963. “යම් හෙයකින් දියෙහි හටගත්තාවූ කයින් වචනින් නුදුන්නාවූ මේ නෙළුම් මල සුඹුනෙහිද මෙය අදත්තාදාන චේතනාවන්ගේ එක් කොටසකි. නිදුකාණෙනි, එසේ හෙයින් සුවඳ සොරෙක් වෙහිය.
964. “පද්මය හැරගෙණ නොයමි, නොබිඳිමි, දුර සිට සුඹුනෙමි. එසේ කල්හි කවරකාරණයකින් සුවඳ සොරායයි කියනු ලැබේද?
965. “යමෙක් යම් හෙයකින් නෙළුම් අල සාරයිද, හෙළ නෙළුම් බිඳීද, මෙසේ දරුණු කර්මාන්ත ඇති මේතෙම සොරායයි නොකියනු ලැබේද?
966. “ගැවසීගත් රෞද්රබව ඇති පුරුෂතෙම කිරි මවකගේ ඉතා කිළුටු වස්ත්රයක් මෙන් පවින් වැකුණේමය. එසේ හෙයින් ඔහු කෙරෙහි මාගේ වචනයක් නැත. ඔබට වනාහි කියන්නට සුදුසු වෙමි.
967. “නිර්දෝෂවූ නිරන්තරයෙන් පිරිසුදු ගුණධර්මයන් සොයන්නාවූ පුරුෂයාගේ පාපය සම්බන්ධව කෙසඟක් පමණවූද දෝෂය මහාමේඝයක් ප්රමාණව වැටහෙන්නේය.
968. “යක්ෂය, ඒකාන්තයෙන් මා හඳුනන්නෙහිය නැවත මට අනුකම්පා කරව. යක්ෂය, යම් කලෙක්හි මෙබඳු වරදක් දක්නෙහිද, එකල්හි නැවතද අවවාද වශයෙන් කියව.
969. “භික්ෂුව” තා අනුව ජීවත් නොවෙමි. තාගේ බැළයෙන්ද ජීවත් නොවම්හ. යම් ගුණධර්මයකින් සුගතියට යන්නේ නම් එය ඔබම දැන ගන්නෙහියයි” කීයේය.
7. සිඞ්ඝපුප්ඵ (භිසපුප්ඵ (සී. පී.), උපසිඞ්ඝපුප්ඵ (ස්යා.)) ජාතකං.
970. “යම් ජන කෙනෙක් කා ඉතිරි දෙය කන්නාහුද ඔහුද ඒකාන්තයෙන් ඉතා සුවසේ ජීවත් වෙත්. මේ ආත්මයෙහිම පැසසිය යුත්තෝ වෙති. පරලෙව්හිදී සුගතියම වන්නේයි.
971. “ප්රාඥයෙනි, කියන්නාවූ ගිරවාගේ වචනය නො අසව්. සහෝදරයෙනි, මේ වචනය අසව මෙතෙම අපටම ප්රශංසා කරයි.
972. “කුණප අනුභව කරන්නෝ මාගේ වචනය අසව්. මම තොපට ප්රශංසා නොකරමි. තෙපි ඉඳුල් කන්නාහු වෙති. තෙපි භුක්තාවශෙෂය කන්නාහු නම් නොවෙත්.
973. “මෙද්ධ්යාරණ්යයෙහි කුඩිම්බි ඇත්තාවූ පැවිදිවූ අපට සප්ත වර්ෂ කෙනෙක් ඉක්මුනාහ. කා ඉතිරි දෙයින්ම යැපෙන්නාවූ අපි ඉදින් පින්වතාට ගැරහිය යුත්තෝ වෙමු නම් භවත් හට පැසසිය යුත්තෝ කවරහුද,
974. “තෙපි හැම දෙනම සිංහයන්ගේද ව්යාඝ්රයන්ගේද වල් මෘගයන්ගේද ඉතිරිවූ යම් භෝජනයක් ඇද්ද, ඒ ඉඳුලෙන්ම යැපෙන්නාහු විඝාසාදීම්හයි හඟින්නහුය.
975. “යම් කෙනෙක් බ්රාහ්මණයෙකුටද ශ්රමණයෙකුටද අන්යවූ ගුණ කියා ඉල්වන්නෙකුටද ආහාරාදිය දී එයින් ඉතිරිවූවක් අනුභව කෙරෙද්ද, එසේවූ ජනයෝ විඝාසාදීහු නම් වෙතියි” කීයේය.
8. විඝාසාදජාතකං.
976. “කව්ඩු මයිලනුවෙනි, ප්රණීතවූ බත අනුභව කෙරෙහි ගිතෙල්ද තලතෙල්ද, අනුභව කෙරෙහි එසේ කල්හි කවර නම් කාරණයකින් නුඹ කෘශවෙහිද?
977. “සතුරන් මැද වසන්නාවූ ඔවුන් අතුරෙහි ආහාරය සොයන්නාවූ නිරන්තරයෙන් කලකිරුණු සිත් ඇති කවුඩුවාගේ දැඩි බවෙක් හෙවත් පුෂ්ටියෙක් කොයින්ද?
978. “වක්වූ ග්රීවා ඇති කවුඩුවෝ නිරතුරුම භයින් වෙව්ලන්නාහ. පාප කර්මයෙන් ලබන ලද ආහාරය නො පිනවයි. වටුව, ඒකාරණයෙන් මම කෙට්ටුවෙමි.
979. “වටුව, රළුවූ මඳ ඕජා ඇති තෘණ බීජයන් අනුභව කෙරෙහිය. එතකුදුවුවත් තෝ කවර කාරණයකින් සම්පූර්ණවූ මස් ලේ ඇත්තෙහිද?
980. “කව්ඩුව, ආහාරයෙහි මඳ ආශාවෙන්ද මද සිතිවිලි ඇතිහෙයින්ද, දුර නොවූ ගමන් යාමෙන්ද ලද ලද දෙයින් යැපෙන්නේ වෙමි. ඒ කාරණයෙන් මම තරවීමි.
981. “මද ආශා ඇත්තාවූ ස්වල්ප සිතිවිලි ඇති සැපයෙන් යුක්තවූ මනාකොට ගන්නාලද ආහාර ප්රමාණ ඇති පුද්ගලයාට දිවි පැවැත්ම සැපසේ නිපදවිය හැක්කේයයි” කීයේය.
9. වට්ටකජාතකං.