“තෘණය, තෘණයයි කියන්නෙහිය, තොපගේ තෘණ කවරෙක් හැරගත්තේද, තෘණම කියන්නෙහිය. කිමෙක්ද, තොපට තෘණවලින් කටයුත්තක් ඇද්ද,
“උස්වූ බහුශ්‍රැතවූ ඡත්‍ර නම් වූ බ්‍රහ්මචාරියෙක් මෙහි ආයේය. ඒ තපශ්වීතෙම මාගේ සියලු ධනය හැරගෙණ තෘණ බහාතබා ගියේය.
“මදවූ තෘණයෙන් බොහෝවූ ධනය කැමැත්තහු විසින් මෙය මෙසේ කටයුතුවෙයි. ස්වකීය පියාසතු ධනයාගේ සියල්ල ගැණීමයි අනුන් පිළිබඳවූ තෘණයාගේ ද නොගැන්මය.
“සිල්වත්හු මෙසේ නොකරත්. අඥානයා මෙබඳු ස්වභාවයන් කරයි. අනිත්‍යවූ සිල් ඇති දුශ්ශීලයාට පණ්ඩිත බව කුමක් කරන්නේදැයි” කීයේය.
බ්‍රහාඡත්තජාතකං ඡට්ඨං.
“බ්‍රහ්මචාරිය, ඔබට පුටුවක් නුදුනුම්හ. පානයකුත් නුදිනිමු. ආහාරයකුත් නුදුන්නෙමු. මාගේ මේ වරද දකිමි. ක්ෂමාවුව මැනව.
“තාගේ දානයෙහි නොම ඇලෙමි. නුදුන්නේ යයි කිපෙන්නේත් නොවෙමි. මට කිසිවක් අප්‍රියද නොමවිය. එතකුදුවුවත් මේ කුලයාගේ ඒකාන්තයෙන් මෙබඳු ස්වභාවයෙක් වේයයි මට චිත්ත සංකල්පයෙක් වූයේය.
“හිඳිනා ආසනය සේදීමට සුදුසු ජලය පා ගල්වන තෙලය යන මේ සියල්ල දෙමු. මෙතෙම අපගේ වංශයෙහි හැමකල්හි පිය මුතුන්ගෙන් ආවාවූ ස්වභාව ධර්මයයි.
“උතුම්වූ නෑයෙකුමෙන් (ශ්‍රමණ බ්‍රාහ්මණයන් දැක) සකස්කොට උපස්ථාන කරම්හ. මෙතෙම අපගේ වංශයෙහි හැමකල්හි පියන් මුත්තන්ගෙන් ආවාවූ ස්වභාව ධර්මය වේයයි කීයේය.”
පීඨජාතකං සත්තමං.
“මීයන්ට වී පොතු ප්‍රකටය. සහල්ද ප්‍රකටය. බොල් පොතු හැර සහල් කන්නාහුය.
“උයනෙහිදී කරණලද යම් මන්ත්‍රණයක් ඇද්ද, ගමෙහිදී කරණලද යම් ඒ රහස් කීමක් ඇද්ද, මෙසේද යම් මේ පහර දීමට අවකාශ සෙවීමක් ඇද්ද, මෙයද මා විසින් දන්නාලදී.
“පියවූ වඳුරා ස්වභාවයෙන් උපන්නාවූ ළදරුවූම පුත්‍රයාගේ අණ්ඩකොෂය දත්වලින් සිඳින්නේලු.
“අබ කෙතෙහි අන්ධවූ එළුදෙනක මෙන් ඔබමොබ බලා පෙරලෙන්නෙහිය යන යමක් ඇද්ද මෙයද යම්බඳුවූ මෙතෙම සයනයට හොවීද, මේ කාරණයද මා විසින් දන්නාලදී.”
ථුසජාතකං අට්ඨමං.
“කුටුම්බිය ඇත්තාවූ මියුරු හඬ ඇති, මොණරාගේ නොදැක්මෙන් එහි මිනිස්සු කව්ඩාට මාංශයෙන්ද, ඵලයෙන්ද පිදූහ.
“යම් කලෙක්හි මියුරු හඬ ඇති මොණරා බාවේරු නම් පෙදෙසට ආයේද, එකල්හි ලාභයද සත්කාරයද කවුඩාට පිරිහුනේය.
“ධර්මරාජාණන්වූ ලොව බබුළුවන්නාවූ සර්වඥයන් වහන්සේ යම්තාක් නූපදීද, ඒතාක් කල් අන්‍ය තීර්ථකවූ බොහෝවූ මහණ බමුණන් ලෝවැස්සෝ පිදූහ.”
“බ්‍රහ්ම ස්වරයෙන් යුක්තවූ සර්වඥන් වහන්සේ යම් කලෙක්හි චතුස්සත්‍ය ධර්මය දේශනා කළසේක්ද, එකල්හි ලාභයද, සත්කාරයද තීර්ථකයන්ට පිරිහුණේයයි” වදාළේය.
බාවෙරුජාතකං නවමං.
“විසය්හය, මින් පෙර දන් දුන්නේය. දෙන්නාවූද, තොපගේ වස්තු විනාශ ස්වභාවය විය. මින් මතු ඉදින් දානය නොදෙන්නේ නම් දීමෙන් වළක්නාවූ තොපට සම්පත් පෙර මෙන් ඇතිවන්නාහ.
“දහසක් ඇස් ඇත්තාවූ අධිපතිවූ ඉතා දිළිඳුවූද, ආර්යයා විසින් ලාමක ක්‍රියාවක් නොකටයුතුයයි කීහ. යමෙකුගේ වස්තුව හේතුකොටගෙණ ශ්‍රද්ධාවහරිමුද, ඒ වස්තුව නොවේවා.
“ශක්‍රය, යම් මාර්ගයකින් එක් රථයක්යේද, ඒ මාර්ගයෙන්ම අනික් රථයෙක් යන්නේය. එමෙන්ම පෙර මා විසින් තබන ලද දන්වැට දියුනුවට පැමිණේවා.
ඉදින් වස්තුව ඇතිවන්නේ නම් දන්දෙමු වස්තු නැතිකල්හි කුමක් දෙම්ද, මෙසේ අනාථවූද මම දීමට පමා නොවෙමියි” කීයේය.
විසය්හජාතකං දසමං.
කොකිලවග්ගො (කොකාලිකවග්ගො (ක.)) චතුත්ථො.
එහි උද්දානය:
අතිවෙලං පභාසති, ජිනවර, වනමජ්ඣෙ, රථෙසභ, ජිම්භගම, ජම්බු, තිණාසන, පීඨවර, තණ්ඩුල, මොර සහ විසය්හ යන දසයයි.