34. “මිගාලොපය, යම්බඳුවූ තාගේ එබඳුවූ ගමන මට රුචි නොවීය. පුත්‍රය, අත්‍යන්ත දෙශයට හෙවත් ඉතා උඩටයෙහිය, පුත්‍රය, තට නුසුදුසු භූමිය සේවනය කෙරෙහිය.
35. “යම් කලෙක්හි තට මුළු පොළොව සිව් රැස් ලියද්දක් මෙන් පෙනීම වන්නේද, පුත්‍රය, එතැන්හි නවතුව, එයින් ඔබ්බට නොයව.
36. “පියාපත් යානාකොට ඇත්තාවූ අහසින් යන්නාවූ සෙසු පක්ෂීහුද ඇත්තාහ. ඔහුද පවන් වේගයෙන් අදනාලදුව නටහ. පෘථිවිය පර්වතය සමකොට සිතන්නාවූ ඔහු පවා නැසුනාහුය.
37. “අපරන්න නම් වූ මහළුවූ පියාගේ අනුශාසනය නොකොට තෘෂ්ණා වාතය ඉක්මවා වේරම්බ වාතයන්ගේ වසඟබවට ගියේය.
38. “ඒ මිගාලෝප නම් පක්ෂියා අවවාදය නොකළ කල්හි ඔහුගේ දරුවෝද, අඹුවෝද, එයින් අන්‍යවූ ඔහු නිසා ජීවත් වන්නෝද යන සියල්ලෝ විනාශයට පැමිණියාහුය.
39. “මෙපරිද්දෙන් යමෙක් වනාහී මේ ලෝකයෙහි ගුණ නුවණින් වැඩිහිටියන්ගේ වචනය අවබෝධනොකෙරේද, ඔහු ඉක්මුණු අනුශාසනා ඇති, උඩඟුවූ, සීමාව ඉක්මවා හැසුරුණවූ මිගාලෝප නම් ගිජුලිහිණියා මෙන් සියල්ලෝම වැඩිහිටියන්ගේ අනුශාසනය නොකොට විනාශයට පැමිණෙත්.”
6. මිගාලොප ජාතකය.
40. “ශරීර වස්ත්‍රාභරණයන්ගේ නීලවර්ණයෙන් යුක්තවෙහිය. ප්‍රිය දර්ශන ඇත්තියක්ද නොම වෙහිය. එබඳුවූ තී කවර තැනැත්තියක්ද, තී කවර තැනැත්තියක් හෝ වෙහිද, කවරහුගේ දුවක් හෝ වෙහිද, අපි තී කෙසේ දනිමුද,
41. “මම විරූපාක්ෂ නම්වූ මහරජහුගේ දුව වෙමි. ක්‍රොධ ස්වභාවයෙන් චණ්ඩ නම් ඇත්තී කළුපාට ඇත්තී අධන්‍යවූවා කාලකණ්ණියයි මා දනිත්. ඉල්වනලද්දේ මට අවකාශයක් වෙව, ඔබගේ සමීපයෙහි අද එක රැයක් වාසය කරමු.
42. “කෙබඳු සිල් ඇති කෙබඳු හැසුරුම් ඇති පුරුෂයෙකු කෙරෙහි තී වෙසෙහිද, කාළිය, මා විසින් විචාරණ ලද්දී යම්සේ අපි තී දනිමුද එසේ කියව,
43. “යම් පුරුෂයෙක් ගුණමකුවේද, තමා හා තරඟයට පැමිණේද කළ දේට වඩා කිරීමෙන් යුක්තද, ඊර්ෂ්‍යා ඇත්තේද, මසුරුවූයේද, කෛරාටිකවේද, යමෙකුගේ ලද දෙය විනාශ වේද, එබඳු පුරුෂතෙම මට ප්‍රියවේ.
44. “යමෙක් කිපෙනසුළුද, බද්ධවෛර ඇත්තේද, කේලාම් කියන්නේද, මිත්‍රයන් බිඳිනසුළුද, දෝෂ සහිත වචන ඇත්තේද, රළු බස් ඇත්තේද, හෙතෙම යටකී පුරුෂයාට වඩා අතිශයින් ප්‍රියවේ.
45. “පුරුෂතෙම අද කටයුතුය හෙට කටයුතුයයි ස්වකීය කටයුත්ත නොදනීද, අවවාද කරණු ලබන්නේ කිපේද, හෙතෙම තමාට වඩා උත්තමයා ඉක්මවා සිතාද,
46. “පඤ්චකාමයෙහි නිතර පැවති ඡන්දරාගයෙන් මඩනා ලද පුරුෂතෙම සියලු මිත්‍රයන්ගෙන් පිරිහේද එබඳු පුරුෂ තෙම මට ප්‍රියවේ. ඔහු කෙරෙහි දුක් නැත්තියක් හෙවත් සුවසේ වසන්නියක් වෙමි.
47. “කාලිය, තී මෙයින් පහව යව, මේ තී කැමතිවූ මක්ඛාදී ගුණය අප කෙරෙහි විද්‍යමාන නොවේ. අනික් ජනපදයකට හෝ නියම්ගම්වලට හෝ රාජධානිවලට හෝ යවයි කීය.
48. “මෙය තොප කෙරෙහි නැතැයි මමද එය දනිමි. ලෝකයෙහි පින් නැත්තෝ ඇත්තාහ. ඔව්හු බොහෝ වූ ධනය රැස්කරත්. ඒ ධනය මමද මාගේ සහෝදරවූ දිව්‍ය පුත්‍රයාද යන දෙදෙනා වනසන්නෙමු.
49. “දිව්‍යවූ වර්ණයෙන් යුක්තව පෘථිවියෙහි මනාව පිහිටියාවූ මෝතොමෝ කවර තැනැත්තියක්ද, තී කවර තැනැත්තියක් වෙහිද, කවරක්හුගේ දුවක් වෙහිද, තී අපි කෙසේ දනිමුද?