ ගමන් යාමෙන්ද ලද ලද දෙයින් යැපෙන්නේ වෙමි. ඒ කාරණයෙන් මම තරවීමි.
981. “මද ආශා ඇත්තාවූ ස්වල්ප සිතිවිලි ඇති සැපයෙන් යුක්තවූ මනාකොට ගන්නාලද ආහාර ප්‍රමාණ ඇති පුද්ගලයාට දිවි පැවැත්ම සැපසේ නිපදවිය හැක්කේයයි” කීයේය.
9. වට්ටකජාතකං.
982. “මැණිකක් දරන්නාවූ යහළුවෙකු බොහෝ කලකින් දක්නෙමු මනාව කරණ ලද රැවුල් කැපීම ඇති මාගේ යහළු තෙම හොබනේය.
983. “රාජකාරිවල යෙදුණවූ මම වැඩුණවූ කිසිලි රෝම හා නිය ඇත්තේ වීමි. කලකින් කරනැවෑමියෙකු ලදින් ඒ රෝම අද දුරුකරවූයෙමි.
984. “යම් හෙයකින් දුර්ලභවූ කරනැවෑමියෙකු ලදින් ලෝමය දුරුකරවූයෙහිද නැවත යහළුව, දැන් කුමක් බොටුවෙහි කිනි කිනියන නාද පවත්වා දැයි කවුඩුවාට පරිහාස කෙළේය.
985. “සියුමැලි මිනිසුන්ගේ බොටුවෙහි මැණිකෙක් එල්බෙයි. එහෙයින් මම ඔවුන්ට අනුව හික්මෙමි. හෙවත් පිළිපදිමි නුඹ එය කෙළිපිණිස කරණ ලද්දෙකැයි නොසිතව.
986. “යහළුව, ඉදින් මට මනාකොට කරණ ලද රැවුල් කැපීම කැමැත්තෙහි නම් තටද එය කරවන්නෙමි. තට මේ මැණිකද දෙමි.
987. “තෝම මේ මැණිකට සුදුසුය. මනාව කරණ ලද රැවුල් කැපීමටද තෝම සුදුසුය. යහළුව තාගේ නොදැනීම මට ප්‍රියවේ. එහෙයින් තට ආමන්ත්‍රණය කොට යෙමියි” කීයේය.
10. පාරාවතජාතකං (කාකජාතකං (සී. පී.), මණිජාතකං (ස්‍යා.))
ඛරපුත්තවග්ගො (සෙනකවග්ගො (සී. පී.), ඛුරපුත්තවග්ගො (ස්‍යා.), සූචිවග්ගො (ක.)) දුතියො.
තස්සුද්දානං:
ඛරපුත්ත, සූචි, තුණ්ඩිල, කක්කටක, මය්හක, ධජවිහෙඨ, භිසපුප්ඵ, විඝාස, වට්ටක සහ කාක ජාතකය යයි දසයෙකි.
ඡක්කනිපාතං නිට්ඨිතං.
තත්ර වග්ගුද්දානං භවති:
ඉක්බිති ෂට්ක නිපාතයෙහි උතුම් වූ වර්ගයන් කියන්නෙමි. අවාරිය වර්ගය ද, සෙනක වර්ගය දැයි දෙකක් කියන ලදී.