“බ්‍රහ්මදත්ත නම් රජ, යාඥා කරන්නේ නොලැබීමට හෝ වස්තුව ලැබීමට හෝ මේ දෙකට පැමිණේ. එසේමැයි. යාඥාව නම් මෙබඳු ස්වභාව ඇත්තීමැයි.
“පඤ්චාල දෙශවාසීන්ගේ රාජොත්තමය, යාඥාව හැඬීමකැයි පුරාතනයෝ කීහ. යමෙක් වනාහි ඉල්ලීම බැහැර කෙරේද? එය නැවත නැවත හැඬීමයයි කීහ.
“එහෙයින් රැස්වූ පඤ්චාල නම් රට වැස්සෝ හඬන්නාවූ මාද, නැවත හඬන්නාවූ තාද, නොදකිත්වායි මම රහස් කැමැත්තෙමි.
“බමුණ, තට වෘෂභයෙකු හා සමග රක්තවර්ණවූ දෙනුන් දහසක් දෙමි. එසේ මැයි ආර්යයෙක් වනාහි ආර්යවූ තොපගේ කරුණුවලින් යුක්තවූ ගාථාවන් අසා කෙසේ නම් නොදෙන්නේදැයි” කීයේය.
බ්‍රහ්මදත්තජාතකං තතියං.
“යසස් ඇත්තාවූ යම් මේ බැටළුවෙක් උතුම් ජාති හා මන්ත්‍රයෙන් යුක්තවූ බමුණාට බුහුමන් දක්වාද, මේ සිවුපාවා ඉතා යහපත් ස්වරූප ඇත්තේ විශේෂයෙන් උතුම්වූවෙක්ද, හික්මුනෙක්ද වේ.
“බමුණ, සිවුපාවාගේ ස්වල්ප දැකීමෙන් විශ්වාසයට නොපැමිණෙව. දැඩිවූ ප්‍රහාරයක් දෙනු කැමැත්තේ පසුබසී. දැඩි පහර දෙන්නේය.
“කලවා ඇටයද බිඳුනීය තවුස් පිරිකර බරද පෙරළී ගියේය. මෙහිදී බමුණාගේ කෙණ්ඩිය ආදීවූ සියලු භාණ්ඩද බිඳී ගියේය. තපස්වියා නසනු ලැබී. ඉදරියට දුවව්යයි දෙඅත් හිස බැඳගෙන හඬයි.
“යම්සේ නුවණ නැත්තාවූ මම අද බැටළුවා විසින් පහරණ ලද්දේ නටුයේ වීම්ද, එපරිදෙන් යමෙක් නොපිදිය යුත්තෙකුට නමස්කාර කෙරේද, හෙතෙම නටුයේ සයනය කෙරේයයි” කීයේය.
චම්මසාටකජාතකං චතුත්ථං.
“සංයම නැත්තාවූ තා ශ්‍රමණයෙකැයි සිතමින් එළඹියෙමි. එසේවූ මා හෙතෙම අශ්‍රමණයෙක් යම්සේද, එසේ දණ්ඩකින් ගැසුයේය.
“අඥානය, තට ජටාවලින් කවර ප්‍රයෝජනද? අඳුන් දිවි සමෙන් තට කිනම් ප්‍රයෝජනයෙක්ද? තාගේ ඇතුළත ලෝභාදීන් ගැවසී ගත්තේය. පිටත පිරිමදින්නෙහිය.
“ගොධය, මෙහි එව, නවතුව මට බොහෝවූ තෙල්ද, ලුණුද, තිප්පිලිද, ඇත. ඇල් හාලේ බත අනුභව කරව.
“මේ මම පුරුෂ ප්‍රමාණ සියයක් ඇති තුඹසකට නැවත ඇතුල් වන්නෙමි. තෙල්ද, ලුණුද මට ඇතැයි කීයෙහිය. මට තිප්පිලි ආදීවූ කටුක භාණ්ඩ හිත නොවේ යයි” කීයේය.
ගොධරාජජාතකං පඤ්චමං.
“යමෙක් ශරීරයෙන් අනුන් අයත්දේ නොගන්නේද, වචනයෙන් බොරු නොකියන්නේද, යශස් ලැබ මත් නොවන්නේද, ඒකාන්තයෙන් හෙතෙම කැකිරි මලට සුදුසු වෙයි.