“විසය්හය, මින් පෙර දන් දුන්නේය. දෙන්නාවූද, තොපගේ වස්තු විනාශ ස්වභාවය විය. මින් මතු ඉදින් දානය නොදෙන්නේ නම් දීමෙන් වළක්නාවූ තොපට සම්පත් පෙර මෙන් ඇතිවන්නාහ.
“දහසක් ඇස් ඇත්තාවූ අධිපතිවූ ඉතා දිළිඳුවූද, ආර්යයා විසින් ලාමක ක්‍රියාවක් නොකටයුතුයයි කීහ. යමෙකුගේ වස්තුව හේතුකොටගෙණ ශ්‍රද්ධාවහරිමුද, ඒ වස්තුව නොවේවා.
“ශක්‍රය, යම් මාර්ගයකින් එක් රථයක්යේද, ඒ මාර්ගයෙන්ම අනික් රථයෙක් යන්නේය. එමෙන්ම පෙර මා විසින් තබන ලද දන්වැට දියුනුවට පැමිණේවා.
ඉදින් වස්තුව ඇතිවන්නේ නම් දන්දෙමු වස්තු නැතිකල්හි කුමක් දෙම්ද, මෙසේ අනාථවූද මම දීමට පමා නොවෙමියි” කීයේය.
විසය්හජාතකං දසමං.
කොකිලවග්ගො (කොකාලිකවග්ගො (ක.)) චතුත්ථො.
එහි උද්දානය:
අතිවෙලං පභාසති, ජිනවර, වනමජ්ඣෙ, රථෙසභ, ජිම්භගම, ජම්බු, තිණාසන, පීඨවර, තණ්ඩුල, මොර සහ විසය්හ යන දසයයි.
5. චුල්ලකුණාල වර්ගය
“මිනිසුන්ගේ ඇල්ම කරන්නාවූ නොයෙක් සිතිවිලි ඇත්තාවූ නිග්‍රහකොට හික්මවිය නොහැක්කාවූ ස්ත්‍රීන් කෙරෙහි විශ්වාස නොකරන්නේය. ඉදින් සියලු ස්ත්‍රීහු තමන් විසින් අප්‍රිති කරවන්නාහු නමුදු තොටුපලවල් හා සමානවන්නාහ.
“කණ්ඩරීනම් රජු හා කින්නරා නම් බිසව යන දෙදෙනාට ඒකාන්තයෙන් යම් රාගයක්වීද, එය දැක සියලු ස්ත්‍රීහු ස්වකීය ගෘහයෙහි නො ඇලෙත් යයි දතයුතුයි. එසේමැයි ඒ කණ්ඩරීනම් රජුගේ භාර්යාතොමෝ පිළෙකුවූ අන් පුරුෂයෙකු දැක එබඳුවූ ඒ රජහු හැර (එකතුවූයේය.)
“අත්‍යන්තයෙන් කාමයට අනුව ගියාවූ බක නම් රජුගේද, පාවාරික නම් රජුගේද භාර්යාව තමාගේ වසඟයෙහි පවත්නහු (හෙවත්) කීකරු මෙහෙකරන්නෙකු සමග අනාචාරයෙහි හැසුරුනේය. ස්ත්‍රී නම් ස්වකීය පුරුෂයාගෙන් අන්‍යවූ කවරෙකු නමුත් ඉක්ම නොපවතියි.
“සියලු ලොවට අධිපතිවූ බ්‍රහ්මදත්ත නම් රජහුගේ පිංගියානි නම් කාමයන් ප්‍රාර්ථනා කරන්නාවූ ප්‍රියවූ භාර්යා තොමෝ කීකරුව මෙහෙ කරන්නෙකු සමග අනාචාර කෙළේය. ඕතොමෝ ඔහුද ඒ අගබිසෝ තනතුරදැයි යන දෙකටම නොපැමිණියේය. හෙවත් දෙකින්ම පිරිහුනේයයි” කීයේය.
1. කින්නරී ජාතකය.
“එම්බා ජලය, ජලයෙන් ගොඩට නැගෙන්නට ඒකාන්තයෙන් සමර්ථවීමි. දැන් මම නැවත තාගේ වසඟබවට නොයමි.
“මුහුදක් වැනිවූ ගංගාවගේ එතෙර යම් ගෙඩි වර්ග ඇද්ද, එයින් කම්නැත. මේ අඹවලටද, දඹවලටද, වැල, වරකාවලටද වඩා මාගේ දිඹුල්ඵල උතුම්වේ.
“යමෙක් වනාහි උපන්නාවූ අර්ථය වහාම දැන නොගණීද හෙතෙම සතුරන්ගේ වසඟයට පැමිණේ. පසුව තැවීමටද පැමිණේ.
“යමෙක් වනාහි උපන්නාවූ අර්ථය වහාම දැනගණීද හෙතෙම සතුරන්ගේ පීඩාවෙන් මිදෙන්නේය. පසුව තැවීමටද නොපැමිණෙන්නේයයි” කීයේය.
2. වානර ජාතකය.