“සංයම නැත්තාවූ තා ශ්රමණයෙකැයි සිතමින් එළඹියෙමි. එසේවූ මා හෙතෙම අශ්රමණයෙක් යම්සේද, එසේ දණ්ඩකින් ගැසුයේය.
“අඥානය, තට ජටාවලින් කවර ප්රයෝජනද? අඳුන් දිවි සමෙන් තට කිනම් ප්රයෝජනයෙක්ද? තාගේ ඇතුළත ලෝභාදීන් ගැවසී ගත්තේය. පිටත පිරිමදින්නෙහිය.
“ගොධය, මෙහි එව, නවතුව මට බොහෝවූ තෙල්ද, ලුණුද, තිප්පිලිද, ඇත. ඇල් හාලේ බත අනුභව කරව.
“මේ මම පුරුෂ ප්රමාණ සියයක් ඇති තුඹසකට නැවත ඇතුල් වන්නෙමි. තෙල්ද, ලුණුද මට ඇතැයි කීයෙහිය. මට තිප්පිලි ආදීවූ කටුක භාණ්ඩ හිත නොවේ යයි” කීයේය.
ගොධරාජජාතකං පඤ්චමං.
“යමෙක් ශරීරයෙන් අනුන් අයත්දේ නොගන්නේද, වචනයෙන් බොරු නොකියන්නේද, යශස් ලැබ මත් නොවන්නේද, ඒකාන්තයෙන් හෙතෙම කැකිරි මලට සුදුසු වෙයි.
“දැහැමින් වස්තුව සොයන්නේද, වඤ්චා ප්රයෝගයෙන් ධනය රැස් නොකරන්නේද සම්පත් ලැබ මත් නොවන්නේද හෙතෙම කැකිරි මලට සුදුසුවේ.
“යමෙකුගේ සිත පෙවූ කහවර්ණයක් මෙන් වහා වෙනස් නොවේද, ශ්රද්ධාවද මදකින් නොබිඳේද, මධුරාහාරය තනිව අනුභව නොකරන්නේද, හෙතෙම ඒකාන්තයෙන් කැකිරි කුසුමයට සුදුසුවේ.
“යමෙක් සත්පුරුෂයන්ට අභිමුඛයෙහි හෝ අනභි මුඛයෙහි හෝ නින්දා නොකෙරේද, යම්සේ කියන්නේද එසේ කරන්නේවේද, හෙතෙම ඒකාන්තයෙන් කක්කාරු පුෂ්පයට සුදුසු වේය”යි කීයේය.
කක්කාරුජාතකං ඡට්ඨං.
“යම් ගුරුළු භවනයෙක්හි මාගේ ප්රියාව වෙසේද, එයින් මේ සුගන්ධය හමයි. යමක කෙරෙහි මාගේ සිත ඇළුනේවේද? ඒ කාකාතිතොමෝ මෙයින් දුරවේ.
“ජම්බුද්වීප සමුද්රය කෙසේ එතෙර කෙළේද, ඉන් ඔබ්බෙහි කේබුක නම් ගංගාව කෙසේ එතෙර කෙළේද, සප්ත සීදන්ත සාගරයන් කෙසේ එතෙර කෙළේද, අපගේ හිඹුල් ගසට කෙසේ නැංගේද?
“තා කරණකොටගෙණ සමුද්රය එතෙර කෙළෙමි. තා කරණකොටගෙණ කේබුක නම් ගඟ එතෙර කෙළෙමි. තා කරණකොටගෙණ සප්ත සාගරයන් එතෙර කෙළෙමි. තා කරණකොට ගෙණ හිඹුල් ගසට නැගුනෙමි.
“යම් හෙයකින් මාගේ ප්රියාවට මම ම සොර සැමියා උසුලාගෙණ ගියෙම්ද, නැවත උසුලාගෙණ ආයෙම්ද, එසේ හෙයින් මහත්වූ ශරීරය ඇති මට නින්දා වේවා. මහත් සිරුර බැවින් සැහැල්ලු බව බර බව නොහැගෙන්නාවූ මට නින්දා වේවායි” කීයේය.
කාකවතීජාතකං සත්තමං.
“පින්වතිතොමෝ බොහෝ මළවුන් අතර විද්යාමානය හෙවත් ගණිනු ලැබේ. ඒ මළවුන් හා පවත්නී මට කිනම් තැනැත්තියක් වන්නීද, එහෙයින් ප්රියවූ නිතර සිනහ ඇත්තියට ශොක නොකරමි.
“ඉදින් ඒ අනුව ශොක කරන්නහුගේ යමක් යමක් නැද්ද, හෙවත් මළේද, ඒ ඒ මළහුට අනුව ශොක කරන්නේය. හැම කල්හි මරුවාගේ වසඟයට ගියාවූ මටම මම අනුව ශොක කරන්නෙමි.
“ඒ ආයු සංස්කාරය තෙම සිටින්නහු අනුවයයි නොනවතියි හුන්නහු අනුව යයි නොනවතියි. සයනය කරන්නහු අනුවයයි නොනවතියි. පෙරලීහොත්තහු අනුවයයි නොනවතියි. යම්බඳු ඇසිපිය හෙලීමක් නැඟීමක් වේද එබඳු සුළුකාලයෙහිද යෞවන ආදී වයස ගමන් කෙරේ.
“එහිලා ඒකාන්තයෙන් වයස් නොපිරිපුන් කල්හි වෙන්වීම සැක නැතිකල්හි නොමළහුට මෛත්රී කටයුතුයි. පහව ගියහුට හෙවත් මළහුට ශොකනොකොටයුතුයි” කීයේය.
අනනුසොචියජාතකං අට්ඨමං.