“සියලු කාම සම්පත්තියෙන් සමෘද්ධවූ අපගේ රජ්ජුරුවන් හැරදමා කේශව නම් භාග්‍යවත් තාපසතෙමේ කප්ප නම් තව්සාගේ ආශ්‍රමයෙහි කෙසේ නම් ඇලේද,
“නාරදය, කප්ප නම් තව්සාගේ මිහිරිවූ සිත්කළුවූ යහපත් වචනද මනහරවූ වෘක්ෂද විද්‍යමානවෙත්. මොව්හු මා සිත් අලවත්.
“පිරිසිදුවූ මාංශ රශයෙන් යුක්තවූ ඇල්සාලේ බත අනුභව කෙළේය. ලුනු නැති බොඩහමු හූරුහැල් කෙසේ නම් සතුටු කෙරේද,
“විශ්වාස බවට පැමිණියේ යම්හෙයකින් අමධුරවූද, නොහොත් මධුරවූද මඳවූ හෝ නොහොත් බොහෝවූ හෝ භොජනය අනුභව කරන්නේද, (ඒ භොජනය මධුරවේ) කුමක් හෙයින්දයත්, රසයෝ විශ්වාසය උතුම්කොට ඇත්තාහු වෙත් යයි” කීයේය.
6. කෙසව ජාතකය.
“ඉතා මහත්වූ කුළුගෙඩිය ඔසවාගෙණ ඒ තෝ අහසෙහි සිටිනේය. තෝ මාගේ රක්ෂාව පිණිස දැන් නියුක්ත වූයේ වෙහිද, (නොහොත්) මාගේ වධය පිණිස සිතන්නෙහිද,
“රජ මම මෙහි තොපගේ වධය පිණිස මෙහෙයන ලද්දේ වෙමි. තා දෙවතාවන්ට රජවූ ඉන්ද්රතෙමේද රක්ෂා කරයි. එහෙයින් තාගේ මුදුන නොපලමි.
“ඉදින් වනාහි දෙවියන්ට අධිපතිවූ මඝවන්තු නම් ඇති සුජාත නම් අසුර කන්‍යාවට ස්වාමිවූ දිව්යරාජතෙම මා රක්ෂා කෙරේනම් සියලු පිශාචයෝ හඬත්වා. රාක්ෂසයින්ට භය නොවෙමි.
“සියලු කුම්භාණ්ඩයෝද පාංශු පිශාචකයෝද කැමති පරිද්දෙන් හඬත්වා. මා සමග යුද්ධයට පාංශු පිශාචකයෝ නොපොහොසත්හ. ඒ වෙහෙස කිරීම මහත්වේයයි” කීයේය.
7. අයකූට ජාතකය.
“පියාණෙනි, මම වනයෙන් ගමට පැමිණ කෙබඳු සිල් ඇති කෙබඳු ව්‍රත ඇති පුරුෂයෙකු සේවනය කරන්නෙම්දැයි විචාරණ ලද්දෙහි එය මට කියව.
“පුත්‍රය, යමෙක් තා විශ්වාස කරන්නේද, තාගේ විශ්වාසයද කැමතිවන්නේද තාගේ වචනය අසනු කැමැත්තේද, තට ඉවසාද, මෙයින් ගියේ ඔහු සේවනය කරමි.
“යමෙකුගේ කයින්ද, වචනයෙන්ද, සිතින්ද නපුරු කොට කරණලද්දක් නැද්ද, ඒ පුද්ගලයා මෙයින් ගියේ ලෙහි වැඩි පුතෙකු මෙන් පිහිටා සේවනය කරව.
“පුත්‍රය, කහපාට ගෑමක් මෙන් අස්ථිරවූ වානරයෙකුගේ මෙන් චඤ්චලවූ සිත් ඇති මොහොතකින් ඇලීම නොඇලීම ස්වභාවකොට ඇති එබඳුවූ පුරුෂයා ඉදින් සියලු දඹදිව මිනිසුන් හිස්වන්නේවී නමුත් සේවනය නොකරවයි” කීයේය.
8. ආරඤ්ඤ ජාතකය.
“රථාචාර්යය, ස්ත්‍රීන් කෙරෙහිද මොවුන් දෙදෙනාගේ සමාන බවක් නොමැත. ගොදුරුවලද, සමාන බවක් නැත්තේය. එතකුදු වුවත් මේ මිත්‍ර භෙද කරන්නාවූ දුෂ්ට හිවලාගේ යම්තාක් මනාකොට කරණ ලද සිතිවිල්ල බලව.
“ප්‍රිය ශුන්‍යව පවත්නා යම් තැනෙක්හි වෘෂභයාද සිංහයාද, සිවල්ලු කත්ද, මාංශයෙහි තියුණුවූ කඩුවක් මෙන් ප්‍රිය ශුන්‍ය වචනය මිත්රභාවය පෙරළයි.
“රථාචාර්යය, යම් මේ දෙදෙනාගේ මර නින්ද දක්නෙහිද, එපරිද්දෙන් මිත්‍ර භෙද කරන්නාවූ කේලාම් කියන්නහුගේ වචනය යමෙක් දනීද, හෙතෙම මෙබඳුවූ මරනින්දෙහි නිදයි.