“ගඟ එතෙර වන්නාවූ ගවයන් අතුරෙන් ප්රධාන ගවතෙම ඉදින් වක්වූයේද, ප්රධාන ගවයා වක්ව ගියකල්හි ඒ සියලු ගවයෝ වක්වයෙති.
“එපරිද්දෙන්ම මනුෂ්යයන් අතුරෙහි ශ්රේෂ්ඨයයි ප්රසිද්ධවූ යමෙක්වේද, ඒ රජතෙම ඉදින් අධර්මයෙහි හැසිරේද, සෙසු ප්රජාතොමෝ කියනුම කවරීද, ඉදින් රජතෙම අධර්මයෙන් යුක්තවේ නම් සියලු රට වැසියාද දුකසේ සයනය කරයි.
“ගඟින් එතෙරවන්නාවූ ගවයන් අතුරෙන් ඉදින් ප්රධාන ගවයා ඍජුවයේද, ප්රධාන ගවයා ඍජුව යනකල්හි සියලු ගවයෝ ඍජුවම යෙත්.
“එපරිද්දෙන්ම මිනිසුන් අතුරෙහි යමෙක් ප්රධානයයි සම්මතවේද, ඉදින් හෙතෙම කුශල ධර්මයෙහි හැසිරේද, සෙසු ජනයෝ කියනුම කවරේද, ඉදින් රජතෙම ධාර්මික වේ නම් සියලු රට වැසියා සුවසේ වාසය කෙරේයයි” කීයේය.
රාජොවාදජාතකං චතුත්ථං.
“ජම්බුකය, ඒ ඇත්තෙම මහත්ය ඉතා වැඩුනු ශරීර ඇත්තේය. දික්වූ දළ ඇත්තේ මැයි. යම් කුලයෙක්හි උපන්නෝ ඒ ඇතු ගනිද්ද, ඒ කුලයෙහි තෝ උපන්නේ නොවෙහිය.
“සිංහ නොවූ යමෙක් සිංහ යෙමි යන මානයෙන් වැඩ කෙරේද, හෙතෙම ඇතු කරා පැමිණ තතනන්නාවූ හිවලා මෙන් බිම සයනය කෙරෙයි.
“යසස් ඇත්තාවූ මනාකොට හටගත් ශරීරය ඇති මහත් බල ඇති උතුම් පුද්ගලයෙකුගේ ඥාන ශක්තිය හා කාය බලයද, උත්පත්තියද, පරීක්ෂා නොකොට ඇතු විසින් නසන ලද්දාවූ ඒ මේ සිවලා සයනය කෙරෙයි.
“යමෙක් වනාහි මේ ලෝකයෙහි තමා කෙරෙහි ඤාණ ශක්තිය හා කාය බලයද ප්රමාණකොට දැන කටයුතු කෙරේද, ඒ පරීක්ෂා ඥාණයෙන් යුක්ත පුද්ගලතෙම ප්රඥාවෙන්ද මන්ත්රණයෙන්ද, නිරවද්ය වචනයෙන්ද, මහත් කොට දිනාය”යි කීයේය.
ජම්බුකජාතකං පඤ්චමං.
“තෘණය, තෘණයයි කියන්නෙහිය, තොපගේ තෘණ කවරෙක් හැරගත්තේද, තෘණම කියන්නෙහිය. කිමෙක්ද, තොපට තෘණවලින් කටයුත්තක් ඇද්ද,
“උස්වූ බහුශ්රැතවූ ඡත්ර නම් වූ බ්රහ්මචාරියෙක් මෙහි ආයේය. ඒ තපශ්වීතෙම මාගේ සියලු ධනය හැරගෙණ තෘණ බහාතබා ගියේය.
“මදවූ තෘණයෙන් බොහෝවූ ධනය කැමැත්තහු විසින් මෙය මෙසේ කටයුතුවෙයි. ස්වකීය පියාසතු ධනයාගේ සියල්ල ගැණීමයි අනුන් පිළිබඳවූ තෘණයාගේ ද නොගැන්මය.
“සිල්වත්හු මෙසේ නොකරත්. අඥානයා මෙබඳු ස්වභාවයන් කරයි. අනිත්යවූ සිල් ඇති දුශ්ශීලයාට පණ්ඩිත බව කුමක් කරන්නේදැයි” කීයේය.
බ්රහාඡත්තජාතකං ඡට්ඨං.
“බ්රහ්මචාරිය, ඔබට පුටුවක් නුදුනුම්හ. පානයකුත් නුදිනිමු. ආහාරයකුත් නුදුන්නෙමු. මාගේ මේ වරද දකිමි. ක්ෂමාවුව මැනව.
“තාගේ දානයෙහි නොම ඇලෙමි. නුදුන්නේ යයි කිපෙන්නේත් නොවෙමි. මට කිසිවක් අප්රියද නොමවිය. එතකුදුවුවත් මේ කුලයාගේ ඒකාන්තයෙන් මෙබඳු ස්වභාවයෙක් වේයයි මට චිත්ත සංකල්පයෙක් වූයේය.
“හිඳිනා ආසනය සේදීමට සුදුසු ජලය පා ගල්වන තෙලය යන මේ සියල්ල දෙමු. මෙතෙම අපගේ වංශයෙහි හැමකල්හි පිය මුතුන්ගෙන් ආවාවූ ස්වභාව ධර්මයයි.
“උතුම්වූ නෑයෙකුමෙන් (ශ්රමණ බ්රාහ්මණයන් දැක) සකස්කොට උපස්ථාන කරම්හ. මෙතෙම අපගේ වංශයෙහි හැමකල්හි පියන් මුත්තන්ගෙන් ආවාවූ ස්වභාව ධර්මය වේයයි කීයේය.”
පීඨජාතකං සත්තමං.
“මීයන්ට වී පොතු ප්රකටය. සහල්ද ප්රකටය. බොල් පොතු හැර සහල් කන්නාහුය.
“උයනෙහිදී කරණලද යම් මන්ත්රණයක් ඇද්ද, ගමෙහිදී කරණලද යම් ඒ රහස් කීමක් ඇද්ද, මෙසේද යම් මේ පහර දීමට අවකාශ සෙවීමක් ඇද්ද, මෙයද මා විසින් දන්නාලදී.
“පියවූ වඳුරා ස්වභාවයෙන් උපන්නාවූ ළදරුවූම පුත්රයාගේ අණ්ඩකොෂය දත්වලින් සිඳින්නේලු.
“අබ කෙතෙහි අන්ධවූ එළුදෙනක මෙන් ඔබමොබ බලා පෙරලෙන්නෙහිය යන යමක් ඇද්ද මෙයද යම්බඳුවූ මෙතෙම සයනයට හොවීද, මේ කාරණයද මා විසින් දන්නාලදී.”
ථුසජාතකං අට්ඨමං.